ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තෙවැනි දිනය වු අද (21) පොලිස් පොලිස් ක්‍රීඩා සමාජය ඉනිමක හා ලකුණු 154ක ජයක් වාර්තා කළේය. මෙය පොලිස් පිල ලැබූ දෙවැනි පූර්ණ ජයග්‍රහණයවීම විශේෂත්වයකි. අද නිමාවූ අනෙක් සියලු තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
කෝල්ට්ස් පිටියේ පැවැති පොලිස් – හලාවත අතර තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජයේ අශේන් බණ්ඩාර ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම පන්දු 235කදී හයේ පහර 5ක් හා හතරේ පහර 16ක් සමඟ ලකුණු 200කින් සමන්විත විය.
හලාවත මේරියන්ස් පිල දෙවැනි ඉනිමේදී අසරණ කළ පොලිස් පිලේ දකුණත් පිට දඟ පන්දු යවන නලීන් ප්‍රියදර්ශන ලකුණු 37කට කඩුලු 6ක් බිද හෙලීමට සමත්වීමද කැපී පෙණුනි.
මේ අතර, මේ සතියේ ශතක ලාභීන් ලෙස කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ ලක්ෂාන් එදිරිසිංහ බඳුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 164කදී හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 116ක්, බ්ලූම්ෆීල්ඩ් පිලේ රවිඳු ප්‍රනාන්දු කෝල්ට්ස් පිලට එරෙහිව පන්දු 146කදී හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 100ක්, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජයේ තිලකරත්න සම්පත් පානදුර පිලට එරෙහිව පන්දු 269කදී හයේ පහර 5ක් හා හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 129ක්, පානදුර ක්‍රීඩා සමාජයේ ඔෂධ ප්‍රනාන්දු නුගේගොඩ පිලට එරෙහිව පන්දු 230කදී හතරේ පහර 13ක් සමඟ ලකුණු 128ක් රැස් කිරීමට සමත් වූහ.
ලකුණු සාරාංශය
පොලිස් – හලාවත මේරියන්ස් අතර තරගය කෝල්ට්ස් පිටියේදී පොලිස් පිලට ඉනිමක හා ලකුණු 154ක ජයක්
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 115.2කදී සියලු දෙනා දැවී ලකුණු 477
ධනුජ ඉඳුවර 18, ප්‍රියමාල් පෙරේරා 69, අශේන් බණ්ඩාර 200, විශාද් රන්දික 41, චතුරංග කුමාර 46, හිමේෂ් රාමනායක නොදැවී 70 (ඉරුෂ්ක තිමිර 172/5, මෙලන් හංසික 158/3, නිම්සර අතරගල්ල 68/2)
හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 64.4කදී සියලු දෙනා දැවී ලකුණු 153
තනුක දාබරේ 30, හිරාන් ජයසුන්දර 15, සකුන ලියනගේ 34, හර්ෂ කුරේ 31 (හිමේෂ් රාමනායක 39/2, දිලුම් සුධීර 45/3, නිපුන් ප්‍රේමරත්න32/3)
හලාවත මේරියන්ස් පිල දෙවැනි ඉනිම ඕවර් 57.4කදී සියලු දෙනා දැවී ලකුණු 170
ලසිත් ලක්ෂාන් 89, දර්ශික සන්දීප් 27, සකුන ලියනගේ 25 (නලීන් ප්‍රියදර්ශන 37/6, නිපුන් ප්‍රේමරත්න 32/2, දිලුම් සුධීර 57/2)
බ්ලූම්ෆීල්ඩ් – කෝල්ට්ස් අතර තරගය එන්සීසී පිටියේදී ජය පරාජයෙන් තොරයි
බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 77කදී සියලු දෙනා දැවී ලකුණු 233
මිනෙත් ප්‍රේමරත්න 20, රොන් චන්ද්‍රගුප්ත 42, ජනිත් ලියනගේ 56, රවිඳු ප්‍රනාන්දු 28, ළහිරු මධුසංඛ 39 (උදිත් මධුෂාන් 43/4, අකිල ධනංජය 52/2, මුදිත ලක්ෂාන් 18/2)
කෝල්ට්ස් පිල පළමු ඉනිම ඕවර් 77.2කදී සියලු දෙනා දැවී ලකුණු 299
රවිඳු රසාන්ත 32, සංගීත් කුරේ 52, දිනේෂ් චන්දිමාල් 32, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 96, ශෙරාන් ෆොන්සේකා 22, මුදිත ලක්ෂාන් 16, අකිල ධනංජය 20 (ජෙෆ්රි වැන්ඩර්සේ 88/6, රවිඳු ප්‍රනාන්දු 60/3)
බ්ලූම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිම ඕවර් 67කදී කඩුලු 9ක් දැවී ලකුණු 238
කසුන් අබේරත්න 28, රොන් චන්ද්‍රගුප්ත 36, කසුන් අබේරත්න 28, නිපුන් කරුණානාරයක 31, රවිඳු ප්‍රනාන්දු 100 (උදිත් මධුෂාන් 42/3, අකිල ධනංජය 75/3, කවිෂ්ක අංජුල 55/2)
පානදුර – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 48.4කදී සියලු දෙනා දැවී ලකුණු 118
ශලිත් ප්‍රනාන්දු 16, දුෂාන් විමුක්ති 44, සසිඳු මල්ෂාන් 22 (අබ්දූල් හකාම් 39/2, අනුක් ප්‍රනාන්දු 44/5, ලොහාන් ද සොයිසා 17/3)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 105කදී කඩුලු 5ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 318
මධුක ලියනපතිරණ 42, තිලකරත්න සම්පත් නොදැවී 129, කෙවීන් පෙරේරා 40, පැතුම් කුමාර 55, අක්රම් මුතාලිෆ් නොදැවී 23 (දුෂාන් විමුක්ති 84/3)
පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 77කදී කඩුලු 4ක් දැවී ලකුණු 307
ඔෂධ ප්‍රනාන්දු 128, විශ්ව චතුරංග 50, සසිඳු මල්ෂාන් 44, දුෂාන් හේමන්ත 22, ෂෙහාන් ජයසූරිය නොදැවී 31
එන්සීසී – මුවර්ස් අතර තරගය සීසීසී පිටියේදී ජය පරාජයෙන් තොරයි
එන්සීසී පිල පළමු ඉනිම ඕවර් 72කදී සියලු දෙනා දැවී ලකුණු 296
කමීල් මිෂාර 38, අහන් වික්‍රමසිංහ 97, කවීන් බණ්ඩාර 79, චාමික කරුණාරත්න 46 (සන්තුෂ් ගුණතිලක 62/2, රමේෂ් මෙන්ඩිස් 110/3, ප්‍රවීන් ජයවික්‍රම 56/3)
මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 92.5කදී සියලු දෙනා දැවී ලකුණු 317
සදීර සමරවික්‍රම 58, ජනිෂ්ක පෙරේරා 36 සිතාර ගිම්හාන 39, රමේෂ් මෙන්ඩිස් 47, ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 20, මිලාන් රත්නායක නොදැවී 29 (චාමික ගුණසේකර 27/2, අශේන් ඩැනියෙල් 66/2)
එන්සීසී පිල දෙවැනි ඉනිම ඕවර් 17කදී කඩුලු 2ක් දැවී ලකුණු 103
නිරෝෂන් දික්වැල්ල 35, ළහිරු උදාර නොදැවී 41, කමීල් මිෂාර 25
ටැමිල් යූනියන් – බීආර්සී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 84.3කදී සියලු දෙනා දැවී ලකුණු 309
නවෝද් පරණවිතාන 41, සිනෙත් ජයවර්ධන 27, සාරුජන් සන්මුගනාදන් 24, විහස් තෙව්මික 32, සචිත ජයතිලක 43, ළහිරු සමරකෝන් 31, විජේකාන්ත් වියස්කාන්ත් 59 (මොහොමඩ් සිරාස් 67/3, යසිරු රුද්‍රගූ 67/2, මොවින් සුබසිංහ 60/2, ශෂික දුල්ෂාන් 50/2)
බීආර්සී පළමු ඉනිම ඕවර් 106.4කදී කඩුලු 8ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 312
සමින්ද ප්‍රනාන්දු නොදැවී 92, හේෂාන් ධනුෂ්ක 72, රමින්ද විජේසූරිය 34, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 36, මොවින් සුබසිංහ 20 ( ළහිරු සමරකෝන් 58/, විජේකාන්ත් වියස්කාන්ත් 73/3)
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය දවැනි ඉනිම ඕවර් 14කදී කඩුලු 2ක් දැවී ලකුණු 76
නවෝද් පරණවිතාන 19, සිනෙත් ජයවර්ධන 16, සාරුජන් සන්මුගනාදන් නොදැවී 23, සචිත ජයතිලක නොදැවී 16 (මොවින් සුබසිංහ 33/2)
බඳුරලිය – කුරුණෑගල පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි
බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 76.5කදී සියලු දෙනා දැවී ලකුණු 211
රොෂාන් විජේනායක 50, රුමේෂ් බුද්ධික 76, විනුර දුල්සර 37, (දිනුෂ්ක මාලන් 50/2, චාමිකර එදිරිසිංහ 77/5, ගයන විරසිංහ 8/3)
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය ඕවර් 90.2කදී කඩුලු සියලු දෙනා දැවී ලකුණු 295
දිල්හාර පොල්ගම්පොල 31, මනෝජ් සරත්චන්ද්‍ර 17, ලක්ෂාන් එදිරිසිංහ 116, ගයන වීරසිංහ 52, සමීර සඳමාල් 34 (බුද්ධික සංජීව 80/4, චානක කොමසෝරු 58/4)
බඳුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 86කදී කඩුලු 5ක් දැවී ලකුණු 216
දිල්ෂාන් ද සොයිසා 49, අලංකාර අසංක ද සිල්වා 49, රොෂාන් විජේනායක 17, ගීත් කුමාර නොදැවී 31, රුමේෂ් බුද්ධික 49 (චාමිකර එදිරිසිංහ 81/2)






