slc
logo
Home   |    News
දෙසැම්බර් 20, 2025
කණ්ඩායම දක්ෂතා අතරට ගේන්න උපරිමය දෙනවා – ප්‍රමෝද්‍ය

sinhala editor

තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී තමාට විවේචන එල්ල වුවත්, නවක ක්‍රීඩකයින් දක්ෂතා අතරට ගෙන ඒම වෙනුවෙන් වූ අවධානම ගනිමින් තමන් කණ්ඩායමේ දියුණුවට කටයුතු කළ බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සදහන් කර සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු පැවැති මංගල මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් පවසා සිටියේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා සිටි නව තේරීම් කමිටු සභාපතිවරයා පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා කණඩායමේ වඩාත්ම විශ්වාසදායක පිතිකරුවා බවට පත්වීම ඊට හොඳම උදාහරණය ලෙස ද සඳහන් කර සිටියේය.

ඉකුත් 2021 සහ 2023 කාල සීමාවේදී පළමු වතාවට ක්‍රිකට් සභාපතිවරයා ලෙසින් පත් වික්‍රමසිංහ මහතා, 2023 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද පරාජයත් සමඟ එම තනතුරෙන් ඉවත් කරන ලදී. එම තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වැදි තරග 9 න් ජයගනු ලැබුවේ තරග 2 ක් පමණකි.

“මාව විවේචනය කළත්, ජ්‍යෙෂ්ඨයින් සමගින් තරුණ ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට ගෙන එන අවධානම මම ගත්තා. පැතුම් නිස්සංක ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක පිතිකරුවා බවට පත්ව ඇති ආකාරය ඒකට හොඳ උදාහරණයක්. අපි පැරදුණත්, කණ්ඩායම ලබපු දියුණුව මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මේ සඳහා ටික කාලයක් ගතවනවා‘ යැයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියි.

අදාළ තනතුර නැවත භාර ගැනීම සඳහා තමාට එතරම්ම කැමැත්තක් නොතිබූ බව සඳහන් කර සිටි නව තේරීම් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකරන ලද ආරාධනයකට අනුව තමා මෙම ධුරය භාර ගත් බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ, නමුත් ක්‍රීඩා සමාජ කීපයක් මගේ නම යෝජනා කරලා තිබුණා. නමුත් මම ඔවුන්ට කිව්වේ මගේ නම යෝජනා කරන්න එපා, මොකද මට මේග භාරගන්න වැඩි කැමැත්තක් නැති බව. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි ක්‍රීඩා අමාත්‍යවරයායි කතා කරලා කිව්වා මේක භාරගන්න කියලා. ඒ අනුව තමයි මම මේ තනතුර භාරගත්තේ“ යැයිද වික්‍රමසිිංහ මහතා කරුණු අනාවරණය කර සිටියේය.

“2023 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වනිඳු සහ දුස්මන්ත චමීර  කීඩකයින් ආබාධවලට ගොදුරු වුණා. අද අපිට පළපුරුදු කණ්ඩායමක් බවට පත් වෙලා ඉන්නවා. තරග ජයග්‍රහණය කිරීම සඳහා මෙම ක්‍රීඩකයින් පාවිච්චි කරන්න පුලුවන් හොඳම විදිය ගැන අපි සැලසුම් සකස් කළ යුතුයි. අපි ජයග්‍රහණය කරන විට පමණක් ශ්‍රේණිගත කිරීම්හි ඉහළට යන්න අවස්ථාව තියෙනවා“ යැයි සඳහන් කර සිටි තේරීම් කමිටු සභාපතිවරයා, “ක්‍රීඩකයින්ට උපරිම දක්ෂතා දක්වන්න අවශ්‍ය සියලුම දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දීලා තියෙනවා. අපේ ඊළඟ පියවර වෙන්නේ ඔවුන්ට ලබා දී තිබෙන දේ හරියට භාවිතා කරමින් ඔවුන්ව දස්කම් අතරට ගෙන ඒමයි. මම විශ්වාස කරනවා අපිට ලෝක මට්ටමේ ක්‍රීඩකයින් තුන් හතර දෙනෙක බිහිකරගන්න හැකියාව තියෙනවා නම් අපිට අනිවාර්යෙන්ම ජයග්‍රහණ වලට යන්න පුලුවන්“ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම අවස්ථාවට අලුතින් පත් පංච පුද්ගල තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් තිදෙනා වන විනෝදන් ජෝන්, තරංග පරණවිතාන සහ ඉන්දික ද සේරම් යන මහත්වරුත්, එකම සාමාජිකාව වන රසාංජලී ද අල්විස් මහත්මියත් සහසභාගිව සිටියහ.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය සදහා දසුන් ශානකව පත් කිරීමට තීරණය කරන ල්දදේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සමග කතා කිරීමෙන් පසුව බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය. “කළින් කමිටුවෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරාගෙන තිබුණා. අපි ජාතික උසස් කාර්යය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙරම් ජයරත්න මහතා සහ සනත් ජයසූරිය කතා කළා. ඒ අනුව තමයි මේ 25 දෙනා අපි ප්‍රකාශයට පත් කළේ. එතැනදි දසුන්ව අපි සලකන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු විදියට. අපි සනත් සමඟ කතා කරලා ඔවුන්ට අවශ්‍ය දේ සකස් කර දීමට කටයුතු කරනවා‘ යැයිද වැඩිදුරටත් පැවැසීය.

“කළින් කමිටුව කරමින් සිටි දේ අපිට දිගුටම කරගෙන යන්න සිදුවේව. ඔවුන් සැලැස්මක් අනුගමනය කරමින් සිටියා. මම ඇවිත් මෙතැන ගොඩක් දේවල් වෙනස් කරන්න හැදුවොත් මම හිතන්නේ ඒක සුදුසුයි කියලා. මගේ සැලැස්ම ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙම කණ්ඩායම එකට තියාගනිමින් හොඳම විදියට දක්ෂතා අතරට රැගෙන ඒමයි“ යැයි වික්‍රමසිංහ මහතා සදහන් කර සිටියේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee