ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තෙවැනි දිනය වු අද (14) නිමාවූ තරග අතුරින් නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කළේය.
එන්සීසී පිටියේදී හලාවත මේරියන්ස් පිලට එරෙහිව පැවැති මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක පිලට ලකුණු 94ක ඉලක්කයක් එල්ලවූ අතර, එක් කඩුල්ලක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට නුගේගොඩ ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ලොහාන් ද සොයිසා නොදැවී ලකුණු 51ක් හා තිලකරත්න සම්පත් නොදැවී ලකුණු 29ක් රැස් කළහ.
නුගේගොඩ පිලේ තිලකරත්න සම්පත් පළමු ඉනිමේදී ලකුණු 64ක්, පැතුම් කුමාර ලකුණු 57ක් හා අක්රම් මුතාලිෆ් ලකුණු 54ක් රැස්කළ අතර, මධුක ලියනපතිරණගේ හා තිලකරත්න සම්පත් තරගය පුරා හලාවත මේරියන්ස් කඩුලු 5 බැගින් බිද හෙලා ගත්හ.
මෙම සති අන්තයේ නිමාවූ තරගවලදී සීසීසී පිලේ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 183ක් ලබාගත් අතර, බීආර්සී පිලේ හේෂාන් ධනුෂ්ක ලකුණු 114ක්, එන්සීසී පිලේ කවීන් බණ්ඩාර ලකුණු 102ක් හා ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ සචිත ජයතිලක ලකුණු 102ක් රැස් කළහ.
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ වනුජ සහන් පන්දු යැවීමේදී එන්සීසී පිලට එරෙහිව කඩුලු 9ක් බිඳහෙළූ අතර, නොදැවී ලකුණු 120ක් ලබා තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ දස්කම් ප්‍රදර්ශනය කළේය.
එයට අමතරව අද දිනයේ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ මිනෝද් භානුක ලකුණු 66ක් හා සාරුජාන් සන්මුගනාදන් ලකුණු 60ක්, ළහිරු සමරකෝන් ලකුණු 73ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ පවන්ත වීරසිංහ ලකුණු 94ක්, පවන් පතිරාජ ලකුණු 66ක්, බ්ලූම්ෆීල්ඩ් පිලේ ළහිරු මධුසංඛ ලකුණු 92ක් හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ ලක්ෂාන් එදිරිසිංහ නොදැවී ලකුණු 73ක් වාර්තා කිරීමට සමත් වූහ.
පන්දු යැවීමේදී කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ කවිෂ්ක අංජුල පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 70කට කඩුලු 5ක් හා අද දෙවැනි ඉනිමේදී ලකුණු 45ට කඩුලු 5ක් බිඳහෙලමින් තරගය පුරා කඩුලු 10ක් බිද හෙලීමට සමත් වුවේය. එමෙන්ම කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ චාමික එදිරිසිංහ බීආර්සී පිලට එරෙහිව ලකුණු 95කට කඩුලු 6ක් හා මුවර්ස් ක්‍රීඩා සමාජේ ශිරාන් ප්‍රනාන්දු ටැමිල් යූනියන් පිලට එරෙහිව ලකුණු 51කට කඩුලු 5ක් බිදහෙලා ගත්හ.
ලකුණු සාරාංශය
හලාවත මේරියන්ස් – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය අතර එන්සීසී පිටියේ පැවැති තරගයෙන් නුගේගොඩ පිලට කඩුලු 9ක ජයක්
හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 61.1කදී සියලු දෙනා දැවී ලකුණු 203
තනුක දාබරේ 23, ෂම්මු අශාන් 18, සකුන ලියනගේ 21, නිම්සර අතරගල්ල නොදැවී 33, කෞමාල් නානායක්කාර 18 (මධුක ලියනපතිරණගේ 35/2, තිලකරත්න සම්පත් 45/2, ලොහාන් ද සොයිසා 43/3)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 110.2කදී සියලු දෙනා දැවී ලකුණු 321
පුලින්ඳු පෙරේරා 20, ලොහාන් ද සොයිසා 18, තිලකරත්න සම්පත් 64, පැතුම් කුමාර 57, කෙවින් පෙරේරා 24, අක්රම් මුතාලිෆ් 54, අනුක් ප්‍රනාන්දු 23, මධුක ලියනපතිරණ 31 (කල්හාර සේනාරත්න 62/2, නිම්සර අතරගල්ල 42/2)
හලාවත මේරියන්ස් පිල දෙවැනි ඉනිම ඕවර් 61කදී සියලු දෙනා දැවී ලකුණු 211
ලසිත් ලක්ෂාන් 20, තනුක දාබරේ 51, කසුන් විදුර 28, සකුණ ලියනගේ 44, නිම්සර අතරගල්ල 22 (මධුක ලියනපතිරණගේ 51/3, තිලකරත්න සම්පත් 66/3, අනුක් ප්‍රනාන්දු 35/2, අබ්දුල් හකීම් 31/2)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 30.2කදී කඩුලු 1ක් දැවී ලකුණු 96
ලොහාන් ද සොයිසා නොදැවී 51, තිලකරත්න සම්පත් නොදැවී 29
සීසීසී – බ්ලූම්ෆීල්ඩ් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගය ජය පරාජයෙන් තොරයි
සීසීසී පිල පළමු ඉනිම ඕවර් 120.4කදී කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 404
නිශාන් මධුෂ්ක 183, ධනංජය ද සිල්වා 40, පවන් රත්නායක 15, සොනාල් දිනූෂ 20, චමිඳු විජේසිංහ 72, නිශාන් පීරිස් 34 (ළහිරු මධුසංඛ 40/3, ජනිත් ලියනගේ 63/3, නිසල අබේරත්න 72/2)
බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 72කදී සියලු දෙනා දැවී ලකුණු 202
මිනෙත් ප්‍රේමරත්න 15, රවිඳු ප්‍රනාන්දු 37, ළහිරු මධුසංඛ 92 ( විශ්ව ප්‍රනාන්දු 47/4, නිශෘන් පීරිස් 48/2, චමිඳු විජේසිංහ 15/2)
සීසීසී පිල දෙවැනි ඉනිම ඕවර් 20කදී කඩුලු 2ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 57
නිශාන් මධුෂ්ක නොදැවී 26, අංජල බණ්ඩාර නොදැවී 17 (ජනිත් ලියනගේ 14/2)
පොලිස් ක්‍රීඩා සමාජය – කොල්ට්ස් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගය ජය පරාජයෙන් තොරයි
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 79.1කදී සියලු දෙනා දැවී ලකුණු 317
ධනුජ ඉඳුවර 51, දුලෂ් උදයංග 94, ප්‍රියමාල් පෙරේරා 28, අශේන් බණ්ඩාර 79, විශාද් රන්දික 18, දිලුම් සුධීර 23 (කවිෂ්ක අංජුල 70/5, අකිල ධනංජය 85/3)
කොල්ට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 96.3කදී සියලු දෙනා දැවී ලකුණු 274
රවිඳු රසාන්ත 15, සංගීත් කුරේ 17, දිනේෂ් චන්දිමාලේ 61, දුනිත් වෙල්ලාලගේ 99, සනෝජ් දර්ශික 16, කවිෂ්ක අංජුල 26, ෂෙරාන් ප්‍රනාන්දු 23 (නලීන් ප්‍රියදර්ශන 83/2, දිලුම් සුධීර 63/2, නිපුන් ප්‍රේමරත්න 52/4)
පොලිස් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 61.2කදී සියලු දෙනා දැවී ලකුණු 179
කුසල් පෙරේරා 28, චතුරංග කුමාර 48, දිලුම් සුධීර 19, නලීන් ප්‍රියදර්ශන නොදැවී 32 (කවිෂ්ක අංජුල 45/5, අකිල ධනංජය 63/3)
කොල්ට්ස් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 4කදී කිසිවෙකු නොදැවී ලකුණු 15
රවිඳු රසාන්ත නොදැවී 12
එන්සීසී – ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය අතර එස්එස්සී පිටියේ පැවැති තරගය ජය පරාජයෙන් තොරයි
එන්සීසී පිල පළමු ඉනිම ඕවර් 94.2කදී සියලු දෙනා දැවී ලකුණු 333
ළහිරු උදාර 70, විනුක රූබසිංහ 76, කමීල් මිෂාර 37, චාමික කරුණාරත්න 52, අශේන් ඩැනියෙල් නොදැවී 35 (රෝෂාන් ජයතිස්ස 98/3, වනුජ සහන් 88/5)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 65.5කදී සියලු දෙනා දැවී ලකුණු 288
රනේෂ් සිල්වා 33, වනුජ සහන් 120, ඉසිත විජේසුන්දර 16, දනාල් හේමනන්ද 29, රොෂාන් ජයතිස්ස 30 (චාමික කරුණාරත්න 69/4, ලසිත් ඇඹුල්දෙනිය 72/2, අේන් ඩැනියෙල් 43/2)
එන්සීසී පිල දෙවැනි ඉනිම ඕවර් 51කදී කඩුලු 9ක් දැවී ලකුණු 206
විනුක රූබසිංහ 32, අහන් වික්‍රමසිංහ 16, කවීන් බණ්ඩාර 102, චාමික ගුණසේකර නොදැවී 20 (වනුජ සහන් 77/4, ඉසිත විජේසුන්දර 42/3)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 29කදී කඩුලු 2ක් දැවී ලකුණු 181
පවන්ත වීරසිංහ 94, පවන් පතිරාජ 66 රනේෂ් සිල්වා නොදැවී 18
මුවර්ස් ක්‍රීඩා සමාජය – ටැමිල් යූනියන් අතර වෙළගෙදර ක්‍රීඩා පිටියේ පැවැති තරගය ජය පරාජයෙන් තොරයි
මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 131.3කදී සියලු දෙනා දැවී ලකුණු 393
සදීර සමරවික්‍රම 40, ජනිෂ්ක පෙරේරා 39, සොහාන් ඩී ලිවේරා 60, පසිඳු සූරියබණ්ඩාර 91, සිතාර ගිම්හාන 47, රමේෂ් මෙන්ඩිස් 43, සන්තුෂ් ගුණතිලක 15, ශිරාන් ප්‍රනාන්දු 18 (තරිඳු රත්නායක 117/6, කවිඳු දිල්හාර 47/2 )
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 91.2කදී සියලු දෙනා දැවී ලකුණු 350
මිනෝද් භානුක 66, සාරුජාන් සන්මුගනාදන් 60, සචිත ජයතිලක 102, ළහිරු සමරකෝන් 73 (ශිරාන් ප්‍රනාන්දු 51/5, ප්‍රවීන් ජයවික්‍රම 83/3)
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – බීආර්සී අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගය ජය පරාජයෙන් තොරයි
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 88කදී සියලු දෙනා දැවී ලකුණු 289
දිල්හාර පොල්ගම්පොල 22, මනෝජ් සරත්චන්ද්‍ර 53, ලක්ෂාන් එදිරිසිංහ 22, සමීර සඳමාල් 37, චාමික එදිරිසිංහ 45, දිනුෂ්ක මාලන් නොදැවී 34, ළහිරු ජයරත්න 15 (මොහොමඩ් සිරාස් 74/4, ශෂික දිල්ෂාන් 77/4)
බීආර්සී පිල පළමු ඉනිම ඕවර් 99.1කදී සියලු දෙනා දැවී ලකුණු 322
හේෂාන් ධනුෂ්ක 114, සමින්ද ප්‍රනාන්දු 47, හෂාන් දුමින්ද නොදැවී 43, රමින්ද විජේසූරිය 35, ප්‍රමෝද් මධුවන්ත 21, මුවින් අභීනාෂ් 18 (චාමික එදිරිසිංහ 95/6, රන්දීර රණසිංහ 44/2)
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 60කදී කඩුලු 7ක් දැවී ලකුණු 196
දිල්හාර පොල්ගම්පොල 15, ගයාන් මනීෂාන් 35, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 73, ළහිරු ජයරත්න 19 (මොහොමඩ් සිරාස් 62/2, ශෂික දිල්ෂාන් 64/2, මුවින් අභීනාෂ් 42/2)





