ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ දෙවැනි දිනය වු අද (13) ශතක තුනක් වාර්තා විය.
සීසීසී පිලේ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 340කදී හතරේ පහර 13ක් සමඟ ලකුණු 183ක් ලබාගත් අතර, බීආර්සී පිලේ හේෂාන් ධනුෂ්ක පන්දු 156කදී හතරේ පහර 15ක් සමඟ ලකුණු 114ක් ලබා ගනිද්දී ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ වනුජ සහන් පන්දු යැවීමේදී එන්සීසී පිලට එරෙහිව ඊයේ දිනයේ ලකුණු 88කට කඩුලු 5ක් බිඳහෙලමින් දස්කම් දැක්වූ අතර, අද දිනයේ පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 120ක් ලබා ගැනීමට සමත් විය.
කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ දුනිත් වෙල්ලාලගේ ශතකය සම්පූර්ණ කිරීමට තවත් ලකුණක් පමණක් අවශ්‍යව තිබියදී අවාසනාවන්ත ලෙස ලකුණු 99කට දැවී ගියේය. එම ප්‍රහාරයත් සමඟ අද දිනයේ අර්ධ ශතක 8ක් එක් කරමින් කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ දිනේෂ් චන්දිමාල් ලකුණු 61, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජයේ තිලකරත්න සම්පත් ලකුණු 64ක්, පැතුම් කුමාර ලකුණු 57ක්, අක්රම් මුතාලිෆ් ලකුණු 54ක්, සීසීසී පිලේ චමිඳු විජේසිංහ ලකුණු 72ක්, මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 91 හා හලාවත මේරියන්ස් පිලේ තනුක දාබරේ නොදැවී ලකුණු 50ක් ලබා ගත්හ.
පන්දු යැවීමේදී ටැමිල් යූනියන් පිලේ තරිඳු රත්නායක මුවර්ස් පිලට එරෙහිව ලකුණු 117කට කඩුලු 6ක් බිදහෙලීමට සමත් විය.
ලකුණු සාරාංශය
සීසීසී – බ්ලූම්ෆීල්ඩ් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
සීසීසී පිල පළමු ඉනිම ඕවර් 120.4කදී කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 156
නිශාන් මධුෂ්ක 183, ධනංජය ද සිල්වා 40, පවන් රත්නායක 15, සොනාල් දිනූෂ 20, චමිඳු විජේසිංහ 72, නිශෘන් පීරිස් 34 (ළහිරු මධුසංඛ 40/3, ජනිත් ලියනගේ 63/3, නිසල අබේරත්න 72/2)
බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 2.3කදී කඩුලු 1ක් දැවී ලකුණු 5
පොලිස් ක්‍රීඩා සමාජය – කොල්ට්ස් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 79.1කදී සියලු දෙනා දැවී ලකුණු 317
ධනුජ ඉඳුවර 51, දුලෂ් උදයංග 94, ප්‍රියමාල් පෙරේරා 28, අශේන් බණ්ඩාර 79, විශාද් රන්දික 18, දිලුම් සුධීර 23 (කවිෂ්ක අංජුල 70/5, අකිල ධනංජය 85/3)
කොල්ට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 82කදී කඩුලු 6ක් දැවී ලකුණු 239
රවිඳු රසාන්ත 15, සංගීත් කුරේ 17, දිනේෂ් චන්දිමාලේ 61, දුනිත් වෙල්ලාලගේ 99, සනෝජ් දර්ශික 16, කවිෂ්ක අංජුල නොදැවී 14 (නලීන් ප්‍රියදර්ශන 74/2, දිලුම් සුධීර 54/2)
හලාවත මේරියන්ස් – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය අතර එන්සීසී පිටියේදී
හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 61.1කදී සියලු දෙනා දැවී ලකුණු 203
තනුක දාබරේ 23, ෂම්මු අශාන් 18, සකුන ලියනගේ 21, නිම්සර අතරගල්ල නොදැවී 33, කෞමාල් නානායක්කාර 18 (මධුක ලියනපතිරණගේ 35/2, තිලකරත්න සම්පත් 45/2, ලොහාන් ද සොයිසා 43/3)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 110.2කදී සියලු දෙනා දැවී ලකුණු 321
පුලින්ඳු පෙරේරා 20, ලොහාන් ද සොයිසා 18, තිලකරත්න සම්පත් 64, පැතුම් කුමාර 57, කෙවින් පෙරේරා 24, අක්රම් මුතාලිෆ් 54, අනුක් ප්‍රනාන්දු 23, මධුක ලියනපතිරණ 31 (කල්හාර සේනාරත්න 62/2, නිම්සර අතරගල්ල 42/2)
හලාවත මේරියන්ස් පිල දෙවැනි ඉනිම ඕවර් 9කදී කිසිවෙකු නොදැවී ලකුණු 61
ලසිත් ලක්ෂාන් නොදැවී 8, තනුක දාබරේ නොදැවී 50
එන්සීසී – ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය අතර එස්එස්සී පිටියේදී
එන්සීසී පිල පළමු ඉනිම ඕවර් 94.2කදී සියලු දෙනා දැවී ලකුණු 333
ළහිරු උදාර 70, විනුක රූබසිංහ 76, කමීල් මිෂාර 37, චාමික කරුණාරත්න 52, අශේන් ඩැනියෙල් නොදැවී 35 (රෝෂාන් ජයතිස්ස 98/3, වනුජ සහන් 88/5)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 65කදී කඩුලු 9ක් දැවී ලකුණු 288
රනේෂ් සිල්වා 33, වනුජ සහන් නොදැවී 120, ඉසිත විජේසුන්දර 16, දනාල් හේමනන්ද 29, රොෂාන් ජයතිස්ස 30 (චාමික කරුණාරත්න 69/4, ලසිත් ඇඹුල්දෙනිය 72/2)
මුවර්ස් ක්‍රීඩා සමාජය – ටැමිල් යූනියන් අතර වෙළගෙදර ක්‍රීඩා පිටියේදී
මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 131.3කදී සියලු දෙනා දැවී ලකුණු 393
සදීර සමරවික්‍රම 40, ජනිෂ්ක පෙරේරා 39, සොහාන් ඩී ලිවේරා 60, පසිඳු සූරියබණ්ඩාර 91, සිතාර ගිම්හාන 47, රමේෂ් මෙන්ඩිස් 43, සන්තුෂ් ගුණතිලක 15, ශිරාන් ප්‍රනාන්දු 18 (තරිඳු රත්නායක 117/6, කවිඳු දිල්හාර 47/2 )
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 18කදී කඩුලු 2ක් දැවී ලකුණු 66
මිනෝද් භානුක නොදැවී 29, සාරුජාන් සන්මුගනාදන් නොදැවී 20 (සන්තුෂ් ගුණතිලක 33/1, ශිරාන් ප්‍රනාන්දු 8/1)
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – බීආර්සී අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 88කදී සියලු දෙනා දැවී ලකුණු 289
දිල්හාර පොල්ගම්පොල 22, මනෝජ් සරත්චන්ද්‍ර 53, ලක්ෂාන් එදිරිසිංහ 22, සමීර සඳමාල් 37, චාමික එදිරිසිංහ 45, දිනුෂ්ක මාලන් නොදැවී 34, ළහිරු ජයරත්න 15 (මොහොමඩ් සිරාස් 74/4, ශෂික දිල්ෂාන් 77/4)
බීආර්සී පිල පළමු ඉනිම ඕවර් 69කදී කඩුලු 2ක් දැවී ලකුණු 235
හේෂාන් ධනුෂ්ක 114, සමින්ද ප්‍රනාන්දු 47, හෂාන් දුමින්ද නොදැවී 43, රමින්ද විජේසූරිය නොදැවී 28 (දිනුෂ්ක මාලන් 52/1, චාමික එදිරිසිංහ 65/1)






