ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ ප්‍රථම දිනය වු අද (27) ශතක 3ක් වාර්තා විය. සීසීසී පිලේ ලසිත් කෘස්පුල්ලේ පන්දු 174කදී හයේ පහර 3ක් හා හතරේ පහර 21ක් සමඟ ලකුණු 155ක්, කමිඳු මෙන්ඩිස් පන්දු 166කදී හයේ පහර 3ක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු114ක් හා බ්ලූම්ෆීල්ඩ් පිලේ ජනිත් ලියනගේ පන්දු 169කදී හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 107ක් එක් කළහ.
සීසීසී හා කෝල්ට්ස් අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලසිත් කෘස්පුල්ලේ හා කමිඳු මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට පන්දු 323කදී ලකුණු 267ක සබඳතාවක් ගොඩනැගීම ද කැපී පෙණුනි.
අද දින පිතිකරණයේදී හලාවත මේරියන්ස් පිලේ ලසිත් ලක්ෂාන් ලකුණු 53ක් හා කසුන් විඳුර නොදැවී ලකුණු 89ක්, කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ පිලේ ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 74ක්, බඳුරලිය ක්‍රීඩා සමාජයේ දිල්ෂාන් ද සොයිසා ලකුණු 78ක්, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජයේ පවන්ත වීරසිංහ ලකුණු 54ක්, රනේෂ් සිල්වා ලකුණු 61ක් හා රවීන් ද සිල්වා ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වූහ.
පන්දු යැවීමේදී නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජයට එරෙහිව මුවර්ස් පිලේ මිලාන් රත්නායක ලකුණු 26කට කඩුලු 6ක් දවාලූවේ තම පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීමේ වාර්තාවටද හිමිකම් කියමිනි. ඊට අමතරව කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට එරෙහිව එන්සීසී පිලේ කවිඳු පතිරත්න ලකුණු 48කට කඩුලු 5ක් බිඳ හෙලා ගත්හ.
ලකුණු සාරාංශය
බ්ලූම්ෆීල්ඩ් – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය අතර තරගය සීසීසී පිටියේදී
බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 85. 2කදී සියලු දෙනා දැවී ලකුණු 320
මිනෙත් ප්‍රේමරත්න 31, රොන් චන්ද්‍රගුප්ත 32, ජනිත් ලියනගේ 107, රවිඳු ප්‍රනාන්දු 38, ළහිරු මධුසංඛ 41, දුවිඳු තිලකරත්න නොදැවී 20 (අනුක් ප්‍රනාන්දු 40/3, මධුෂ්ක ලියනපතිරණ 70/3, සුවත් මෙන්ඩිස් 35/2)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 4කදී එක් කඩුල්ලකට ලකුණු 12
(ජෙෆ්රි වැන්ඩර්සේ 2/1)
හලාවත මේරියන්ස් – පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය එන්සීසී පිටියේදී
හලාවත මේරියන්ස් පළමු ඉනිම ඕවර් 82.2කදී කඩුලු 7කට ලකුණු 259
ලසිත් ලක්ෂාන් 53, ෂම්මු අෂාන් 24, කසුන් විඳුර නොදැවී 89, උදයවංශ පරාක්‍රම 30, තීක්ෂල ද සිල්වා නොදැවී 24 ( අසංක මනෝජ් 61/2, මහිත් පෙරේරා 16/2)
සීසීසී – කෝල්ට්ස් අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
සීසීසී පළමු ඉනිම ඕවර් 82කදී කඩුලු 3කට ලකුණු 382
ලසිත් කෘස්පුල්ලේ 155, කමිඳු මෙන්ඩිස් 114, ධනංජය ද සිල්වා නොදැවී 44, පවන් රත්නායක නොදැවී 48 ( අනිල ධනංජය 62/2)
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – එන්සීසී අතර තරගය හම්බන්තොටදී
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය ඕවර් 70කදී සියලු දෙනා දැවී ලකුණු 217
ධනුෂ්ක ධර්මසිරි 21, දිල්හාර පොල්ගම්පොල 34, ලක්ෂාන් එදිරිසිංහ 74, දිනුෂ්ක මාලන් 32 ( කවිඳු පතිරත්න 48/5, ළහිරු කුමාර 25/3)
එන්සීසී පළමු ඉනිම ඕවර් 8කදී කඩුලු 2කට ලකුණු 22
ළහිරු ජයරත්න 16/1, දිනුෂ්ක මාලන් 6/1)
බඳුරලිය – බීආර්සී අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී
බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 81කදී කඩුලු 6ක් දැවී ලකුණු 209
දිල්ෂාන් ද සොයිසා 78, රොස්කෝ ටාටිල් 40, විනුර දුල්සර නොදැවී 44, අලංකාර අසංක ද සිල්වා නොදැවී 26 (මොහොමඩ් සිරාස් 45/3, සහන් අදීෂ අප්පුහාමි 39/2)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය – මුවර්ස් අතර තරගය කොල්ට්ස් ක්‍රීඩාංගණයේදී
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 82.3කදී සියලු දෙනා දැවී ලකුණු 252
පවන්ත වීරසිංජහ 54, රනේෂ් සිල්වා 61, රවීන් ද සිල්වා 68, ඉසිත විජේනායක 23 (මිලාන් රත්නායක 26/6, ෂිරාන් ප්‍රනාන්දු 57/2)
මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 3කදී කිසිවෙකු නොදැවී ලකුනු 4 යි





