ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ දෙවැනි දිනය වු අද (28) සීසීසී පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 595ක් ලබා අත්හිටුවද්දී ශතක 2ක් හා අර්ධ ශතක 4ක් වාර්තා විය.
මෙම ලකුණු එකතුව මෙවර තරගාවලියේ කණ්ඩායමක් ඉනිමක් තුල රැස්කළ වැඩිම ලකුණු ගණනවීමද විශේෂත්වයකි. කොල්ට්ස් පිල අද දිනය නිමාවෙද්දී කඩුලු 4කට ලකුණු 119ක් රැස්කළ හෙයින් සීසීසී පිල පළමු ඉනිමේ ලකුණු 476ක් ඉදිරියෙන් සිටී.
ඊයේ පළමු දිනයේදී ලසිත් කෘස්පුල්‍ලේ පන්දු 174කදී හයේ පහර 3ක් හා හතරේ පහර 21ක් සමඟ ලකුණු 155ක්, කමිඳු මෙන්ඩිස් පන්දු 166කදී හයේ පහර 3ක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු114ක් ලබා සිටි අතර, අද දිනයේ ධනංජය ද සිල්වා ලකුණු 88ක්, පවන් රත්නායක ලකුණු 77ක්, සොනාල් දිනූෂ නොදැවී ලකුණු 55ක් හා සහන් කෝසල ලකුණු 81ක් සීසීසී ලකුණු පුවරුවට එක් කළහ.
අද දින පිතිකරණයේදී පානදුර ක්‍රීඩා සමාජයේ විශ්ව චතුරංග පන්දු 164කදී හතරේ පහර 113ක් සමඟ ලකුණු 111ක් ලබාගත් අතර, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජයේ මධුෂ්ක ලියනපතිරණ ලකුණු 60ක්, කෙවීන් පෙරේරා ලකුණු 54ක් හා රාහුල් ගුණසේකර ලකුණු 73ක්, හලාවත මේරියන්ස් පිලේ කසුන් විඳුර ලකුණු 98ක්, කෝල්ට්ස් පිලේ සංගීත් කුරේ ලකුණු 50ක්, එන්සීසී පිලේ කමිල් මිෂාර ලකුණු 91ක්, සහන් ආරච්චිගේ ලකුණු 64ක්, බඳුරලිය ක්‍රීඩා සමාජයේ විනුර දුල්සර ලකුණු 56ක්, අලංකාර අසංක ද සිල්වා ලකුණු 59ක්, මුවර්ස් පිලේ සොහාන් ද ලිවේරා ලකුණු 82ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 62ක් ලබා ගත්හ.
පන්දු යැවීමේදී බීආර්සී පිලේ මොහොමඩ් සිරාස් ලකුණු 76කට කඩුලු 5ක් බිදහෙළූහ.
ලකුණු සාරාංශය
බ්ලූම්ෆීල්ඩ් – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය අතර තරගය සීසීසී පිටියේදී
බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 85. 2කදී සියලු දෙනා දැවී ලකුණු 320
මිනෙත් ප්‍රේමරත්න 31, රොන් චන්ද්‍රගුප්ත 32, ජනිත් ලියනගේ 107, රවිඳු ප්‍රනාන්දු 38, ළහිරු මධුසංඛ 41, දුවිඳු තිලකරත්න නොදැවී 20 (අනුක් ප්‍රනාන්දු 40/3, මධුෂ්ක ලියනපතිරණ 70/3, සුවත් මෙන්ඩිස් 35/2)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 81.5කදී සියලු දෙනා දැවී ලකුණු 271
මධුෂ්ක ලියනපතිරණ 60, තිලකරත්න සම්පත් 40, කෙවීන් පෙරේරා 54, රාහුල් ගුණසේකර 73, අනුක් ප්‍රනාන්දු 15
(දෙවිඳු තිලකරත්න 53/4, රවිඳු ප්‍රනාන්දු 68/2, ජෙෆ්රි වැන්ඩර්සේ 58/2)
බ්ලූම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිම ඕවර් 10කදී කඩුලු 1ක් දැවී ලකුණු 35
මිනෙත් ප්‍රේමරත්න නොදැවී 13, තරිඳු ගුරුගේ නොදැවී 13 (මධුෂ්ක ලියනපතිරණ 12/1)
හලාවත මේරියන්ස් – පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය එන්සීසී පිටියේදී
හලාවත මේරියන්ස් පළමු ඉනිම ඕවර් 97කදී සියලු දෙනා දැවී ලකුණු 322
ලසිත් ලක්ෂාන් 53, ෂම්මු අෂාන් 24, කසුන් විඳුර 98 උදයවංශ පරාක්‍රම 30, තීක්ෂල ද සිල්වා 39, තිසුම් දිසානායක 20, ඉරුෂ්ක තිමිර ( අසංක මනෝජ් 93/2, දුෂාන් විමුක්ති 52/2, මහිත් පෙරේරා 16/2)
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 64.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 225
කාංචන ද ලිවේරා 44, විශ්ව චතුරංග 111, මහිත් පෙරේරා 16, දුෂාන් විමුක්ති නොදැවී 27 (තීක්ෂල ද සිල්වා 40/3)
සීසීසී – කෝල්ට්ස් අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
සීසීසී පළමු ඉනිම ඕවර් 120.2කදී කඩුලු 6කට (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 595
ලසිත් කෘස්පුල්‍ලේ 155, කමිඳු මෙන්ඩිස් 114, ධනංජය ද සිල්වා 88, පවන් රත්නායක 77, සොනාල් දිනූෂ නොදැවී 55, සහන් කෝසල 81 ( අනිල ධනංජය 106/3, දුනිත් වෙල්ලාලගේ 144/2)
කෝල්ට්ස් පිල පළමු ඉනිම ඕවර් 48කදී කඩුලු 4කට ලකුණු 119
රවිඳු ප්‍රනාන්දු 47, සංගීත් කුරේ 50, (විශ්ව ප්‍රනාන්දු 16/2, නිශාන් පීරිස් 30/2)
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – එන්සීසී අතර තරගය හම්බන්තොටදී
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 70කදී සියලු දෙනා දැවී ලකුණු 217
ධනුෂ්ක ධර්මසිරි 21, දිල්හාර පොල්ගම්පොල 34, ලක්ෂාන් එදිරිසිංහ 74, දිනුෂ්ක මාලන් 32 ( කවිඳු පතිරත්න 48/5, ළහිරු කුමාර 25/3)
එන්සීසී පළමු ඉනිම ඕවර් 86කදී කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 301
කමිල් මිෂාර 91, කවිඳු පතිරත්න 19, අහන් වික්‍රමසිංහ 17, සහන් ආරච්චිගේ 64, කවීන් බණ්ඩාර 38, ළහිරු කුමාර නෙදැවී 22, ලසිත් ඇඹුල්දෙනිය නොදැවී 14 (ළහිරු ජයරත්න 54/3, දිනුෂ්ක මාලන් 70/2, චාමික එදිරිසිංහ 104/2, සමීර සඳමාල් 49/2)
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 10කදී කඩුලු 1ක් දැවී ලකුණු 40
ධනුෂ්ක ධර්මසිරි 19 ( කවිඳු පතිරත්න 16/1)
බඳුරලිය – බීආර්සී අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී
බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 115.5කදී සියලු දෙනා දැවී ලකුණු 290
දිල්ෂාන් ද සොයිසා 78, රොස්කෝ ටාටිල් 40, විනුර දුල්සර 56, අලංකාර අසංක ද සිල්වා 59, (මොහොමඩ් සිරාස් 76/5, සහන් අදීෂ අප්පුහාමි 49/2)
බීආර්සී පළමු ඉනිම ඕවර් 53කදී කඩුලු 4ක් දැවී ලකුණු 99
රිසිර වීරසූරිය 25, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 26, රොෂාන් සිල්වා 17, යසිරු රොද්‍රිගූ නොදැවී 14 (චානක කොමසෝරු 21/2)
ඒස් කැපිටල් – මුවර්ස් අතර තරගය කොල්ට්ස් ක්‍රීඩාංගණයේදී
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 82.3කදී සියලු දෙනා දැවී ලකුණු 252
පවන්ත වීරසිංජහ 54, රනේෂ් සිල්වා 61, රවීන් ද සිල්වා 68, ඉසිත විජේනායක 23 (මිලාන් රත්නායක 26/6, ෂිරාන් ප්‍රනාන්දු 57/2)
මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 90කදී කඩුලු 7ක් දැවී ලකුණු 336
සදීර සමරවික්‍රම 17, සොහාන් ද ලිවේරා 82, පසිඳු සූරියාරච්චි 48, සිතාර ගිම්හාන 39, රමේෂ් මෙන්ඩිස් 62, ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 33, මිලාන් රත්නායක නොදැවි 26 (වනුජ සහන් 89/3, හේෂාන් හෙට්ටිආරච්චි 82/2)





