ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ ප්‍රථම දිනයේ (2) කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ ගයාන් මනීශාන් පන්දු 162කදී හයේ පහර 5ක් හා හතරේ පහර 15ක් සමඟ ලකුණු160ක් ලබා දස්කම් දැක්වීය. ටැමිල් යූනියන් පිලට එරෙහිව එන්සීසී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ගයාන් මනීෂාන් හා ගයන වීරසිංහ එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 135කදී ලකුණු 97ක් ලබා ගැනීමත් සමඟ කුරුණෑගල පිල පළමු ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 331ක් ලබා සිටියේය.
පන්දු යැවීමේදී කැපී පෙණුන දක්ෂතා දැක් වූ බඳුරලිය පිලේ වමතින් මඳ වේග පන්දු යවන අදීශ තිලංචන ලකුණු 67කට කඩුලු 5ක් බිදහෙලීය.
මේ අතර පානදුර පිලේ ෂෙහාන් ජයසූරිය ලකුණු 69ක්, ශ්‍රී ලංකා පොලීසියේ ධනුජ ඉඳුවර ලකුණු 60ක්, අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 74ක්, එන්සීසී පිලේ විනුක රූබසිංහ ලකුණු 77ක්, සහන් ආරච්චිගේ ලකුණු 76ක්, කුරුණෑගල පිලේ සමීර සඳමාල් නොදැවී ලකුණු 72ක් සහ බීආර්සී පිලේ රමින්ද විජේසූරිය ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වූහ.
ලකුණු සාරාංශය
බ්ලූම්ෆීල්ඩ් – පානදුර අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී.
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 65කදී කඩුලු 8ක් දැවී ලකුණු 213 කංචන ද ලිවේරා 21, විශ්ව චතුරංග 33, ෂෙහාන් ජයසූරිය 69, දුශාන් විමුක්ති 40 (දුලාජ් සමුදිත 48/2, රවිඳු ප්‍රනාන්දු 49/2, ජෙෆ්රි වැන්ඩර්සේ 50/2)
පොලිස් ක්‍රීඩා සමාජය – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජයඅතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 58කදී කඩුලු 4ක් දැවී ලකුණු 210 ධනුජ ඉඳුවර 60, ප්‍රියමාල් පෙරේරා 23, අශේන් බණ්ඩාර නොදැවී 74, විශාද් රන්දික නොදැවී 41 (නිපුන් මාලිංග 34/1)
සීසීසී සහ හලාවත මේරියන්ස් අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 55.2කදී සියලුම දෙනා දැවී ලකුණු 185
තරිඳු අමරසිංහ 47, හිරාන් ජයසූන්දර 28, කසුන් විදුර 46, තීක්ෂල ද සිල්වා 17
(අසිත ප්‍රනාන්දු 31/4, නිශාන් පීරිස් 35/2, සොනාල් දිනූෂ 33/2)
සීසීසී පළමු ඉනිම ඕවර් 15කදී කඩුලු 4ක් දැවී ලකුණු 62
ලසිත් කෲස්පුල්ලේ 27, සොනාල් දිනූෂ නොදැවී 14 ( තීක්ෂල ද සිල්වා 30/3)
එන්සීසී – බඳුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
එන්සීසී පළමු ඉනිම ඕවර් 68කදී කඩුලු 6ක් දැවී ලකුණු 244
ළහිරු උදාර 47, විනුක රූබසිංහ 77, සහන් ආරච්චිගේ 76, චාමික කරුණාරත්න නොදැවී 16 (අදීශ තිලංචන 67/5)
ටැමිල් යූනියන් – කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගය එන්සීසී ක්‍රීඩාංගණයේ දී.
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 80කදී කඩුලු 5ක් දැවී ලකුණු 331
ගයාන්මනීශාන් 160, ලක්ෂාන් එදිරිසිංහ 27, මනෝජ් සරත්චන්ද්‍ර 29, සමීර සඳමාල් නොදැවී 72, චමෝද් සඳරු නොදැවී 25 (කවිඳු දිල්හාර 82/2, විජයකාන්ත් වියස්කාන්ත් 88/2)
බීආර්සී – ඒස් කැපිටල් අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී.
බීආර්සී පළමු ඉනිම ඕවර් 71.1කදී සියලු දෙනා දැවී ලකුණු 233
හේෂාන් ධනුෂ්ක ප්‍රනාන්දු 37, සමින්ද ප්‍රනාන්දු 20, ප්‍රමෝද් මදුවන්ත 23, රමින්ද විජේසූරිය 80, යසිරු රොද්‍රිගෝ 21 (ඉසිත විජේසුන්දර 52/2, රොශාන් ජයතිස්ස 69/3, වනුජ සහන් 39/4)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 11කදී කඩුලු 3ක් දැවී ලකුණු 23





