slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2019
චමරිගෙන් දැවැන්ත ප්‍රහාරයක් : ඕස්ට්‍රේලියාව ජයගනී

Sri Lanka Cricket

ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 20-20 නායිකාව චමරි අතපත්තු කාන්තා ක්‍රිකට් ලෝකසූරියන් වන ඕස්ට්‍රේලියාවේ පන්දු යවන්නියන්ට පිටිය පුරා සිසාරා හයේ හතරේ පහර එල්ල කරමින් පන්දු 66කදී ලකුණු 113ක් රැස්කරමින් වාර්තාවන්ද පිහිටුවූවාය.

ඕස්ට්‍රේලියාව මේ තරගයේදී මුලින් පන්දුවට පහරදී කඩුලු හතරකට ලකුණු 217ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලැබුවේ ලකුණු 176කි. ඕස්ට්‍රේලියාව තරගයෙන් ජයගත්තේ ලකුණු 41කිනි.

ඕස්ට්‍රේලියාව මේ තරගයෙන් ජයලැබුවත් දිනයේ විශිෂ්ටතම සිදුවීම වූයේ ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තුගේ විශිෂ්ට පිතිහරඹයයි. ඇය පන්දු 60කදී ශතකයක් පන්දු 66කදී ලකුණු 113ක් ලබාගත්තේ දර්ශනීය හයේ පහර 6ක් හා හතරේ පහර 12ක් සමඟයි. ඇයගේ හයේ හතර පහර එකතුව ලකුණු 84කි. ඇය එල්ල කළ එක් දැවැන්ත හයේ පහරක් සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ විශාලම ක්‍රීඩාමණ්ඩපයේ වහළේ රැදිනි. මෙය චමරිගේ පළමු වන 20-20 ශතකයද දෙවන අර්ධ ශතකයද වේ.

මේ තරගයේ ඕස්ට්‍රේලියාවේ මේ වාරයේ ප්‍රථම තරගය වන අතර ලංකාව ජාත්‍යන්තර තරගයකට මුහුණ දුන්නේ මාස හයකට පසුවය. ඕස්ට්‍රේලියාව ලැබූ ලකුණු 217ක ඔවුන්ගේ දෙවන 20-20 වැඩිම සංඛ්‍යාවයි. මෙය ශ්‍රී ලංකාව 20-20 තරගයක ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණයවේ. ශ්‍රී ලංකාව ලකුණු 218ක ඉලක්කයක් කරා යාමට පැමිණි අවස්ථාවේ චමරි සහ හංසිමා කරුණාරත්න (16) තෙවන කඩුල්ලට ඕවර 9කදී ලකුණු 76ක්ද සිව්වන කඩුල්ලට චමරි සහ නිලුක්ෂි ද සිල්වා (10) ඕවර හතරකදී ලකුණු 58ක්ද රැස්කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 10ක් ඉක්මවූයේ මේ ක්‍රීඩිකාවන් තිදෙනා පමණි.

ඕස්ට්‍රේලියාවේ බෙත් මුනි පන්දු 60කදී හතරේ 20ක් සමඟ ලකුණු 113ක් ලබා තම දෙවන 20-20 ශතකය ලබාගත්තාය.

ලකුණු විස්තරය

  • ඕස්ට්‍රේලියාව ඕවර 20කදී කඩුලු 4කට 217යි.

බෙත් මුනි113, ඒ.හීලි 43, ඒ.ගාඩ්නර් 49, ඕෂදී රණසිංහ 47ට 2

  • ශ්‍රී ලංකාව ඕවර 20කදී කඩුලු 7ට 176යි.

චමරි අතපත්තු 113, හංසිමා කරුණාරත්න 16, නිලක්ෂි ද සිල්වා 10, වෝහැම් 19 ට 2

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee