slc
logo
Home   |    News
දෙසැම්බර් 4, 2020
තරගාවලියේ අඩක් නිමවද්දී ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිතව පෙරමුණේ

Sri Lanka Cricket

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ප්‍රථම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික තරග 20න් අඩක් (10) නිම වන විට ඉදිරියෙන්ම සිටින්නේ තරග හතරකට සහභාගී වී එම තරග හතරම ජයගෙන අපරාජිතව සිටින ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වේ.

තුන් ඉරියව්වේම දක්ෂතා දක්වන  තිසර පෙරේරා  නායකත්වය දරණ  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම දැනට ලකුණු  අටක් ලබා ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය දළවේගය +1.662 ක් ලෙසට පහසුවෙන් ම ඉදිරියෙන් පසුවේ. සහභාගි වූ තරග හතරෙන් තුනක්ම ජයගෙන තරගයක් පමණක් පරාජය වී ලකුණු හයක් හිමිකරගෙන (දළවේගය  – 0.394) දෙවැනි ස්ථානයේ පසුවන්නේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමය. තරගාවලිය ආරම්භයේදී ඉදිරියෙන් පසුවු කළම්බු කින්ග්ස් කණ්ඩායම තරගාවලිය අඩක් ගත්වන විට තරග තුනකදී තරග දෙකක් ජයගෙන තරගයක් පරාජය වී ලකුණු හතරක් ලබා (දළවේගය – 0.132) මේ වන විට පසු වුයේ තෙවන ස්ථානයේ ය.

කැන්ඩි ටස්කර්ස් තරග පහකට සහභාගි වී ඉන් හතරක්ම පරාජය වී තරගයක් ජය‍ගෙන ලකුණු 2ක් ලබා (දළවේගය – 0.448) සිව්වන ස්ථානයෙත් ගෝල් ග්ලැඩියේටර්ස් සහභාගි වූ තරග හතරම පරාජය වී ජයග්‍රාහණ ලකුණු නොලබා දළවේගය – 1.113 ක් ලෙස පස්වන හෙවත් අවසාන ස්ථානයේ පසුවේ.

ගෝල් ග්ලැඩියේටර්ස් තරගාවලියේ  අඩක් නිමාවන විට අවසාන ස්ථානයේ පසුවුවත් ඔවුනගේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහභාගි වූ තරග හතරෙදී වරක් නොදැවී ඉනිම හතරේදී  ලකුණු 206ක් ලබා ඉනිමක සමාන්‍යය 68.66 ලබා පිතිකරුවන් අතුරින් ඉදිරියෙන්ම පසුවීම විශේෂත්වයකි. අර්ධ ශතක දෙකක් ලබා ගත් ධනුෂ්ක මේ වන විට ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 82කි.

පිතිකරුවන් අතර  දෙවන ස්ථානයේ පසුවන දසුන් ශානක තරග හතරක දී (ඉනිම හතරකදී ) ලකුණු 197ක් ( සාමාන්‍යය 49.25 ) ක් ලබා සිටින අතර කුසල් මෙන්ඩිස් තෙවන ස්ථානයේ පසුවෙමින් තරග පහකදී ( ඉනිම 5යි) ලකුණු 188ක් (නොදැවී 1යි වැඩිම ලකුණු 55යි) සමඟ ඉනිමක සාමාන්‍යය 47ක් ද රැස් කරගෙන සිටි.

තරගාවලියේ මූලික වටයේ තරග 20න් 10 ක් නිමවන විට පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ විදේශිකයින් වීමද විශේෂත්වයකි. මෙහි ඉදිරියෙන්ම සිටින කැන්ඩි ටස්කර්ස් කණ්ඩයමේ නවීන් උල්හක් ඉනිම පහකදී පන්දුවාර 18ක් යවා ලකුණු 183කදී කඩුලු අටක් දවා තිබේ. දෙවැනි ස්ථානයේ පසුවන උස්මාන් ශිවාරි සහ තෙවැනි ස්ථානයේ පසුවන වනිදු හසරංග යන පන්දු යවන්නන් දෙදෙනාම අයත් වනුයේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමටය.

ශිවාරි තරග තුනකදී පන්දු වාර 11ක් යවා ලකුණු 7කට කඩුලු හතක්ද වනිදු හසරංග තරග හතරකදී පන්දු වාර 16ක් යවා ලකුණු 82කට කඩුලු 7ක්ද දවා සිටිති.

ඵෙතිහාසික එල්.පී.එල් තරගාවලියේ ප්‍රථම තරගයේ කළම්බු කින්ග්ස් සහ කැන්ඩි ටස්කර්ස් තරගයේ කණ්ඩායම් දෙකම ලකුණු 219 බැගින් සමවීම ජාත්‍යන්තර 20-20 තරගාවලියක ආරම්භක තරගය සමවූ ප්‍රථම අවස්ථාව මෙය වේ. ජයග්‍රාහකයන් තේරීමට සුපිරි ඕවරය බැගින් ප්‍රදානය කළ අවස්ථාවේ කොළඹ කණ්ඩායම ලකුණු 16ක්ද මහනුවර කණ්ඩායම ලකුණු 12ක් ලබා ගැනීමෙන් ජයග්‍රහණය අත්වූයේ කොළඹ කණ්ඩායමටය.

මූලික වටයේ ප්‍රථම තරග දහයේ ඉනිමක වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් දෙදෙනාවූයේ ජැෆ්නා ස්ටැලියන් නායක තිසර පෙරේරා සහ එම කණ්ඩායමේම ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුය. දඹුල්ල සමග තරගයේදී තිසර පන්දු 44කදී හයේ හතක් හතරේ අටක් සමග නොදැවී ලකුණු 97ක්ද ගාල්ල සමග තරගයේදී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 53කදී හයේ හතක් හතරේ පහක් සමග නොදැවී ලකුණු 91ක්ද ලබා ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළහ.

යාපනය කණ්ඩායමේ ඩුවේන් ඔලිවර් ගාල්ල සමඟ ලකුණු 44කට කඩුලු හතරක් දවාලීම පන්දු යවන්නෙකු මෙතෙක් ඉනිමක ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවයි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest