slc
logo
Home   |    News
දෙසැම්බර් 14, 2022
කැන්ඩි ෆැල්කන්ස් – ජැෆ්නා කිංග්ස් පළමු තැන ගන්න අරගලයක

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ යළිත් කැන්ඩි ෆැල්කන්ස් පිල (ඊයේ) ඉදිරියට පැමිණියද, අද (14) දින පැවැත්වෙන ජැෆ්නා කිංග්ස් සමග සටනින් ජය ලබන කණ්ඩායම ස්ථීරවම ලකුණු සටහනේ පළමු තැන වෙන් කරගැනීමට සමත් වනු ඇත. දැනට කැන්ඩි ෆැල්කන්ස් හා ජැෆ්නා කිංග්ස් ලකුණු සටහනේ ලකුණු 8 බැගින් ලබා කරට කර සටනක නිරතවී සිටියද දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව කැන්ඩි ෆැල්කන්ස් ඉදිරියෙන් සිටී. වනිදු හසරංග ප්‍රමුඛ පිරිවර දළ ලකුණු ලබා ගැනීමේ වේගය 2. 193ක් රඳවාගෙන සිටින අතර ජැෆ්නා කිංග්ස් පිල දළ ලකුණු ලබා ගැනීමේ වේගය 1. 183ක් හේතුවෙන් දෙවැනි තැන සිටී.

මෙම තරගාවලිය ආරම්භයේ සිට දිගින් දිගටම ලකුණු සටහනේ පළමු හා දෙවැනි තැන් මාරුවෙන් මාරුවට කැන්ඩි ෆැල්කන්ස් හා ජැෆ්නා කිංග්ස් වෙන්කර ගෙන සිටි අතර අනෙක් කණ්ඩායම් තුනෙන් මේ වනතුරු ඔවුන් දෙදෙනාට පැහැදිලි තර්ජනයක් එල්ල නොවුණි. එහෙත් එල්පීඑල් තරගාවලියේ මූලික වටයේ තවත් තරග 8ක් ඇති හෙයින් අවසන් වටයට එන කණ්ඩායම් පිළිබඳ අනාවැකි කීම දුෂ්කරවී තිබේ. කෙසේ වුවද කැන්ඩි ෆැල්කන්ස් හා ජැෆ්නා කිංග්ස් කිසියම් ජයග්‍රාහී රිද්මයකින් මෙම තරගාවලියේ රැදී සිටීම කාගේත් වැඩි අවදානයක් දිනා ගැනීමට හේතුවකි.

‌ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 13 වැනි තරගය ලෙසින් අද (14) පස්වරු 3ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ජැෆ්නා කිංග්ස් හා කැන්ඩි ෆැල්කන්ස් අතර තරගය පැවැත්වෙන අතර, පසුවරු 7. 30ට විදුලි ආලෝක ධාරා මැද දඹුල්ල අවුරා සහ කලම්බු ස්ටාර්ස් සටන් බිමට පිවිසෙති.

ජැෆ්නා කිංග්ස් හා කැන්ඩි ෆැල්කන්ස් මෙයට දින හතරකට පෙර පල්ලේකැලේදී හමුවී කඩුලු 3කින් ලේකන්ස් ජයගත් අතර, දඹුල්ල අවුරා සහ කලම්බු ස්ටාර්ස් හම්බන්තොටදී හමුවී ලකුණු 9ක ජයක් කළම්බු ස්ටාර්ස් හිමිකර ගත්තේය.

එල්පීඑල් තරගාවලියේ ඊයේ පැවැති තරගවලදී කැන්ඩි ෆැල්කන්ස් පිල වෙතින් ලකුණු 6කින් දඹුල්ල අවුරා පිල පරාජය වූ අතර එය ඔවුන්ගේ සිවුවැනි පරාජය විය. කැන්ඩි ෆැල්කන්ස් කඩුලු 3කට ලකුණු 193ක් ලැබූ අතර, දුර්වල පිතිකරණය හේතුවෙන් දඹුල්ල අවුරා ලකුණු 116කට දැවී ගියේය.

කළම්බු ස්ටාර්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගයේදී කඩුලු 2ක ජයක් ග්ලැඩියේටර්ස් පිල දිනා ගැනීම හේතුවෙන් දෙපිලම ලකුණු 4 බැගින් ලබා ලකුණු සටහනේ සම තැන් ගෙන සිටී. දළ ලකුණු වේගය අනුව ගෝල් ග්ලැඩියේටර්ස් පිල ( – 0. 323) ඉදිරියට පැමිණ සිටින අතර, කළමුබු ස්ටාර්ස් දළ ලකුණු වේගය – 1. 270ක් ලබා සිවුවැනි ස්ථානයේ රැදී සිටී.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා ලෙස ඉදිරියෙන් සිටි කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ඇන්ඩි ෆ්ලෙචර් ඊයේ දිනයේ දඹුල්ල අවුරා ට එරෙහිව ලබාගත් ලකුණු 44ත් සමග තරග 5කදී ලකුණු 185ක් ලබා සිටී. ජැෆ්නා කිංග්ස් පිලේ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 177ක් ලබා දෙවැනි ස්ථානයේ සිටින අතර, ගෝල් ග්ලැඩියේටර් නායක කුසල් මෙන්ඩිස් කළම්බු ස්ටාර්ස් ට එරෙහිව වාර්තා කළ ලකුණු 72ත් සමග තරග 5කදී ලකුණු 177ක් ලබා තෙවැනි තැනට පත්විය. කැන්ඩි ෆැල්කන්ස් පිලේ පැතුම් නිශ්ශංක ද ලකුණු 177ක් ලබා සිටින අතර, ජැෆ්නා කිංග්ස් පිලේ සධීර සමරවික්‍රම ලකුණු 146ක් වාර්තා කර ඇත.

කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික කාලෝස් බැරත්වෙයිට් ඊයේ දිනයේදී දඹුල්ල අවුරා පිලට එරෙහිව ලබාගත් කඩුලු 3ත් සමග මේවන විට කඩුලු 11ක් දවාගෙන පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටී. ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නුවන් තුෂාර කඩුලු 9ක් ලබා දෙවැනි ස්ථානයේ හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විජේකාන්ත් වියස්කාන්ත් කඩුලු 8ක් දවාගෙන සිටී. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු හා කැන්ඩි ෆැල්කන්ස් පිලේ වනිදු හසරංග කඩුලු 7 බැගින් දවාගෙන සිටිති.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee