slc
logo
Home   |    News
පෙබරවාරි 8, 2023
ආධුනික ටංග්ගෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන්ට අභියෝගයක්

sinhala editor

Chamila Karawita reporting from Galle

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයේදී වේග පන්දු යවන්නකුට අමතරව පිතිකරුවකු ලෙසින් තමන්ට කළ හැකි දේ පෙන්වීම සඳහා ලබා දුන් අවස්ථාවේදී ලකුණු ලබා ගැනීමට පෙරම චාමික කරුණාරත්නව දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ අද (08 දා) සමත්වූහ. එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දෙවැනි දිනටත් පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගයේදී අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චාමිකව ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට වේග පන්දු යවන ජොෂ් ටංග් සමත්විය.

එංගලන්ත ලයන්ස් පිල වෙනුවෙන් මංගල සිව්දින ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින ජොෂ් ටංග් චාමිකගේ කඩුල්ල පමණක් නොව දිවා භෝජනය සඳහා නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ දැවී ගොස් තිබූ කඩුලු 7 න් 5 කම හිමිකරුවා බවට පත්වූවේය. දිනය ආරම්භයේදී ලකුණු 45 කට එක් කඩුල්ලක් දවා ගෙන සිටි ජොෂ් ටංග් දිවා භෝජනය දක්වා යවන ලද පන්දුවාර 8.3 කදී ලකුණු 22 ක් පමණක් ලබා දී ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ දැවී ගිය කඩුලු 4 ම හිමිකරුවා බවට පත්වූවේය.

ටංග්ගේ අති විශිෂ්ට පන්දු යැවීම නිසා දිනය ආරම්භයේ ලකුණු 190 කට කඩුලු 3 ක් ලෙසින් සටහන්ව තිබූ ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු පුවරුව දිවා භෝජනය සදහා නතර කර දමනා විට කඩුලු 7 කට ලකුණු 280 ක් ලෙසින් සටහන්ව තිබිණ.

දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ පෙර දින ශතක ලාභී ලසිත් කෲස්පුල්ලේය. දුර්වල පන්දු දුටු විගස රිදෙන්නට පහර එල්ල කිරීමට කිසිසේත් පසුබට නොවන පිතිකරුවකු ලෙසින් නමක් දිනා සිටින කෲස්පුල්ලේගේ කඩුල්ලේ හිමිකාරිත්වය ජොෂ් ටංග්ට හිමි වුවත් එහි පූර්ණ ගෞරවය මැතිව් ෆිෂර්ට හිමිවිය යුතුය. ටංග්ගේ පන්දුවකට කෲස්පුල්ලේ එල්ල කරන ලද පහර බැක්වර්ඩ් පොයින්ට්හි සිටි මැතිව් ෆිෂර් රැක ගන්නා ලද්දේ ගුවනට පැන තනි අතට රැක ගනිමිනි.

එතැන් පටන් ශ්‍රී ලංකා කණ්ඩායමට යළි තරගයට අවතීර්ණ වූ එංගලන්ත ලයන්ස් පන්දු යවන්නෝ තවත් ලකුණු 08 ක් ලකුණු  පුවරුවට එකතු වන අතර තුරදී චාමික සහ ළහිරු උදාරව දවා ගනිමින් පීඩනය ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙතට යොමු කළහ.

මේ අතරින් චාමික පිට ඉන්නෙන් පිටට පිත වූ පන්දුවකට එලවා පහර දීමට යෑමෙන් කඩුල්ල අහිමි කර ගත් අතර ළහිරු උදාර බොහානන් අතට උඩ පන්දුවක් දැවී ලකුණු නොලබා දැවී ගියහ. මෙම දැවී යෑම් අතරින් ළහිරුගේ දැවී යෑම පිළිබඳව කිසියම් සැකයක් ප්‍රධාන විනිසුරුවන් දෙදෙනාට තිබූ හෙයින් එය තෙවැනි විනිසුරුවරයා දක්වා යොමු කළ නමුත් ඔහු එය දැවී යෑමක් ලෙසින් සංඥා කළේය.

කෙසේ වෙතත් පළමු තරගයේදී සැඳෑ පිතිකරුවා ලෙස පිටියට පිවිස අර්ධ ශතකයක් ලබා ගත් ලක්ෂිත මානසිංහ නායක නිපුන් ධනංජය සමඟ එක්ව කඩා වැටුණු ශ්‍රී ලංකා ‘ඒ ඉනිම ගොඩ ගැනීමේ කාර්යයෙහි නිරත වූයේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමිනි. කෙසේ වෙතත් දිවා ආහාරයට පන්දුවාර 3 ක් තිබියදී නායකාගේ කඩුල්ලද දවා ගතී ජොෂ් ටංග් තම කඩුලු 5 සම්පූර්ණ කරගත්තේය දැවී යෑමට මත්තෙන් ලකුනු 61 ක් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම වෙනුවෙන් දායාද කිරීමට නායක නිපුන් සමත්විය. නිපුන් දෙපිල අතර පැවැති පළමු සිව්දින තරගයේ දෙවැනි ඉනිමේදීද ශතකයක් වාර්තා කිරීමට සමත්වූවේය.

 

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar