slc
Home   |    News
පෙබරවාරි 12, 2023
ගෝල් පිළෙන් ශතක 4 ක් – ලකුණු 700 සීමාවත් ඉක්මවයි

sinhala editor

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හම්බන්තොටදී පැවැති තරගයේදී කලම්බු කණ්ඩායමට එරෙහිව  අද (12 දා) ගෝල් කණ්ඩායම ලකුණු 700 සීමාව ඉක්මවාලීමට සමත්වූහ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායම ලකුණු 405 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ගෝල් පිල කඩුලු 9 කට ලකුණු 703 ක් ලබා ඉනිම අත්හිටුවීය.

සිකුරාදා දින පන්දුවට පහර දීම ආරම්භ කළ ගෝල් ක්‍රීඩකයෝ එදින තරගය හමාර කරන ලද්දේ කඩුලු 2 කට ලකුණු 131 ක් ලබා සිටියදීය. ඒ අනුව තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනය පුරා පන්දුවට පහර දුන් ගෝල් පිතිකරුවෝ තෙවැනි දිනට තරගය නතර කර දමන විට කඩුලු 5 ට ලුණු 439 ක් ලබා සිටියහ.

කෙසේ වෙතත් අද දිනයේදීත් රිසිසේ පන්දුවට පහර දුන් ගෝල් කණ්ඩායම අවසන් හෝරාව එළැඹෙත්ව තරගය අත හැර දැමීමට තීරණය කළේ ඉනිමේ කඩුලු 9 ක්  පමණක් දැවී ගොස් තිබියදිය.

මෙම තරගයේදී ගෝල්  පිල වෙනුවෙන් ශතක 4 ක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි. ඒ අතරින් ඇන්ජලෝ මැතිව්ස් (105), මහේෂ් කුමාර (151), නායක රමේෂ් මෙන්ඩිස් (149) සහ ලක්ෂාන් එදිරිසිංහ (129) ශතක වාර්තා කරන ලද පිතිකරුවෝ වූහ. ඔවුනට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 63 ක් රැස් කළේය. මොවුන් මෙම දක්ෂතා දක්වන ලද්දේ ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරනු ලබන කසුන් රජිත සහ ප්‍රබාත් ජයසූරිය යන දෙදෙනාම ප්‍රතිවාදී කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් ලෙසින් කටයුතු කරද්දීය. මෙහිදී ජයසූරිය විසින් ක්‍රියාත්මක පන්දුවාර 53 දී ලකුණු 142 ක් ලබා ගැනීමට ගෝල් පිතිකරුවෝ උත්සුක වෙද්දී ඔහු දවාගෙන සිටියේ එක් කඩුල්ලක් පමණි.

තරගාවලිය ආරම්භයේ සිටම කැපී පෙනන දස්කම් දැක්වීමට සමත් ගෝල් කණ්ඩායම මෙතෙක් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන්නේය. මෙතෙක් තරග 3 කට සහභාගිව සිටින ගෝල් කණ්ඩායම පූර්ණ ජයග්‍රහණ 2 ක් සහ එක් පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටියි. මූලික වටයේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන බැවින් ගෝල් කණ්ඩායම මේ වන විටත් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටය සඳහා ස්ථානය වෙන්කර ගැනීමට සමත්ව සිටීම ද කැපී පෙනෙයි.

කළම්බු – පළමු ඉනිමට ලකුණු 405යි (ඕවර් 129.5)  – (අවිශ්ක ප්‍රනාන්දු 150, දුෂාන් විමුක්ති 40, නිසල තාරක 82, ප්‍රභාත් ජයසූරිය 15, තරිදු රත්නායක 28, උදිත් මධුෂාන් 18, කසුන් රාජිත නොදැවී 34, කවිශ්ක අන්ජුල 67 /4, මොහොමඩ් ෂිරාස් 76/1, අසංක මනෝජ් 80/1, රමේෂ් මෙන්ඩිස් 81/3, සංගීත් කුරේ 9/1)

ගෝල් – පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 703 යි (ඕවර් 201) – (සංගීත් කුරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 105, ලක්ෂාන් එදිරිසිංහ 129, දිනේෂ් චන්දිමාල් 63, මහේෂ් කුමාර 151, රමේෂ් මෙන්ඩිස් 149, උදිත් මධුෂාන් 93/2, හසන්ක රත්නායක 201/2, දුෂාන් විමුක්ති 122/3)

 

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest