slc
Home   |    News
පෙබරවාරි 28, 2023
බාළිකාවන්ට ඉදිරියට එන්න හොඳ වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා – ශෂිකලා සිරිවර්ධන

sinhala editor

මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවනට ඉතා ඉක්මණින්ම ජාතික තලයට යෑම සඳහා දැන් පෙරට ඉතා හොද වේදිකාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලසා දී ඇතැයි අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරිණිය වන ශෂිකලා සිරිවර්ධන පවසා සිටින්නීය.

වෙනදා මෙන් නොව බාළිකාවන්ට පාසල් මට්ට‌මේ තරගාවලියන්ට අමතරව අන්තර් දිස්ත්‍රික් මෙන්ම පළාත් මට්ටමින් තරාගවලිවලට ක්‍රීඩා කිරීමටත්, ඊට අමතරමව පුහුණුවීම්, ශාරීරික යෝග්‍යතා මෙන්ම පෝෂණ වැඩපිළිවල් රැසක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විටත් අංග සම්පූර්ණවම සලසා දී තිබෙන හෙයින් පෙර වඩා ක්‍රීඩිකාවන්ගේ නැඹුරුවීමක් මෙන්ම වැඩි දක්ෂතා ඉදිරියේදී අපේක්ෂා කළ හැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නීය.

ඉතිහාසයේ මුල් වතාවට පසුගිය දා දකුණු අප්‍රිකාවේදී නිමාව දුටු අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රී ප්‍රධාන පුහුණුකාරිනිය ලෙසින් කටයුතු කරන ලද ශෂිකලා සිරිවර්ධන එම තරගාවලියේ දී ක්‍රීඩිකාවන් වෙනදාට වඩා හොඳින් ක්‍රීඩා කළ බවත් අනාගතයේ එම වයස් කාණ්ඩය යටතේ සෙසු රටවලට අභියෝගයක් කිරීමේ හැකියාව ඇති බව තමන් විශ්වාස කරන බවද ඇය සඳහන් කර සිටියාය.

“දකුණු අප්‍රිකාවේ තිබුණු ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති පුහුණු තරග දෙකම අප ජය ලැබුවා.  ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අප ඇමෙරිකාව පරාජය කළ අතර බංග්ලාදේශයට පැරැදුනේ ලකුණු දහයකින්. මූලික වටයේ අවසන් තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකාව හමුවේ අපි පරාජයට පත් වුණේ ලකුණකින්” යැයි ශෂිකලා සිය කණ්ඩායම දක්වන ලද දක්ෂතා පිළිබඳව අදහස් දක්වා සිටියාය.

“බාලිකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින රටවල් වන්නේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාවයි..  දක්ෂතා අතින් අප දැනට දෙවන කොටසේ රටවල් සමග කරට කර සිටියත් නව සැලසුම් මත අපට තවත් ඉහළට යා හැකියි” යැයි ද ශෂිකලා පවසයි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ වයස්වල සාමාන්‍යය වයස අවුරුදු 15-16 ත් අතර වෙනවා.  ඒ තරගාවලියට සහභාගි වූ ලාබාලම කණ්ඩායමත් අපේ කණ්ඩායමයි.  මේ ක්‍රීඩිකාවන් හත් දෙනෙකුට ම 2025 වසරේ ලෝක කුසලාන තරගාවලියටත් තරග කරන්න පුළුවන්.  අපේ කණ්ඩායම ඒ වන විට ඉතාමත් ප්‍රබල තත්ත්වයක සිටිනවා” යැයි  19න් පහළ පුහුණුකාරිනිය පැවසුවාය.

19න් පහළ කණ්ඩායමේ නායිකාව විශ්මි ගුණරත්න, දෙව්මි විහංගා, නෙත්මි සේනාරත්න, මනුදි නානායක්කාර, සහ විදුෂිකා පෙරේරා ලෝක කුසලාන තරගාවලියේදී හොඳින් දක්ෂතා අතර සිටි බව කී ශෂිකලා එම ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු නුදුරේදීම දී ජාතික කණ්ඩායමට ඇතුළත් වනු ඇතැයි බවද සඳහන් කර සිටියාය.

“නවක ක්‍රීඩිකාවක් වුවත්, දෙව්මි විහංගා තුන් ඉරියව්වේම ඉතාම හොඳින් දස්කම් දැක්වූවා.  පන්දු යැවීමේ දී වඩාත් කැපී පෙනුණු ඇය තරග කිහිපයක දී ම ලකුණු රැස් කිරීමේදීත් දක්ෂතා අතර සිටියා.  ඉදිරි දිනවලදී ජ්‍යෙස්ඨ ක්‍රීඩිකාවන් සමගත් ඇයට දක්ෂතා දැක්වීමට අවස්ථාව උදා වුවහොත් ඇයට ජාතික තලයට පහසුවෙන්ම පිවිසිය හැකියි” යැයි ද ශෂිකලා සිරිවර්ධන සඳහන් කරයි.

සමස්තයක් වශයෙන් ඉහත කරුණු කාරනා සලසාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීමත් සමඟ බාලිකා ක්‍රිකට් ක්‍රීඩාවේ පිබිදීමක් මේ වන විට දිවයින පුරාම ඇති වී ඇතැයි පවසන හිටපු නායිකාව ක්‍රිකට් ආයතනය විසින් ලබාදෙනු ලබන සියලු පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් හොඳින් පුහුණුව ලදහොත් බාළිකා ක්‍රිකට් ක්‍රීඩාව ඉතා හොද තැනකට රැගෙන ඒමට හැකියාව ලැබෙනු ඇති බව තමා විශ්වාස කරන බවද වැඩිදුරටත් සදහන් කර සිටින්නීය.

  • බන්දුල මොල්ලිගොඩ

 

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest