slc
logo
Home   |    News
ජූලි 3, 2023
ගාල්ල දෙවැනි ජය වාර්තා කරයි

sinhala editor

ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය – 2023 ජුනි 03 වැනිදා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර සහ ගාල්ල අතර තරගයේදී තියුණුම සටනකින් පසුව ගාල්ල කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුල්ලක ජයක් අත්කර ගැනීමට සමත් විය. මෙය මෙවර තරග වාරයේ ගාල්ල කණ්ඩායම ලබා ගත් දෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් විය.

කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 46කදී ලබා ගත් ලකුණු 233 හඹා යෑමට ගාල්ල කණ්ඩායම පිටියට පිවිසි අවස්ථාවේ අයහපත් කාලගුණයේ බලපෑම මත ඔවුනට ඩක්වර්ත් ක්‍රමයට ජයග්‍රහණය සඳහා ලකුණු 170ක ඉලක්කයක් ලැබිණි. තියුණුම තරගයකින් පසුව ගාල්ල කණ්ඩායම කඩුල්ලකින් මේ තරගය ජය ගත්තේ පන්දුවාර 22.5කදී කඩුලු 9ක් දැවී ලකුණු 171ක් රැස් කරමිනි.

ගාල්ල කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීම කොළඹ උතුර කණ්ඩායමට පැවරීමටය. කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබු ඉනුක කරන්නාගොඩ ලකුණු 39ක් රැස් කළේ පන්දු 46කට මුහුණදී හතරේ තුනක් සහ හයේ පහරක් සමඟය. මීට අමතරව හිරුන් කපුරුබණ්ඩාර ලකුණු 29ක් ද  රශ්මික හිරුෂාන් ලකුණු 27ක් ද විහස් තෙව්මික ලකුණු 24ක් ද රැස් කරමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වූහ.

මොවුනගේ හොඳම සබඳතාවය වූයේ හිරුන් කපුරු බණ්ඩාර සහ රශ්මික හිරුෂාන් සිව්වන කඩුල්ලට පන්දු 63කදී රැස් කළ ලකුණු 58 වේ. අයහපත් කාලගුණයේ බලපෑම මත ගාල්ල කණ්ඩායමට ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට ලබාගත යුතුව තිබූ ලකුණු 170 ලබා ගැනීමට ඔවුන් පිටියට පිවිසීමෙන් පසු පිතිකරුවන් පස් දෙනෙකුම ලකුණු විස්ස ඉක්මවා රැස් කිරීමෙන් ඔවුනට ඉලක්කය කරා යෑම පහසු කරුණක් බවට පත්විණි.

ගාල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලැබූ පිතිකරු බවට පත් වූ දිනුරු අබේවික්‍රමසිංහ ලකුණු 34ක් රැස් කළේ පන්දු 28කට මුහුණදී හතරේ දෙකක් සහ හයේ දෙකක් සමඟය. ගාල්ල කණ්ඩායමේ පිතිකරුවන් සියල්ල මෙදින ආක්‍රමණශිලී වේගවත් පිති හරඹයන්හි නිරත වන අයුරු දක්නට ලැබිණි.

ගාල්ල නායක මල්ෂ තරුපති පන්දු නවයකදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ ලකුණු 21ක් ද කළණ පැතුම් පන්දු 15කදී හතරේ පහරක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 21ක් ද රවිෂාන් ද සිල්වා පන්දු 20කදී හතරේ පහක් සමඟ ලකුණු 21ක් ද දනුජ ඉඳුවර පන්දු 21කදී හතරේ පහරක් සමඟ ලකුණු 20ක් ද  රැස් කළහ. මොවුනගේ හොඳම සබඳතාවය වූයේ හිරුන් කපුරු බණ්ඩාර සහ රශ්මික හිරුෂාන් සිව්වන කඩුල්ලට පන්දු 63කදී රැස් කළ ලකුණු 58 වේ. තරගයේ හොඳම පන්දු යැවීම වූයේ ගාල්ල කණ්ඩායමේ යුරි කොට්ටිගොඩ ලකුණු 53කට කඩුලු හතරක් දවාලීමය.

මේ අතර මහනුවර අස්ගිරියේ පැවැත්වීමට නියමිතව තිබූ දඹුල්ල සහ මහනුවර අතර තරගය අයහපත් කාලගුණය මත අත්හිටු විණි. මුලින් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර නවයකදී කඩුලු 2කට ලකුණු 55ක් ලබා සිටියදී වර්ෂාව පතිත වූයෙන් තරගය නිමාවට පත් විය. තරගය නතර කරන විට පසිඳු මේනක නොදැවී 26ක් ද අමේෂ් තෙන්නකෝන් නොදැවී ලකුණු 16ක් ලබා සිටියහ.

කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 46කදී ලකුණු 233යි – (ඉනුක කරන්නාගොඩ 39, හිරුන් කපුරු බණ්ඩාර 29, රශ්මික හිරුෂාන් 27, විහස් තෙව්මික 24, යුරි කොත්තිගොඩ 53/4, කළණ පැතුම් 38/2, මල්ෂ තරුපති 41/2)

ගාල්ල පන්දුවාර 22.5 කදී කඩුලු 9ට ලකුණු 171 යි – (දිනුරු අබේවික්‍රමසිංහ 34, රවිෂාන් ද සිල්වා 21, දනුජ ඉඳුවර 20, මල්ෂ තරුපති 21, කළණ පැතුම් 21*, උවින් පෙරේරා 19/2, විහස් තෙව්මික 24/2)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest