slc
logo
Home   |    News
අගෝස්තු 5, 2023
පන්දු යැවීමේ සීමාව සහ කෝණය මා උපරිමයෙන් ප්‍රයෝජන ගත්තා – වෙල්ලාලගේ

sinhala editor

පන්දු යැවීමේ සීමාව (Crease) සහ කෝණය (Angle) හරිහැටි භාවිතා කරමින් පන්දු යැවූ නිසා ගෝල් ටයිටෑන්ස්ට එරෙහි තරගයේදී ලකුණු දහයකට පිතිකරුවන් සිව්දෙනකු දවා තරගයේ දක්ෂතම ක්‍රීඩකයාවීමේ අවස්ථාව තමාට උදා වූ බව ජයග්‍රාහී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විසිහැවිරිදි දුනිත් වෙල්ලාලගේ පවසයි.

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තිළිණ කන්දම්බි සහ නායක තිසර පෙරේරා ඇතුළු පුහුණුකාර්යය මණ්ඩලය දක්වන සහාය උපයෝගී කර ගනිමින් පහසුවෙන් පීඩනයකින් තොරව තම දක්ෂතා පෙන්වීමට අවස්ථාව සැළසී තිබීම තමා ඉහළින්ම අගය කරන බව ද දුනිත් වෙල්ලාලගේ ප්‍රකාශ කරයි.

පන්දු යැවීමේ අංශය දෙස බැලුවහොත් අප කණ්ඩායමේ දඟපන්දු යවන්නන් ලෙසට මහීෂ් තීක්ෂණත්, වියස් කාන්ත් සහ තමාත් ක්‍රීඩා කරන බව පවසන වෙල්ලාලගේ ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවන් හොඳින් නිරීක්ෂණය කර පන්දු යවන්නන් තේරීම කණ්ඩායමේ නායක තිසර පෙරේරා සහ ප්‍රධාන පුහුණුකරු තිළිණ කන්දම්බි නිවැරැදිව සිදු කරන බව ද පැවසීය.

“මා පන්දු යවන විට මහීෂ් තීක්ෂණ මට නිතරම උපදෙස් දෙමින් හොඳින්ම පන්දු යැවිය යුතු ආකාරය පිළිබඳව කියාදෙනවා. තීක්ෂණ, වියස් කාන්ත් සහ තමා නායකයාට අවශ්‍ය පරිදි සහයෝගයෙන් හොඳින්ම පන්දු යැවීම අප කණ්ඩායමේ සාර්ථකත්වයට එක් හේතුවක්.“

“පුහුණු කාර්යය මණ්ඩලය අපගේ කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් සිදු කරන්නේ විශාල කාර්යය භාරයයක්. ඔවුන් සහ නායකයා තරගයකදී කොයියම් වේලාවකවත් අපට පීඩනය එල්ලවීමට ඉඩ තබන්නේම නෑ. නිදහසේ පහසුවෙන් ක්‍රීඩා කිරීමට සැම විටම අවස්ථාව සපයනවා.“

“දඟපන්දු යවන්නකු ලෙස මගේ සේවය ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට අවශ්‍ය සෑම අවස්ථාවකදීම මා උපරිමයෙන් එය ලබාදීමට උත්සාහ ගන්නා අතරම පිතිකරුවකු ලෙස මැදපෙළ ශක්තිමත් කිරීමටත් නිතරම යුහුසුළුවීම මගේ ස්වභාවයයි. මා කණ්ඩායමට සම්බන්ධ වන්නේ වමතින් දඟපන්දු යැවීම මුල් කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයකු  (Bowling all rounder) ලෙසටයි.“

මහනුවර ප්‍රදේශයට සුළු වශයෙන් රාත්‍රියේ පින්න සහිත දේශගුණය බලපෑවත් අපගේ සියලු ක්‍රීඩකයන් තම උපරිමය යොදා මෙවරත් ක්‍රීඩා කරන්නේ යැයි ද දුනිත් වෙල්ලාලගේ කියයි.

ඉදිරියේ පැවැත්වෙන ආසියානු සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන් පිළිබඳව අදහස් දක්වන, ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ හිටපු නායක දුනිත් එල්.පී.එල්. වැනි මෙවැනි ප්‍රධාන තරගාවලියන්හි හොඳින් දස්කම් දක්වන ක්‍රීඩකයන් කෙරෙහි ජාතික තේරීම් කමිටුවේ අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar