slc
logo
Home   |    News
අගෝස්තු 26, 2023
පල්ලේකැලේ තරග වලදී ආදාමක් ලබන්න ප්‍රදේශවාසීන්ට හොඳ අවස්ථාවක්

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට අති විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් මහනුවර ප්‍රදේශයේ සංචාරකයින්ට නවාතැන් ලබාදිය හැකි නිවාස හිමියන් හෝටල් ආකාරයේ ලියාපදිංචියක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ඉල්ලා සිටියි.

ආසියානු කුසලාන තරඟාවලියේ නවාතැන් සඳහා ඇති ඉහළ ඉල්ලුම සපුරාලීමේ අරමුණින් තම අමතර කාමර, නිවාස හෝ මහල් නිවාස මුදලට කුලියට දීමට කැමති මහනුවර දේපල හිමියන් සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් තාවකාලික ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් පිරිනමයි.

මෙම හඳුන්වා දී ඇති නව වැඩ පිළිවෙල අනුව එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මහනුවර පදිංචිකරුවන්ගේ නිවාස ඇතුළු දේපළ ලැයිස්තුගත කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) බලාපොරොත්තු වේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මහනුවර නිවාස හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ ක්‍රිකට් තරගාවලිය සඳහා මහනුවර ප්‍ර‌දේශයට පැමිණෙන ක්‍රිකට් ලෝලීන්ට ඔවුන්ගේ නිවෙස්වල විධීමත් ආකාරයෙන් අමතර කාමර ලබාදිය හැකි ක්‍රමවේදයකට ඇතුළත් වන ලෙසයි. මේ තුලින් මහනුවර පදිංචිකරුන්ගේ ආර්ථිකයට අමතර ශක්තියක් ලබාගත හැකිවීම විශේෂත්වයකි.

ඉන්දු – පකිස්තාන ගැටුම නැරඹීමට ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් විශාල සංචාරකයන් පිරිසක් පැමිණීම හේතුවෙන් හෝටල් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. මෙම තරගයේ ප්‍රවේශ පත්‍ර දැනටමත් අලෙවිවී අවසන්ව ඇති අතර, තරගය වෙන්වෙන්ම සංචාරකයින් 14000ක පිරිසක් ලියාපදිංචිවී ඇතැයි සඳහන් විය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය මේ මස 31දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඉන්දියා – පකිස්තාන තරගය සැප්තැම්බර් 2දා, ඉන්දියා – නේපාලය අතර තරගය සැප්තැම්බර් 4දා මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee