slc
logo
Home   |    News
සැප්තැම්බර් 22, 2023
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා උලළේ පදක්කම් පේන මානයට

sinhala editor

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (22) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගෙන එම ක්‍රීඩා උලෙළේ අවසන් පූර්ව වටයට පිවිසියහ.

මෙම අවසන් පූර්ව වටයේ තරගය මේ 24 දා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග චීනයේ හැන්ග්ෂූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙයින් ජයගතහොත් ශ්‍රී ලංකා කාන්තා පිල රන් හෝ රිදී පදක්කම් දිනා ගත හැකි අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර, එසේ නොවුණහොත් තෙවැනි ස්ථානය තෝරා ගන්නා ලෝකඩ පදක්කම සදහා වූ තරගයට පිවිසෙනු ඇත.

අද දිනයේ ඇද හැලුණු වර්ෂාවෙන් තරගයට බාධා පැමිණි අතර, මේ හේතුවෙන් තරගය ඕවර 15කට සීමා කිරීමට විනිසුරුවන්ට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව තායිලන්ත පිල ලකුණු 78කට සීමා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 10.5කදී ජයග්‍රාහී ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී වාර්තා කිරීමට සමත් වූහ.

නායිකා චමරි අතපත්තු පන්දු 21කදී හතරේ පහර 5ක් සමග ලකුණු 27ක් සහ අනුෂ්කා සංජීවනී පන්දු 23කදී හතරේ පහර 5ක් සමග ලකුණු 32ක් රැස් කරමින් ආරම්භයේදී කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට රැගෙන ආහ. අංක තුන පිතිකාරිණිය හර්ෂිතා මාධවී පන්දු 13කට මුහුණදී නොදැවී ලකුණු 14ක් සහ විශ්මි ගුණරත්න පන්දු 8කදී නොදැවී ලකුණු 8ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළහ.

චනිද සූත්තිරුන්ග් නොදැවී ලකුණු 31ක් රැස් කරමින් තායිලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ ලකුණු 10 සීමාව පසු කළ හැකි වූයේ ඇයට පමණි. පන්දු යැවීමේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 4ක් දවා ගෙන තායිලන්ත ඉනිමට ප්‍රබල තර්ජන ඉදිරිපත් කළාය.

තායිලන්ත කාන්තා පිල කඩුලු 7කට ලකුණු 78 (ඔවර් 15)

චනිදා සුත්තිරන්ග් නොදැවී 31, නත්‍යා භූචතම් 9, අතිරේක 11 (ඉනෝෂි ප්‍රියදර්ශනී 4/10, සුගන්ධිකා කුමාරි 13/1, චඑරි අතපත්තු 11/1, කවීෂා දිල්හාරී 14/1)

ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 2කට ලකුණු 84 (ඔවර් 10.5)

චමරි අතපත්තු 27, අනුෂ්කා සංජීවනී 32, හර්ෂිතා මාධවී නොදැවී 14, විශ්මි ගුණරත්න නොදැවී 8 (තිපට්චා පැතුවොන්ග් 21/2)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee