slc
logo
Home   |    News
සැප්තැම්බර් 13, 2023
හෙට දිනන පිල ඉන්දියාවට එරෙහි අවසන් තරගයට

sinhala editor

ඉන්දියාවට එරෙහිව පරාජයට පත්වීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ පාකිස්තානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (14 දා) පැවැත්වීමට නියමිත තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුය. ප.ව. 3.0ට ආරම්භ වන මෙම තරගය අවසන් පූර්ව තරගයක් ලෙසින් විචාරකයෝ සඳහන් කර සිටිති.

සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ තරග වටය යටතේ ඉන්දීය කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 2 න් 2 ම ජය ගනීමන් ඔවුන්ට ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය හිමිව තිබේ. එම තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානු කණ්ඩායම් එක් තරගය බැගින් ජය ගෙන තිබුණද ලකුණු ලබා ගැනිමේ ශූද්ධ දල වේගය පාකිස්තානයට වඩා ඉහළ මට්ටමක පැවැතීම නිසා ශ්‍රී ලංකාවට එහි දෙවැනි ස්ථානය හිමිව තිබේ.

මේ දින වල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හෙට තරගයකට බාධා පැමිණවමින් පැවැත්වීමට නොහැකි වුවහොත් ඉදිරියට යන කණ්ඩායම ශුද්ධ ලකුණු වේගය මත තීරණය වනු ඇත. එසේ වුවහොත් ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වේ.

බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවට එරෙහි තරගය ඉතිරිව තිබුණත් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ මේ දක්වා එකම තරගයක් හෝ ජය ගැනීමට නොහැකිවීම හේතුවෙන් 15 වැනිදා පැවැත්වීමට නියමිත තරගයේ ජය වාර්තා කළද ඔවුන්ට අවසන් මහ තරග වරමට පැමිණීමේ අවස්ථාවක් නොමැත.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානු කණ්ඩායම් මූලික තරග වටය යටතේ ප්‍රතිවිරුද්ධ කාණ්ඩ දෙක යටතේ තරග වැදීම නිසා ඔවුන් මෙවර ආසියානු කුසලාන තරගාවලිය යටතේ හෙට මුණ ගැසෙන්නේ පළමු වතාවටය. දෙරට අතර එක්දින තරග ඉතිහාසය තරග 155 කට ලඝු වුවත් ඔවුහු එක්දින තරගයකදී මුණ ගැසෙන්නේ වසර 4 කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනෙයි. ඔවුන් අවසන් වතාවට ඒක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේදී වන අතර තරග 3 කින් සමන්විත කණ්ඩායම 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්ව සිටියි.

ඉන්දියාව හමුවේ ලද ලකුණු 41 ක පරාජය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ අඛණ්ඩ තරග ජයග්‍රහණය වැළ තරග 13 කින් නිමාවට පත්විය. කෙසේ වෙතත් අඛණ්ඩව ප්‍රතිවාදීන්ගේ කඩුලු සියල්ලම අවස්ථා 14 කදී දවා ලමින් ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබෙන ලෝක වාර්තාව හෙට තරගයේදී තවදුරටත් ඉහළට රැගෙන යෑමේ අවස්ථාව ඉතිරි තිබේ. හෙට තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්තානු කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට සමත් වුවහොත් පිට පිටම තරග 15 කදී එම දක්ෂතාව දැක්වා ඇති කණ්ඩායම ලෙසින් ලෝක වාර්තාව අලුත් වනු ඇත.

හෙට තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසියට හරවා ගැනීමට නම් පිතිකරුවන් වගකීම් කරට ගනිමින් පන්දුවට පහර දීම වඩා වැදගත් වනු ඇත. ඉන්දියාව වැනි ලොව ප්‍රභලම පිතිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් ලකුණු 213 කට සීමා කිරීමට සමත්වීම යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ හැකියාව ඉතා ඉහළ තලයක තිබෙන බවයි. එහෙත් කණගාටුවට ඇති කරුණ වන්නේ එක්දින තරගයකදී පයහසුම ඉලකක්යක් ලෙසින් සැලකෙන ලකුණු 214 ක ඉලක්කය සපුරා ගැනීමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට නොහැකිවීමයි. ඒ් අතර දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වාගේ පිතිකරණ දක්ෂතා මේ අවස්ථාවේදී අගය කළ යුතුවේ.

‌දුනිත් වෙල්ලාලගේගේ දක්ෂතාවයන් සම්බන්ධව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබේ. ලොව ප්‍රබලතම පිතිකරුවා ලෙසින් සැලකෙන විරාට් කෝලිගේ කඩුල්ල ද සමඟ ඉන්දීය ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනෙකු දවා ලීමට සමත්වූ වෙල්ලාලගේ පිතිකරුවක් ලෙසින්ද තරගයේ අවසන් මොහොත තෙක්ම තනිවම සටනක් දියත් කිරීම කැපී පෙනිණ.

ඊයේ තරගයේදී කඩුලු 5 ක් බිඳ හෙළීමට වෙල්ලාලගේ සමත්වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 5 ක් දවා ගත් ළාබාලතම පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එකතුවීම කැපී පෙනෙයි. දුනිත් මෙම දක්ෂතාවය දක්වන විට ඔහුගේ වයස අවුරුදු 20 යි දවස් 246 ක් විය. වමතින් දඟ පන්දු යවන වෙල්ලාලගේට පෙර එම වාර්තාවට යිමිකම් කියා ඇත්තේ වේග පන්දු යවන්නකු වන චරිත බුද්ධික වන අතර ඔහු 2001 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එම දක්ෂතාවය දක්වන විට ඔහුගේ වයස අවුරුදු 21 යි දින 65 ක් ලෙසින් සටහන්ව තිබිණ.

පාකිස්තානු කණ්ඩායම සතු ප්‍රධානම වේග පන්දු යවන්නන් දෙදෙනා වන නසීම් ෂා සහ හැරිස් රාවුෆ් ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් හෙට තරගයේදී ඔවුන්ගේ දායකත්වය පාකිස්තානයට අහිමි වනු ඇත. කෙසේ වෙතත් ඔවුන් දෙදනො වෙනුවට වසීම් ජූනියර් සහ සමාන් ඛාන් කැඳවනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Active filters

Recent Posts

  • සී.සී.සී. අපරාජිතව පෙරමුණේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමාවූ සීසීසී හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 74ක ජයක් […]
  • මැතිව්ස් ජනතාව වෙත කණගාටුව පළ කරයි
    ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුවීම පිළිබඳව කණ්ඩායම වෙනුවෙන් තමා ශ්‍රී ලංකාවාසීනට කණගාටුව පළ කරන බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති
    ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් ලෙසින් අද (15 දා) හම්බන්තොටදී ආරම්භ […]
  • චමෝද් සඳරුගේ තුන් ඉරියව් දදක්ෂතා මේරියන්ස් පිලට ජය ගෙනෙයි
    මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද (14) පැවැති මේජර් අන්තර් සමාජ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. සහ චිලව් මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරු ලකුණු […]
  • ඒස් කැපිටල් පිට පිට දෙවැනි ජය ලබයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය හා එස්එස්සී අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ […]

Pin It on Pinterest

USD United States (US) dollar