slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2023
පන්දු යැවීම ගැන සතුටු වෙන්න බෑ – සධීර

sinhala editor

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයේදී පන්දු යැවීමේ අංශය පිළිබඳ සතුටු විය නොහැකි බව සධීර සමරවික්‍රම පැවැසීය. දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ පැවැති දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් අනතුරුව (8දා) පැවැති මාධ්‍ය හමුවේදී සධීර සමරවික්‍රම එලෙස පැවැසීය.

මෙම තරගයෙන් ලකුණු 102ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. කාසියේ වාසිය දසුන් ශානක දිනා මුලින් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර, ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 428ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඕවර් 44.5කදී ලකුණු 326කට සීමා විය.

“ තණතිල්ල බැලුවාම ඒක හොද තණතිල්ලක්. අපේ පන්දු යැවීම පිළිබඳ සතුටු වෙන්න බෑ. වැඩිපුර අපි එක තැනකට පන්දු යැවීම කළේ නෑ. මේ වගේ ක්‍රීඩාංගණයක පොඩි වරදක් හරි පන්දු යවන්නන් අතින් සිදු වුණාම හයේ හා හතරේ පහරවල් එනවා. ඒ නිසා පන්දු යැවීම මෙයට වඩා හොද විය යුතුව තිබුණා“ සධීර සමරවික්‍රම පැවැසීය.

“ඇත්තටම මේ වගේ ලොකු ලකුණු ගණනක් හඹා යද්දී, අපට වේලාව අරන් ඉදලා ප්‍රහාර දෙන්න අමාරුයි. ඒකට පිතිකරුවන්ට වෙලාවක් නෑ. ධනාත්මකව ගහන්න වෙනවා. ඒ නිසා මේ ලකුණු ගණනත් ලොකු දෙයක්. මැද පෙළ තව ලකුණු ටිකක් ආවානම් ළං කරන්න හෝ ජයග්‍රහණය කරන්න තිබුණා. ඇත්තටම කුසල් මෙන්ඩිස්, දසුන් ශානක හා චරිත් අසලංක ක්‍රීඩා කළ ආකාරය අපේ පිතිකරණ අංශයට විශාල පිබිදීමක්. විශේෂයෙන් දසුන් ශානක නැවැත ලකුණු අතරට ආපු එක කණ්ඩායමක් ලෙස සතුටුවිය යුතු අවස්ථාවක්. ඔහු හොදින් පහර දුන්නා. කුසල් මෙන්ඩිස් හා මගේ දැවී යෑම මේ තරගයේ හැරවුම් ලක්ෂයක් වුණා“ සධීර සමරවික්‍රම සඳහන් කළේය.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිට ආසියානු ක්‍රිකට් තරගාවලිය, එල්පීඑල් තරගාවලිය ඇතුළු ශ්‍රී ලංකාවේ පැවැති අඩු ලකුණු වාර්තා වූ තණතිලිවලින් පසු මේ වගේ තණතිල්ලක ක්‍රීඩා කිරීම කොතරම් අපහසු වූවාද? යන්න මාධ්‍යවේදියෙකු සධීර වෙත ප්‍රශ්නයක් යොමු කළ අතර, එහිදී ඔහු සඳහන් කළේ එම වෙනස බරපතල ගැටලු ඇති කරන්නක් වූ බවය.

“ඔව් ඇත්තටම ඒක ලොකු බලපෑමක් වුණා අපිට. අපේ රටේ ක්‍රීඩා කරද්දී ආසියානු ක්‍රිකට් තරගාවලිය, එල්පීඑල් තරගාවලිය ගොඩක් තරගාවලි දඟ කැවෙන තණතිලිවල ක්‍රීඩා කළේ. මුලින් ක්‍රීඩා කළ කණ්ඩායම ලකුණු ගොඩක් ගැහුව්වෙත් නෑ. ඒ නිසා ලකුණු හඹායන්න තිබුණේ නෑ. නමුත් මේ තණතිල්ල ලකුණු විශාල ප්‍රමාණයක් තියෙන ගොඩක් වෙනස් එකක්. අපි ලංකාවේ ක්‍රීඩා කළ තණතිලිවල ක්‍රීඩා කරලා මේ වගේ තණතිල්ලක පන්දු යවද්දී අපේ පන්දු යවන්නන් විශාල ලෙස පුදුමයට පත් වෙනවා. ඉදිරියේදී ලංකාවේ මේ වගේ තණතිලි ලැබෙයි කියා හිතනවා“ සධීර පැවැසීය.

දිගින් දිගටම තරග පරාජයට කව්ද වගකියන්න ඕනේ? මාධ්‍යවේදියෙකු තවත් ප්‍රශ්නයක් යොමු කළේය.

“කවුරුත් තරග පරදින්න ක්‍රීඩා කරන්නේ නෑ. ඒ නිසා කවුරුත් වග කියන්න ඕනේ නෑ. අපි හැමෝම සෙල්ලම් කරන්නේ දිනන්න. එක දිගට පැරදුනේ තවම තරග 3යි. නමුත් අපි තරග 14ක් එක දිගට දිනපු කණ්ඩායමක්. අපි බලනවා මේ ජයග්‍රාහී මාවත විවර කරගන්න. ඊළග තරගයේ මේ තත්ත්වය ඇති කර ගත යුතුයි“ සධීර සඳහන් කළේය.

“මහේල ජයවර්ධන ගේ සේවය නිසා අපට විශාල විශ්වාසයක් ඇතිව තිබෙනවා. ඔහු ලෙජන්ඩ් කෙනෙක්. ඔහු සමග අපි සැලසුම් කළේ මූලික දේවල් කරන්න. මේ වගේ හතරේ සීමාව ළග ක්‍රීඩාංගණවල මූලික දේවල් කළොත් ජය ගන්න පුුලුවන් ආකාරය මහේල අපට අවබෝධ කර දුන්නා“ සධීර සමරවික්‍රම පැවැසීය.

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

USD United States (US) dollar