slc
logo
Home   |    News
ඔක්තෝබර් 20, 2023
පළමු තරගය ජය ගැනීමේ තදබල අවශ්‍යතාව ක්‍රීඩකයින් තුළ තිබෙනවා – නවීඩ් නවාස්

sinhala editor

කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමේ පීඩනය මෙන්ම තදබල අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සිත්තුල ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා පිල පසුගිය තරගවලදී යම් යම් අංශවලින් හොඳ දක්ෂතා පෙන් වුවද, තවමත් ජයග්‍රහණය උදෙසා ක්‍රීඩාව ඉදිරියට ගෙන ගොස් නැතැයි හෙතෙම පැවැසීය. නව නායකයෙකු සමඟ පසුගිය දිනවල කණ්ඩායම හොදින් පුහුණු කිරීම්වල නිරත වූ බැවින් ධනාත්මකව නෙදර්ලන්ත තරගයට මුහුණදිය යුතුව ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ මහතා මෙසේ පැවැසූවේ හෙට (21) ලක්නව් භාරත් රත්න ශ්‍රී අතාල් බිහාරි වජ්පායි එකානා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත නෙදර්ලන්ත තරගයට පෙර අද පැවැති මාධ්‍ය හමුවේදීය. මෙම තරගය හෙට පෙරවරු 10. 30ට ආරම්භවන දිවා තරගයකි.

“පැහැදිලිවම පළමු තරග දෙක, පිතිකරණ අංශයෙන් අපි හොඳින් කළා. ප්‍රධානම දේ තමයි අපිට පන්දුවට පහර දීමේදී පැහැදිලි සැලැස්මක් තිබීම සහ විවිධ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ විවිධ ක්‍රීඩා ක්‍රම තුලින් කණ්ඩායමේ සැලැස්මෙට දායකත්වය ලබාදීම. නිමාවූ තරග පිළිබඳ සාකච්ඡා කර ඇති නිසා ඉදිරි සැලසුම් කෙසේද යන්න පිළිබඳව ක්‍රීඩකයින් ඉතා පැහැදිලි බව අවබෝධ කරගෙන සිටිනවා. කණ්ඩායමක් ලෙස සාමාන්‍ය දක්‍ෂතා ඉදිරියට ගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා. මේක දිවා තරගයක් නිසා රාත්‍රියේ ඇතිවන පින්න පිළීබඳ සාධකය නැහැ. මම හිතන්නේ තණතිල්ල ලොකු වෙනසක් නැති වෙයි“ නවීඩ් නවාස් මහතා පැවැසීය.

“ ඇත්තටම දසුන් නැතිවීම අපිට පාඩුවක්. කණ්ඩායමේ නායකයා අහිමි වන ඕනෑම කණ්ඩායමකට ඒක පැහැදිලි බලපෑමක් වෙනවා. නමුත් කුසල් මෙන්ඩිස් බොහෝ කලක සිට දසුන් සමඟ උපනායකයා ලෙස කටයුතු කළා. ඔහු පළපුරුදු ක්‍රීඩකයෙකු නිසා නායකත්වය පිළීබඳ ලොකු ප්‍රශ්නයක් නෑ. තරගාවලියේ සිදුවන ඇතැම් දේවල් ගැන අපට පාලනයක් නෑ. මේ වගේ දීර්ඝ තරගාවලියකදී උඩු යටිකුරු සිදුවීම් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ගැන හිතන්නේ නැහැ. පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම අංශවල අඩුපාඩු, වැරදි හදාගෙන අපගේ ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඉදිරියට යෑමයි අවශ්‍යතාව වන්නේ“ නවීඩ් නවාස් මහතා සඳහන් කළේය.

“ තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සැලසුම් සකස් කර තිබෙනවා. නමුත් අපි වර්තමානයේ රැඳී සිටින ස්ථානය හා මීළඟට මුහුණ දෙන අභියෝග සමඟ කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ නිසා අපි වැඩි දුර හිතන්නෙ නෑ. අපි උත්සාහ කරන්නේ දැනට අප සතුව ඇති සම්පත් එක්ක ගනුදෙනු කරලා ඉස්සරහට යන්නයි“

“දසුන් ශානක දැනට පුනරුත්ථාපන ක්‍රියාවලියක යෙදී සිටිනවා. ඔහු දැනටමත් පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා. ඔහු සංචිතයේ නෑ. නමුත් ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටිනවා. ඇන්ජලෝ මැතිව්ස්ට හෙට නෙදර්ලන්ත තරගයට එන්න බැහැ, මොකද එයා සංචිතයේ 15 දෙනාට ඇතුළත් නැති නිසා. ඇන්ජලෝ හෝ දුෂ්මන්ත තරගයකදී ක්‍රීඩා කරන්න නම් සංචිතයෙන් ක්‍රීඩකයෙක් ආබාධ හේතුවෙන් නිදහස් කරන්න ඕනේ. ඉදිරි දිනවලදී වෛද්‍ය වාර්තා අනුව තීරණයක් ගන්නවා. දැනට තේරීම් කමිටුව කරන්නේ ක්‍රිඩකයින් අවශ්‍ය වුණොත් සූදානම් කර තැබීමයි “ නවීඩ් නවාස් මහතා පැවැසීය.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee