slc
logo
Home   |    News
ඔක්තෝබර් 11, 2023
පාකිස්තානයට එරෙහි සටනට ශ්‍රී ලංකා යොවුන් පිල නම් කරයි

sinhala editor

පාකිස්තානයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. රාජකීය විදුහල නියෝජනය කරනු ලබන සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ උප නායකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලේ මල්ෂ තරුපති නම් කර තිබේ.

ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් වතාවට බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සමඟ එක්දින සහ සිව්දින තරගාවලියකට ක්‍රීඩා කළ අතර එම සංචිතය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 14 දෙනෙකුම පාකිස්තානු තරග සංචාරයට ඇතුළත්ව සිටිති. ඒ අනුව කුරුණෑගල ශාන්ත ආනා විදුහල නියෝජනය කරනු ලබන ගීතික ද සිල්වා සහ මහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනය කරනු ලබන මනුල කුලරත්න කණ්ඩායමට අලුතින් පැමිණ සිටින ක්‍රීඩකයෝ වෙති. මොවුන් දෙදෙනාම වේග  පන්දු යවන අතර ගීතික දකුණතින්ද මනුල වමතින්ද පන්දු යවති.

සිව්දින තරගයක් සහ එක්දින තරග 5 ක් ඇතුළත් මෙම පාකිස්තානු තරග සංචාරයේ සියලුම තරග ඔක්තෝම්බර් මස 15 ැවනිදා සිට 31 වැනිදා දක්වා කරච්චිහිදී පැවැත්වේ. පළමුව සිව්දින තරගයෙන් ආරම්භ වන මෙම තරගාවලියේ එක්දින තරග 22 වැනිදා සිට පැවැත්වෙනු ඇත.

පාකිස්තානු යොවුන් පිලට එරෙහි මෙම තරගාවලිය මේ වසරේදී ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගිවනු ලබන සිව්වැනි ජාත්‍යන්තර තරගාවලිය වන්නේය. මීට පෙර ශ්‍රී ලංකා පිල මෙම වසර මුලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී සිව්කොන් තරගාවලියකටද පසුව ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග 2 කින් සමන්විත එක්දින තරගාවලියකටද සහභාගිවූ අතර අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිල සමඟ සිය මව්බිමේදී සිව්දින සහ එක්දින තරගාවලියකට ක්‍රීඩා කළේය. එම තරගාවලියේදී සිව්දින තරගාවලිය 1-0 ක් ලෙස ජය ගත් යොවුන් ක්‍රීඩකයෝ එක්දින තරගාවලියද 2-1 ක් ලෙස ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඔක්තෝම්බර් මස 12 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව පාකිස්තානය බලා පිටත්වය යෑමට නියමිතය.

 

ක්‍රීඩකයාගේ නම

පාසල

1 සිනෙත් ජයවර්ධන (නායක) රාජකීය විදුහල – කොළඹ
2 මල්ෂ තරුපති (උප නායක) රිච්මන්ඩ් විදුහල – ගාල්ල
3 පුළිඳු පෙරේරා ධර්මරාජය විදුහල – මහනුවර
4 විශේන් හැළඹගේ ශාන්ත පීතර විදුහල – බම්බලපිටිය
5 රවිෂාන් නෙත්සර පී. ද එස් කුලරත්න විදුහල – අම්බලන්ගොඩ
6 සරුජන් ශන්මුගනාතන් ශාන්ත බෙනඩික්ට් විදුහල – කොටහේන
7 දිනුර කලුපහන මහින්ද විදුහල – ගාල්ල
8 විහස් තෙව්මික තර්ස්ටන් විදුහල – කොළඹ
9 විශ්ව ළහිරු ශ්‍රී සුමංගල විදුහල – පානදුර
10 ගරුක සංකෙත් ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල
11 රුවිෂාන් පෙරේරා ආනන්ද විදුහල – කොළඹ
12 කවීෂ පියුමාල් ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට
13 හිරාන් ජයසුන්දර ශාන්ත ජෝෂප් විදුහල – මරදාන
14 ගීතික ද සිල්වා ශාන්ත ආනා විදුහල – කුරුණෑගල
15 රුෂඳ ගමගේ ශාන්ත පීතර විදුහල – බම්බලපිටිය
16 මනුල කුලරත්න ත්‍රිත්ව විදුහල – මහනුවර

 

අතිරේක – සුපුන් වඩුගේ (ත්‍රිත්ව විදුහල – මහනුවර), දිනුර අබේවික්‍රමසිංහ (සර්වේසස් විදුහල – මාතර), ජනිත් ප්‍රනාන්දු (ශාන්ත ජෝෂප් වාස් විදුහල – වෙන්නප්පුව), දිනුක තෙන්නකෝන් (ත්‍රිත්ව විදුහල – මහනුවර), රනුක මලවිආරච්චි (රාජකීය විදුහල – කොළඹ), විශ්ව රාජපක්ෂ (ජෝෂප් වාස් විදුහල – වෙන්නප්පුව)

නිලධාරී මඬුල්ල – ජයන්ත සෙනෙවිරත්න (කලමනාකරු), ජෙහාන් මුබාරක් (ප්‍රධාන  පුහුණුකරු), චමිල ගමගේ (සහාය පුහුණුකරු), ගයාන් විජේකෝන් (පන්දු රැකීමේ පුහුණුකරු), සම්පත් පෙරේරා (සහාය පුහුණුකරු), අජන්ත වත්තේගම (භෞත චිකිත්සක), රන්ජන් සෙනෙවිරත්න (දත්ත විශ්ලේෂක), ප්‍රදීප් ධර්මසේන (නියෝජිත – පාසල් ක්‍රිකට් සංගමය)

Active filters

Recent Posts

  • හම්බන්තොට පළමු ජය ලබයි
    ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් […]
  • ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු […]
  • ජනසතු සේවා ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට
    සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ […]
  • තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. […]
  • කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට
    Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee