slc
logo
Home   |    News
ඔක්තෝබර් 4, 2023
පිරිමි ක්‍රිකට් පදක්කම් බලාපොරොත්තුව බිද වැටෙයි

sinhala editor

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්ව නියෝජනය කළ සහන් ආරච්චිගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව අද (04 දා) සහභාගි වුණු අර්ධ අවසන් පූර්ව තරගයෙන්ලද ලකුණු 08 ක පරාජය හේතුවෙන් කුසලාන බලාපොරොත්තු අහිමි කර ගත්තේය.

ඉකුත් 2014 වසරේ පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගිවූයේ රන් පදක්කම් ලාභීන් ලෙසින් වුවත් අද ලද පරාජය මත ලෝකඩ පදක්කමක් හෝ දිනා ගැනීමට තිබූ බලාපොරොත්තු අතරහැර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක සහන් ආරච්චිගේ පළමුව පන්දුවට පහර දීම සඳහා ඇෆ්ගනිස්තානු පිලට ආරාධනර කළ අතර නුවන් තුෂාර ප්‍රමුඛ පන්දු යවන්නන් සිය යුතුකම් කොටස ඉටු කිරීමට සමත්වීම නිසා පන්දුවාර 18.3 ක් ඇතුළතදී ප්‍රතිවාදීන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි.

විස්සයි-20 තරගයකදී ලකුණු 117 ක ඉලක්කයක් යනු ඉතා පහසු ඉලක්කයක් වුවත් පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් 20 වැනි පන්දුවාරය පළමු පන්දුව අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 108 කදී නිමාවට පත්විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ නායක සහන් ආරච්චිගේ වන අතර ඔහු පන්දු 29 කදී ලකුණු 22 ක් ලබා ගත්තේය. දුවද්දී දැවී යෑමකට හසුව නායකයාගේ ඉනිම නිමා වද්දී සෙසු පිතිකරුවන්ගේ දායකත්වය ඉතා අවම මට්ටමක පැවැතිණ. ශ්‍රී ලංකා පිතිකරුවන් කොතෙක් අසීරුතාවයට පත් වූවේද කිවහොත් සහන්ට අමතරව පිතිකරුවන් තිදෙනෙකු පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා ලීමට සමත්වීම කණගාටුදායක විය. ලසිත් කෘෘස්පුල්ලේ (16), අෂේන් බණ්ඩාර (13), සහ විජයකාන්ත් වියස්කාන්ත් (13*) පමණක් එසේ ලකුණු 10 සීමාව ඉක්මවාලූ පිතිකරුවෝ බවට පත්වූහ. පන්දු යැවීමේදී ගුලාබ්දීන් නයිබ් සහ කේස් අහමඩ් කඩුලු 3 බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අසීරුවට පත් කළහ.

පළමුව පන්දුවට  පහර දුන් ඇෆ්ගනිස්තානු පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු නුවන් තුෂාර ලකුණු 17 කට කඩුලු 4 ක් බිද හෙළුවේය. ඔහුට අමතරව සහන් ආරච්චිගේ කඩුලු 2 ක් බිඳ හෙළීය. පන්දුවට පහර දීමේදී නූර් අලී සද්‍රාන් පන්දු 52 කදීි ලකුණු 51 ක් රැස් කරද්දී මොහොමඩ් ශාසාඩ් (20) සහ ශහිදුල්ලා (23) ලකුණු 20 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කළහ.

ඇෆ්ගනිස්තානය පන්දුවාර 18.3 කදී සියලු දෙනා දැවී ලකුණු 116 යි – (මොහොමඩ් ශාසාඩ් 20, නූර් අලී සද්‍රාන් 51, ශහිදුල්ලා 23, නුවන් තුෂාර 17/4, සහන් ආරච්චිගේ 26/2, විජයකාන්ත් වියස්කාන්ත් 28/1, ළහිරු සමරකෝන් 10/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 108 යි – (සහන් ආරච්චිගේ 22, අෂේන් බණ්ඩාර 13, ලසිත් කෘෘස්පුල්ලේ 16, ගුල්බාදීන් නයිබ් 28/3, ශෆ්‍රයුඩීන් අශ්රෆ් 20/1, සහීර් ඛාන් 16/1, කේස් අහමඩ් 16/3, කරීම් ජැනට් 07/1)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee