slc
logo
Home   |    News
ඔක්තෝබර් 30, 2023
ඉදිරි තරග සියල්ල ජයගත යුතුයි – නවීඩ් නවාස්

sinhala editor

 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ල ජයගත යුතු බව දන්නා නිසා කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එම තරග සැහැල්ලුවට නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසීය. ඒ මහතා පවසන්නේ ඉදිරි සෑම තරගයක්ම පහසුවෙන් ජයග්‍රහණය කිරීම අපහසු බවයි. නවාස් මහතා මේ බව පැවැසූවේ අද පූනේ මහාරාෂ්ට ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයට පෙර ඔක්තෝබර් 29 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදීය.

“ඇෆ්ගනිස්තානය ඇත්තටම හොඳ කණ්ඩායමක්. ඒ වගේම ඉදිරි හැම තරගයක්ම අපිට අමාරු ගේම් එකක්. ඒ වගේම අපි ඉන්න තත්ත්වයේ ඉඳන් ඉදිරියට තරග සියල්ල දිනන්න අවශ්‍යයි. ඒ නිසා අපි කිසිම කණ්ඩායමක් සැහැල්ලුවට ගන්නේ නැහැ“ නවාස් මහතා පැවැසීය.

“අපි ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග කිහිපයක් ක්‍රීඩා කොට තිබෙනවා. පසුගිය ආසියානු කුසලානයේදීත් ක්‍රීඩා කළා. ඒ තරගවලදී අපි දිනුවා වගේම පැරදුණා. ඒ නිසයි මා කියන්නේ කණ්ඩායමක් එදා දවසේ ක්‍රීඩා කරන ආකාරය මත ජය පරාජය රඳා පවතිනවා කියා. සියල්ල රඳා පවතින්නේ ක්‍රීඩකයින් දවසේ ක්‍රීඩා කරන ආකාරය මත. අඩුවෙන් වැරදි කරන කණ්ඩායම වාසි ගන්නවා. ඒ වගේම තමයි අපි පසුගිය සති දෙක තුළ අවධානය යොමු කළේ පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ තුන වර්ධනය කර ගන්නයි. ඒ අංශ තුනේ හොඳම ක්‍රීඩාව ගෙන ඒමට අප උත්සාහ කරනවා“

“පුහුණුවීම් අතරතුරදී ළහිරු කුමාරගේ වම් පාදයේ මාංශ පේශිවල අපහසුතාවයක් ඇති වීම නිසා ඔහුට ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණා. මේ තත්ත්වය ඔහුට දිගටම පන්දු යැවීමට අභියෝගයක් නිසා 28දා සවස ස්කෑන් පරීක්ෂණයක් කළා. එහිදී වෛද්‍ය මතය වුණේ මාංශ පේශිවල ඉරීමක් ඇති බවයි. ඔහුට නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නම්, සති තුනක පමණ පුනරුත්ථාපන ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒ නිසා ඔහු වෙනුවට දුෂ්මන්ත චමීරට කණ්ඩායමට එක්වන්න අයිසීසී තාක්ෂණ කමිටුව අවසරය දුන්නා. ඇෆ්ගනිස්තානයට එහෙි තරගයට චමීර ක්‍රීඩා කරනවා. මොකද අපි ක්‍රීඩා කරන්නේ වේග පන්දු යවන්නන් තුන්දෙනෙක් එක්කයි“ නවීඩ් නවාස් මහතා සඳහන් කළේය.

“පූනේ හොඳ තණතීරුවක්. මේ වසරේ ජනවාරි මාසයේදී අපි ඉන්දියාවට එරෙහිව විස්සයි තරගයක් ක්‍රීඩා කළේ මේ තණතීරුවේ. ඒ තරගය අපි දින්නා. මම හිතන්නේ මේක හොඳ තණතීරුවක් වෙයි. ඒ වගේම මේ තණතීරුවේ පසුගියදා එක්දින තරග පහක් පමණ පවත්වා තිබෙනවා. එම තරගවල ඉහළ ලකුණු ලබා ගත් තරග කිහිපයක් තිබුණා. ඉතින් අපි හිතනවා මේ තණතීරුව හොඳ එකක් වෙයි කියලා. අපේ පිතිකරුවන්ට ලකුණු ගොඩක් ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසය. ඒ වගේම අපි හිතනවා හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලා“

“කුසල් ජනිත් පෙරේරා තරග පහකින් එක් තරගයකදී ලකුණු 78ක් රැස් කළා. අනෙක් ඉනිම හතරේදීම ඔහු අසාර්ථක වුණා. කුසල් ජනිත් පෙරේරාට කණ්ඩායම වෙනුවෙන් යම් යම් රාජකාරි පැවැරී තිබුණා. ඔහු ආබාධයෙන් පස්සේ ආයෙත් ක්‍රිකට් ගහන්න ආවේ. ඔහුගේ උරහිසේ ආබාධයෙන් පසු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා කිරීමට සූදානම් වුණේ. කුසල්ගෙන් බලාපොරොත්තු වූ දේ අපට ලැබුණේ නැහැ. නමුත් අපි ඔහුට ඉතා පැහැදිලි උපදෙස් හා අවස්ථාව දීලා තිබුණා නිදහසේ පහර දෙන්න. කුසල් මොන වගේ ක්‍රීඩකයෙක්ද කියලා අපි දැනගෙන හිටියා. ඔහුගේ සුපුරුදු ශෛලියට ක්‍රීඩා කිරීමේ නිදහස තිබුණා. තේරීම් කමිටුව දිමුත් කරුණාරත්න දෙස බලනවා“ නවීඩ් නවාස් මහතා පැවැසීය.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee