slc
logo
Home   |    News
අප්‍රේල් 2, 2024
ඔස්ට්‍රේලියා 19න් පහළ කාන්තා කණ්ඩායම අවසාන පන්දුවේදී ජය ගනී

Sri Lanka Cricket

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා – එංගලන්ත තුන්කොන් විස්සයි 20 කාන්තා අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවැති ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය උණුසුම් මුහුණුවරක් උසුලමින් තිබියදී ඔස්ට්‍රේලියාව අවසාන පන්දුවේදී ජය ලැබීය.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලබාගත් ලකුණු 132 හඹායාමේදී ඔස්ට්‍රේලියා කාන්තා 19න් පහළ කණ්ඩායම ද ඕවර 20 අවසානයේ කඩුලු තුනකට ලකුණු 133ක් රැස් කර කඩුලු හතක ජයක් ලැබීය.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් සංජානා කවිඳි පන්දු 29කදී හතරේ අටක් සමඟ ලකුණු 39ක් ද නායිකාව මනුදි නානායක්කාර පන්දු 18කදී හතරේ තුනක් සමඟ ලකුණු 19ක් ද රශ්මි නේත්‍රාංජලී පන්දු 13කදී හතරේ තුනක් සමඟ ලකුණු 16ක් ද රශ්මිකා සෙව්වන්දි පන්දු 11කදී හතරේ දෙකක් සමඟ ලකුණු 14ක් ද දෙව්මිණි විජේරත්න පන්දු 25කදී හතරේ පහරක් සමඟ ලකුණු දහයක් ද ලැබුහ.

ශ්‍රී ලංකා ප්‍රථම කඩුල්ලට සංජානා කවිඳි සහ දෙව්මිණි විජේරත්න ප්‍රථම කඩුල්ලට පන්දුවාර 8.2කදී (පන්දු 50) එක් කළ ලකුණු 47ක සබඳතාව මේ ඉනිමේ වැඩිම සබඳතාවයයි.

ඔස්ට්‍රේලියානු නායිකාව ලුසි හැමිල්ටන් පන්දු 41කදී හතරේ අටක් සමඟ නොදැවී ලකුණු 56ක් රැස් කර මේ තරගයේ වැඩිම ලකුණු ලාභිනිය වූවාය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7ට 132යි

(සංජානා කවිඳි 39, මනුදි නානායක්කාර 19, රශ්මි නේත්‍රාංජලි 16, රශ්මිකා සෙව්වන්දි 14, මැගී ක්ලාක් 18/2, ජුලියට් මෝටන් 12/2)

ඔස්ට්‍රේලියා කාන්තා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 3ට 133යි

(ලුසි හැමිල්ටන් නොදැවී 56, ග්‍රේස් ලියෝන්ස් 30, එලා බ්‍රිස්කො නොදැවී 14, රශ්මිකා සෙව්වන්දි 15/1, ශෂිනි ගිම්හානි 27/1යි)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee