slc
logo
Home   |    News
අප්‍රේල් 4, 2024
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් තෙවැනි විස්සයි 20 තරගය සහ තරගාවලියම ජය ගනී

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවී තෙවැනි විස්සයි 20 තරගයේ දෙවැනි කඩුල්ලට පන්දු 69කදී රැස් කළ ලකුණු 97ක වේගවත් සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතරක ජයක් අත් වූ අතරම තරගාවලියේ ජයග්‍රහණය ද හිමි වූයේ 2 – 1ක් ලෙසිනි.

ශ්‍රී ලංකාවේ ඇරියුමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හයකට රැස් කළ ලකුණු 155 හඹායාමේදී දෙවැනි විස්සයි 20 තරගයේ අර්ධ ශතකයක් (ලකුණු 65ක්) ලබා දක්ෂම ක්‍රීඩිකාව වූ විශ්මි ගුණරත්න මුළු ලකුණු පහේදී ලකුණකට දැවී ගියාය. මේ අවස්ථාවේ ආක්‍රමණශිලී පිතිහරඹයක් ඇරැඹු නායිකාව චමරි අතපත්තු පන්දු 46කදී හතරේ හතරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 73ක් ද හර්ෂිතා මාධවී සමරවික්‍රම පන්දු 43කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 54ක් ද රැස් කරමින් දෙවන කඩුල්ලේ 97ක සබඳතාවයෙන් ශ්‍රී ලංකාව ජය මාවතට යොමු විණි.

පසුව හෂිනි පෙරේරා (ලකුණු 10යි පන්දු 12යි හතරේ දෙකයි) සහ නිලක්ෂිකා ද සිල්වා (ලකුණු 12යි පන්දු හයයි හතරේ තුනයි) සිව්වන සහ පස්වන කඩුලුවල සබඳතාවයන්ට දායක වෙමින් ලංකා කාන්තා ජයග්‍රහණය ස්ථිර කළහ.

තෙවැනි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු ද තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දකුණු අප්‍රිකා නායිකාව ලෝරා වොල්වාඩ් ද තේරිණි.

කණ්ඩායම් දෙක අතර එක්දින තරගාවලිය අප්‍රේල් 9, 13 සහ 17 දිනවල පැවැත්වීමට නියමිතය. ඊට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අප්‍රේල් හය වැනිදා පුහුණු තරගයකට සහභාගි වනු ඇත.

දකුණු අප්‍රිකාවේ ඊස්ට් ලන්ඩන්හි බෆලෝ පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති කාන්තා තෙවැනි විස්සයි 20 තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටය. දකුණු අප්‍රිකාවේ ප්‍රථම කඩුලු තුන ඕවර නවයක් වන විට ලකුණු 65කට දැවී ගියත් ආරම්භක පිතිකාරිණිය නායිකාව ලෝරා වොල්වාඩ්, නාඩින් ඩී ක්ලාක් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ආවේ පස්වන කඩුල්ලට පන්දු 35කදී ලකුණු 54ක් රැස් කරමිනි.

ලෝරා වොල්වාඩ් තම ඉනිමේදී පන්දු 47කදී හතරේ අටක් සමඟ ලකුණු 56ක් ද නාඩින් ඩී ක්ලාක් පන්දු 25කදී හතරේ හතරක් සහ හයේ තුනක් සමඟ ලකුණු 44ක් ද අන්නකි බොස්ඩ් පන්දු 21කදී හතරේ තුනක් හයේ පහරක් සමඟ ලකුණු 27ක් රැස් කළහ.

දකුණු අප්‍රිකා ඉනිමේ 19 වන ඕවරය යැවු උදේශිකා ප්‍රබෝධනීගේ ඕවරයෙන් දකුණු අප්‍රිකා පිතිකාරිණියන් හයේ හතරේ පහර සමඟින් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තත් අවසාන ඕවරය යැවු සුගන්ධිකා කුමාරි එම ඕවරයේ ප්‍රථම පන්දුවට නායිකාව ලෝරා වොල්වාඩ් (56) පස්වන පන්දුවේදී එලිස් මාරි මැක්ස් ද (04) දවාලමින් මුළු ඕවරයටම ලකුණු හතරක් පමණක් දී මුළු ලකුණු සංඛ්‍යාව 155කට සීමා කර ගැනීමට සමත් වූවාය.

සුගන්ධිකා කුමාරි තම ඕවර හතර තුළ ලකුණු 24කට කඩුලු තුනක් දවාලුවාය.

ලකුණු පුවරුව

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ඕවර 20කදී කඩුලු 6ට 155යි

(ලෝරා වොල්වාඩ් 56, නාඩින් ඩී ක්ලාක් 44, ඇනකි බොස්ච් 27, සුගන්ධිකා කුමාරි 24/3, ඉනෝෂි ප්‍රියදර්ශනී 18/1, කවීෂා දිල්හාරි 22/1යි)

 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20දී කඩුලු හයට 156යි

(චමරි අතපත්තු 73, හර්ෂිතා සමරවික්‍රම 54, නිලක්ෂිකා ද සිල්වා 12, හෂිනි පෙරේරා 10, මරිසෙන් කැප් 24/1, එලිස් මාක්ස් 27/1, නාඩින් ඩී ක්ලාක් 25/2යි)

 

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee