slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2024
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි

Sri Lanka Cricket

මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20ක් අවසානයේ කඩුලු පහකට රැස් කළ ලකුණු 122ට පිළිතුරු ලෙස තායිලන්තය ඕවර 16.2කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළේ ලකුණු 55කි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදෙන අවස්ථාවේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු ප්‍රථම විකට්ටුවට පන්දු 29කදී ලකුණු 24ක් රැස් කළ අවස්ථාවේ ෂුට්රා රුරාග්ගේ පන්දුවකට උඩපන්දුවක් දී ලකුණු 13කට විශ්මි ගුණරත්න (පන්දු 14යි හතරේ දෙකයි) දැවී ගියාය.

නායිකාව චමරි අතපත්තු සහ හසිනි පෙරේරා දෙවැනි කඩුල්ලට ලකුණු 21ක් එක්කරද්දී මුළු ලකුණු 45කදී චමරි අතපත්තු දුවද්දී දැවීමට හසුව දැවී ගියේ ලකුණු 16ක් (පන්දු 23යි හතරේ දෙකයි) ලබා සිටියදී දෙවන කඩුල්ල ලෙසටය.

අංක තුන පිතිකාරිණි හසිනි පෙරේරා මැදපෙළ පිතිහරඹය මඳක් ශක්තිමත් කරමින් මෙදින ලකුණු 29ක් රැස් කරමින් (පන්දු 32යි හතරේ පහයි) 15 වන ඕවරය තෙක් කඩුල්ලේ රැඳී සිටියත් ඇය මුළු ලකුණු 78දී පස්වන කඩුල්ල ලෙස ඕවර 14.3දී දැවී යන විට ලංකා කණ්ඩායම ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් කරා පිවිස සිටියේ නොමැත.

එහෙත් හයවන කඩුල්ලට නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 29ක් ද (පන්දු 20යි හතරේ තුනයි) අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 13ක් ද (පන්දු 15යි හතරේ පහරයි) ලකුණු 44ක නොදැවුණු සාර්ථක සබඳතාවයක් (පන්දු 33යි) තබා ගැනීමෙන් ලංකා කණ්ඩායම ලකුණු 122ක් කරා යාමට අවස්ථාව උදා විණි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය වේගය 6.1කි. තායිලන්තය පන්දුවට පහර දෙන අවස්ථාවේ නානාපට් කොන්චාරොන්කායි ලකුණු 18ක් (පන්දු 27යි හතරේ දෙකයි) රැස් කර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අතර අනෙක් ක්‍රීඩිකාවනට ලකුණු දහය ඉක්මවීමට අවස්ථාව නොලැබිණි.

ලකුණු 14කට කඩුලු තුනක් දවාලු ඉනෝෂි ප්‍රියදර්ශනී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කැරිණි.

 ලකුණු පුවරුව

 ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 5ට 122යි

නිලක්ෂි ද සිල්වා නොදැවී 29, හසිනි පෙරේරා 29, චමරි අතපත්තු 16, විශ්මි ගුණරත්න 13, අනුෂ්කා සංජීවනී නොදැවී 13, හංසිමා කරුණාරත්න 11, සුනිඩා චටුරොන්ර රටානා 15/1, සුලිපොම් ලොමි 19/1)

තායිලන්තය කණ්ඩායම ඕවර 16.2කදී සියල්ල දැවී 55යි

(නානාපට් කොත්චාරොන්කොයි 18, ඉනෝෂි ප්‍රියදර්ශනී 14/3, උදේශිකා ප්‍රබෝධනී 10/2යි)

 

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee