slc
logo
Home   |    News
ජූනි 23, 2024
කොදෙව් කාන්තා පිලට එරෙහි විස්සයි-20 සටනට ශ්‍රී ලංකා පිල නම් කරයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව හෙට (24 දා) හම්බන්තොටදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහිදී නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව තිබේ.

නම් කරන ලද කණ්ඩායමට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඒ අතරට අවසන් එක්දින තරගයේදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වමත් දඟ පන්දු යවන්නිය වන සචිනි නිසංසලාවද ඇතුළත් කිරීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ. සචිනි මීට පෙර විස්සයි-20 ජාත්‍යන්තර තරග 5 කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇති අතර කඩුලු 3 ක් දවා ගැනීමට සමත්ව සිටින්නීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඕෂධී රණසිංහ, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, අමා කාංචනා, රශ්මිකා සෙව්වන්දි, ඉමේෂා දුලානි, ශෂින ගිම්හානි, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා සහ කෞෂනී නුත්‍යාංගනා.

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee