slc
logo
Home   |    News
ජූලි 13, 2024
අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම අපේ අභිප්‍රායයි – රොසොව්

sinhala editor

දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ ප්‍රථම සහ දෙවන ස්ථානයන් අතර පසු වන තම කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අපේක්ෂාව බව ජැෆ්නා කින්ග්ස් සහ කළම්බු ස්ට්‍රයිකර්ස් අතර ජූලි 10 වැනිදා පැවැති තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අංක තුන පිතිකරු රයිලි රොසොව් පවසයි.

ලකුණු 189ක් හඹායද්දී තම කණ්ඩායමේ කඩුලු කිහිපයක් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යන විට තමාට සහ අවිශ්ක ප්‍රනාන්දුට පහසුවෙන් ජයග්‍රහණ ඉලක්කය අසළට යාමට අවස්ථාව උදා වීම පිළිබඳව සතුටු වන බව පැවසු රයිලි මෙහිදී තමා හට නොදැවී ශතකයක් ලබා ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව ප්‍රීති වන බව ද ප්‍රකාශ කළේය.

දකුණු අප්‍රිකානු ජාතික 34 හැවිරිදි රයිලි රොසොව් වමතින් පිත්ත හසුරුවමින් මෙදින පන්දු 50කට පමණක් මුහුණ දී හතරේ පහර 12ක් සහ හයේ පහර හයක් සමඟ නොදැවී ලකුණු 108ක් රැස් කිරීමට සමත් විය. ජැෆ්නා කින්ග්ස් ලකුණු තිහකට කඩුලු දෙකක් ලබා සිටියදී රයිලි අංක හතර පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු (ලකුණු 58යි පන්දු 35යි හතරේ හතයි හයේ දෙකයි) ජැෆ්නා තෙවන කඩුල්ලට ලකුණු 120ක් රැස් කළේ පන්දු 64කට (ඕවර 10.4යි) මුහුණ දෙමිනි.

අපගේ කඩුලු දෙකක් කළින් දැවී ගියත් මෙම ඉලක්කයන් කරායාමට අප කණ්ඩායම සතුව දක්ෂ පිතිකරුවන් අංක නවය දක්වාම සිටිනවා. ඒ වගේම අපගේ පන්දු යැවීමත් අද හොඳම තත්ත්වයක පැවතීම ගැන සතුටුයි. මේ තරග තුළින් අපි හැමදාම යමක් ඉගෙන ගන්නවා. ඒ විතරක් නොවෙයි එල්.පී.එල්. තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් ලෙසට හැඳින්වීමට පුළුවන් යැයි ද රයිලි ප්‍රකාශ කරයි.

අපගේ ප්‍රධාන පුහුණුකරු (අවිශ්ක ගුණවර්ධන) සහ කණ්ඩායම් නායකයා (චරිත් අසලංක) ක්‍රීඩකයනට නිතර උපදෙස් දෙමින් ඔවුන් දිරිමත් කරන ආකාරය ප්‍රශංසනීයයි. මේ වන විටත් තරගාවලියේ ඉදිරියෙන් පසු වන අපට තවත් ජයග්‍රහණයක් තුළින් මුල් වටයේදී ප්‍රථම හෝ දෙවන ස්ථානයට ඒමට හැකිවේවි.

අප පන්දුවට පහර දෙන්නෙත් ක්‍රීඩා කරන්නෙත් ඉතා හොඳ මානසිකත්වයකින් සහ සැහැල්ලු සිතකිනුයි. එය සාර්ථකත්වයට තවත් ප්‍රබල හේතුවක්. මේ දිනවල ලකුණු අතර හොඳින් පන්දුවට පහර දෙන තමා ඇතුළු පිතිකරුවනට දිරිගැන්වීම් සඳහා එය තවත් සාධකයක්.

තරග දිනුවත් පැරැදුණත් ඊට හොඳින් මුහුණ දී සතුටින් ක්‍රීඩා කිරීම අපේ පිළිවෙතයි. තරගයක් පවතින ස්වභාවය අනුව ක්‍රීඩා කරමින් එය ජය ගැනීමට අවස්ථානුකූලව ක්‍රීඩා කිරීම අපගේ පිළිවෙත යැයි ද රයිලි රොසොව් ප්‍රකාශ කළේය.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee