ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ තායිලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගිවූ තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (24 දා) රාත්‍රියේ සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදි ‘බි‘ කාණ්ඩයේ අපරාජිතව අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් තායිලන්ත කණ්ඩායම ලබා දුන් ලකුණු 94 ක ඉලක්කය හඹා ගිය තායිලන්තය පන්දුවාර 11.3 කදී කිසිවකු නොදැවී රැස් කර ගැනීමට සමත්විය. එ් වෙනුවෙන් නායිකා චමරි අතපත්තු පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 49 ක්ද විෂ්මි ගුණරත්න පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් නොදැවී ලකුණු 39 ක්ද රැස් කිරීමට සමත්වූහ.
මෙම තරගයේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම ඉතා ඉහළ මට්ටමක පැවැති අතර, පන්දු රැකීමට නොදැවෙනි පන්දු යැවීම හමුවේ තායිලන්ත කණ්ඩායමට පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 93 ක් පමණි. මෙහිදී වැඩිම ලකුණු ලාභිණිය වූයේ නායිකා නානාපත් කොචරොන්කායි වන අතර ඇය පන්දු 53 කදී නොදැවී ලකුණු 47 ක් ලබා ගත්තාය.
පන්දු යැවීමේදී වැඩිම කඩුලු ලාභිණිය වූයේ කවීෂා දිල්හාරි වන අතර ඇය පන්දුවාර 4 කදී ලකුණු 13 ක් පමණක් ලබා දී කඩුලු 2 ක් දවා ගත්තාය. ඊට අමතරව ලෝක විස්සයි-20 පන්දු යවන්නියන් අතර සිව්වැනි ස්ථානයේ පසුවන ඉනෝෂි ප්‍රියදර්ශනී, චමරි අතපත්තු, අචිනි කුලසූරිය සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගත්හ. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ නායිකා චමරි අතපත්තු විසින් දිනා ගත්තාය.
තායිලන්තය පන්දුවාර 20 කදී කඩුලු 7 කට ලකුණු 93 යි
නානාත් කොචොරොන්කායි 47*, කවීෂා දිල්හාරි 13/2
ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 11.3 කදී කිසිවකු නොදැවී ලකුණු 94 යි
චමරි අතපත්තු 49*, විශ්මි ගුණරත්න 39*