slc
logo
Home   |    News
අගෝස්තු 29, 2024
නැෂනල් යූත් ලීග් අවසන් සටනේදී කැන්ඩි සහ කලම්බු සවුත් ගැටෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක ක්‍රිකට් තරගාවලියේ හෙට (30 වැනි සිකුරාදා) පැවැත්වීමට නියමිත අවසන් ම හ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කලම්බු සවුත් සහ කැන්ඩි කණ්ඩායම් සමත්ව සිටිති.

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අදාළ අවසන් මහ තරගය සදහා විමත් දිල්සරගේ නායකත්වයෙන් යුතු කලම්බු සවුත් කණ්ඩායම විසින් ගෝල් කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයකුත, කවීජ ගමගේ නායකත්වයෙන් යුතු කැන්ඩි කණ්ඩායම විසින් කලම්බු නෝර්ත් කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයකුත් වාර්තා කරමින් අවසන් මහ තරග වරම උදා කර ගත්හ.

සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ  පැවැති ප්‍රථම අවසාන පූර්ව තරගයේ දී කළම්බු නෝර්ත් පන්දුවාර 50 අවසානයේ සියලු පිතිකරුවන් දැවී රැස් කළ ලකුණු 226ට පිළිතුරු ලෙස කැන්ඩි පන්දුවාර 48.2කදී කඩුලු 7කට ලකුණු 228ක් ලබා කඩුලු තුනක ජයක් ලැබීය. අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ අද (28) උදේ ආරම්භ වු කළම්බු සවුත් ගෝල් දෙවන අවසාන පූර්ව තරගයේ දී ගෝල් කණ්ඩායම පන්දුවාර 42.3කදී සියල්ල දැවී රැස් කළ ලකුණු 171ට පිළිතුරු ලෙස කළම්බු සවුත් පන්දුවාර 32කදී කඩුලු පහකට ලකුණු 173ක් ලබා පහසු ජයක් ලැබීය.

අද (28) පැවැති අවසාන පූර්ව තරග දෙකේ දී අගපෙළ පිතිකරුවන් කිහිපදෙනකුම දක්ෂතා දැක්වීම කැපී පෙනුණු සිදුවීමකි. කැන්ඩි ඉනිම අගභාගයේ දී කළම්බු නෝර්ත් පන්දු රකින්නන් තීරණාත්මක උඩපන්දු දෙකක්ම බිම අත්හරිනු දක්නට ලැබිණි.

කළම්බු සවුත් කණ්ඩායමට මේ තරගය ජයගෙන අවසාන තරගයට සුදුසුකම් ලැබීමට ලකුණු 172ක පහසු අභියෝගයක් ලැබුණු අතර ඔවුන් එම ඉලක්කය පසු කළේ පන්දුවාර 18ක් සහ කඩුලු පහක් ද ඉතිරිව තිබිය දී පහසු ආකාරයෙනි.

 තරගයේ එකම අර්ධ ශතක ලාභියා වු කළම්බු සවුත් කණ්ඩායමේ අංක හතර පිතිකරු ඔෂාන් ද සිල්වා කළම්බු සවුත් ඉනිමේ දී දක්ෂ අයුරින් පන්දුවට පහර දෙමින් පන්දු හැටකට මුහුණ දී ලකුණු 65ක් ලබා ගත්තේ හතරේ පහර නවයක් සහ හයේ පහරක් ද සමඟය.

 ලකුණු 172ක ජයග්‍රහණ ඉලක්කය කරායද්දී ඔෂාන් සිව්වන කඩුල්ලට දිනෙත් සිතුමිණ සමඟ පන්දුවාර 14.5කදී ලකුණු 83ක් සබඳතාවයකින් ජයග්‍රහණය ආසන්නයටම පිය නැඟුහ. ඔෂාන් කළම්බු සවුත් කණ්ඩායමේ පස්වන පිතිකරු ලෙස දැවී යන විට ඔවුන් මුළු ලකුණු 150ක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 22ක් පමණක් පිටුපසින් පසු විය.

 කළම්බු සවුත් දෙවන හොඳම සබඳතාවය වුයේ හයවන කඩුල්ලට රමිරු පෙරේරා සහ රුසිත් ජයවර්ධන පන්දුවාර හතරකදී නොදැවී තබාගත් ලකුණු 23ක සබඳතාවයයි.

 මේ කණ්ඩායම වෙනුවෙන් දස්කම් පෑ අනෙක් පිතිකරුවන් වු රමිරු පෙරේරා නොදැවී ලකුණු 31ක් ද අංක පහ පිතිකරු දිනෙත් සිතුමිණ පන්දු 41කදී හතරේ හතරක් සමඟ ලකුණු 29ක් ද ආරම්භක පිතිකරු සුහස් ප්‍රනාන්දු පන්දු 33කට මුහුණ දී හතරේ තුනක් සමඟ ලකුණු 23ක් ද රැස් කළහ.

 ගෝල් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දෙද්දී කළම්බු සවුත් පන්දු යවන්නන් සිව්දෙනකුම ළඟ ළඟම කඩුලු දෙක බැගින් දවාලීමෙන් ගෝල් ඉනිම පන්දුවාර 42.3කදී නිමාවට පත්වුයේ ලකුණු 171කටය.

 ගෝල් ඉනිම වෙනුවෙන් දස්කම් දැක් වු පිතිකරුවන් වු අංක හත පිතිකරු රෂේන් දිල්හාර පන්දු 50කදී හතරේ තුනක් සමඟ ලකුණු 33ක් ද අංක හතර පිතිකරු ගිම්හාන රසාංජන පන්දු 33කදී හතරේ දෙකක් හයේ පහරක් සමඟ ලකුණු 26ක් ද ආරම්භක පිතිකරු දුල්සිත් දර්ශන පන්දු 28කදී හතරේ තුනක් සමඟ ලකුණු 24ක් ද අනෙක් ආරම්භක පිතිකරු විනෝද් ධනුෂ්ක පන්දු 15කදී හතරේ දෙකක් සමඟ ලකුණු 13ක් ද අංක තුන පිතිකරු රන්දුල් මාබරණ පන්දු 45කදී හතරේ පහරක් සමඟ ලකුණු 15ක් ද රැස් කළහ.

 ගෝල් කණ්ඩායමේ හොඳම සබඳතා දෙක වුයේ ආරම්භක කඩුල්ලට දුල්සිත් දර්ශන සහ විනෝද් ධනුෂ්ක පන්දුවාර 5.1කදී එක් කළ ලකුණු 30ත් තෙවන කඩුල්ලට රන්දුල් මාබරණ සහ ගිම්හාන රසාංජන පන්දුවාර 10.5කදී එක් කළ ලකුණු 39ත් ය.

 තියුණු මුහුණුවරක් ඉසිලු කැන්ඩි සහ කලම්බු නෝර්ත් අතර තරගයේ දී කැන්ඩි කණ්ඩායම ලකුණු 227ක ජයග්‍රහණ ඉලක්කයක් පසු පස හඹායද්දී පන්දුවාර 30.3ක් අවසන් වන විට ඔවුන් පසු වුයේ ලකුණු 146කට කඩුලු හයක් දැවී අසීරු තත්ත්වයකය.

 මේ අවස්ථාවේ දී අගපෙළ පිතිකරුවන් අධිෂ්ඨානශීලීව නොපසුබටව පන්දුවට පහරදෙමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ තරගය නිමවීමට පන්දු දහයක් ඉතිරිව තිබිය දී  කඩුලු තුනකින් ජය ගනිමිනි. කැන්ඩි ඉනිම අගභාගයේ දස්කම් දැක් වු එම පිතිකරුවන් වුයේ අංක 7 පිතිකරු ආදම් හිල්මි (නොදැවී 44) අංක අට පිතිකරු රයන් ග්‍රෙගරි සහ අංක නවය පිතිකරු දසුන් වලියංගය (නොදැවී 17යි)

 මේ අතුරින් ආදම් හිල්මි සහ රයන් ග්‍රෙගරි හත්වන කඩුල්ලට පන්දුවාර 9.2කදී ලකුණු 39ක් ද අටවන කඩුල්ලට ආදම් හිල්මි සහ අංක නවය පිතිකරු දසුන් වලියංග පන්දුවාර 8.3කදී නොදැවී ලකුණු 43ක සබඳතාවයක් ද තබා ගත්හ.

 කැන්ඩි ඉනිම වෙනුවෙන් ඉනිම ආරම්භයේ සිටම දස්කම් දැක් වු පිතිකරුවන් වුයේ ආරම්භක පිතිකරු කාශ්‍යප දිසානායක ලකුණු 50ක් ද (පන්දු 41යි හතරේ දෙකයි හයේ පහරයි) අංක හත පිතිකරු මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදම් හිල්මි නොදැවී ලකුණු 44ක් ද (පන්දු 56යි හතරේ හතරයි) අංක පහ පිතිකරු සෙත්මික සෙනෙවිරත්න ලකුණු 30ක් ද (පන්දු 41යි හතරේ දෙකයි හයේ පහරයි) සහ අංක හතර පිතිකරු ලකුණු 20ක් රැස් කළ නායක කවිජ ගමගේය.  (පන්දු 44යි හයේ පහරයි)

 කැන්ඩි කණ්ඩායමේ හොඳම සබඳතාවයන් වුයේ ප්‍රථම කඩුල්ලට කාශ්‍යප දිසානායක (50) සහ දිමන්ත මහාවිතාරණ (14) එක් කළ ලකුණු 57ක (පන්දුවාර 8යි) සබඳතාව සහ සිව්වන කඩුල්ලට නායක කවිජ ගමගේ සහ සෙත්මික සෙනෙවිරත්න පන්දුවාර 13.2කදී රැස් කළ ලකුණු 53ක සබඳතාවයයි.

 කළම්බු නෝර්ත් වෙනුවෙන් මෙදින දක්ෂතා දැක් වු පිතිකරුවන් වුයේ අංක දහය පිතිකරු ඩිමෝෂ් ගමගේ (නොදැවී 41යි පන්දු 43යි හතරේ පහයි) ආරම්භක පිතිකරු සෙනුජ වැකුණගොඩ (ලකුණු 36යි පන්දු 28යි හතරේ හයයි) අනෙක් ආරම්භක පිතිකරු දුල්නෙත් සිගේරා (ලකුණු 33යි පන්දු 39යි හතරේ තුනයි හයේ පහරයි) අංක හත පිතිකරු ලිතුම් සෙන්ජුල  (ලකුණු 26යි පන්දු 48යි හතරේ තුනයි හයේ පහරයි) සහ අංක අට පිතිකරු සිත්රු ප්‍රනාන්දුය. (ලකුණු 28යි පන්දු 64යි හතරේ තුනයි)

 කළම්බු නෝර්ත් කණ්ඩායමේ ද කඩුලු අටක් ලකුණු 143කට දැවී ගිය අවස්ථාවේ (පන්දුවාර 35.4කදී) එම ඉනිම ද ගොඩ ගත්තේ අංක දහය පිතිකරු ඩිමෝෂ් ගමගේ (නොදැවී 41) ඇතුළු අගපෙළ පිතිකරුවෝය.

 මෙහිදී නවවන කඩුල්ලට ඩිමෝෂ් ගමගේ සහ සිත්රු ප්‍රනාන්දු ලකුණු 61ක් ද (පන්දුවාර 11.4) දසවන කඩුල්ලට ඩිමෝෂ් සහ තනුග ගමගේ පන්දුවාර 2.4කදී ලකුණු 22ක් ද එක් කළහ. ඔවුනගේ පළමු කඩුල්ලට දුල්නෙත් සිගේරා සහ සෙනුජ වැකුණගොඩ පන්දුවාර 7.2කදී ලකුණු 45ක් රැස් කිරීමට සමත්විණි.

කළම්බු නෝර්ත් පන්දුවාර 50දී සියල්ල දැවී 226යි –

(ඩිමෝෂ් ගමගේ නොදැවී 41, සෙනුජ වැකුණගොඩ 36, දුල්නෙත් සිගේරා 33, සිත්රු ප්‍රනාන්දු 28, ලිතුම් සෙන්ජුල 26, තනුග පලිහවඩන 15, කිත්ම විදානපතිරණ 14, කෙනුල පිහිලියන්ග 35/3, සෙත්මික සෙනෙවිරත්න 53/2, කවිජ ගමගේ 32/2

 කැන්ඩි පන්දුවාර 48.2කදී කඩුලු 7ට 228යි –

(කාශ්‍යප දිසානායක 50, ආදම් හිල්මි නොදැවී 44, සෙත්මික සෙනෙවිරත්න 30, කවිජ ගමගේ 20, දසුන් වලියංග නොදැවී 17, රයන් ග්‍රෙගරි 14, කිත්ම විදානපතිරණ 19/2යි, සෙත්රු ප්‍රනාන්දු 14/1, තනුග පිලිහවඩන 23/1යි)

කලම්බු සවුත් – ගෝල්

 ගෝල් පන්දුවාර 42.3කදී සියල්ල දැවී 171යි –

(රෂේන් දිල්හාර 33, දුල්සිත් දර්ශන 24, ගිම්හාන රසාංජන 26, රන්දුල් මාබරණ 15, විනෝද් ධනුෂ්ක 13, ඔෂාන් ද සිල්වා 25/2, රන්දීෂ බණ්ඩාරනායක 17/2, රමිරු පෙරේරා 26/2, රුසිත් ජයවර්ධන 16/2)

  කළම්බු සවුත් පන්දුවාර 32කදී කඩුලු 5ට 173යි –

(ඔෂාන් ද සිල්වා 65, රමිරු පෙරේරා නොදැවී 31, දිනෙත් සිතුමිණ 29, සුහස් ප්‍රනාන්දු 23. විරාන් චමුදිත 21/2, රෂේන් දිල්හාර 19/1

කලම්බු සවුත් කණ්ඩායම –

විමත් දින්සර (නායක), රෙහාන් පීරිස්, සුහස් ප්‍රනාන්දු, රමිරු පෙරේරා, අසදිසි ද සිල්වා, ඔෂාන් ද සිල්වා, දිනෙත් සිතුමිණ, ජේසන් ප්‍රනාන්දු, රුෂඳ සිල්වා, රන්දීෂ බණ්ඩාරනායක, අබීත් පරණවිදාන, චිතුම් බෙද්දගේ, හිරූෂ ප්‍රනාන්දු, ආකාෂ් දිසානායක, රුසිත් ජයවර්ධන

කැන්ඩි කණ්ඩායම –

කවීජ ගමගේ (නායක), දිමන්ත මහවිතාන, කෞෂික කුමාරසිංහ, කාශ්‍යප දිසානායක, පුලීෂ තිලකරත්න, ඒ.එල්.නාහ්‍යාන්, කලන හේරත්, ඔකිත් ප්‍රනාන්දු, චනිරු සේනාරත්න, ආදම් හිල්මි, ෂෙවාන් කැනිෂස්, දසුන් වාලියංග, සුමේධ ප්‍රසාද්, සෙත්මික සෙනෙවිරත්න, කෙනුල පිහිලියංග, නිමේෂ් සිල්වා, රයන් ග්‍රෙගරි

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee