slc
logo
Home   |    News
අගෝස්තු 5, 2024
අවු. 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලිය 07 වැනිදා සිට හම්බන්තොටදී

sinhala editor

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 07 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ජාතික සංවර්ධන ක්‍රිකට් වැඩපිළිවෙළ යටතේ පවත්වනු ලබන මෙම පන්දුවාර විස්සයි-20 තරගාවලිය සඳහා කණ්ඩායම් 4 ක් තරග වදිති. කොළඹ, මහනුවර, දඹුල්ල, සහ ගාල්ල යන කණ්ඩායම් 4 සහභාගි වෙති.

අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන්ට අමතරව තරගාවලිය ඉලක්ක කර ගනිමින් පවත්වන ලද ගවේෂණාත්මක තරග වලදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා වරම් ලබා සිටිති.

අගෝස්තු 07 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියේ අවසන් මහ තරගය අගෝස්තු මස 15 වැනිදා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික තරග වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක්‍රීඩා කරනු ඇත. ඉන් වැඩිම ජයග්‍රහණ ලබන කණ්ඩායම් දෙකඅ වසන් මහ තරගය සඳහා සුදුසුකම් ල බනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee