slc
logo
Home   |    News
අගෝස්තු 20, 2024
සිනෙත් පළමු ශතකය රැස් කරද්දී රවීන්ගෙන් කඩුලු 8 ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අගෝස්තු මස 15 සහ 16 යන දෙදින පැවැති තරග වලදී එකම කණ්ඩායමක් හෝ පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කිරීමට අපොහොසත් වූහ. බහුතරයක් තරගමලට වර්ෂාවෙන් බලපෑම් ඇති වුවද තරග 4 ක් පළමු ඉනිමේ ජයග්‍රහණය වශයෙන් වාර්තා වූහ. එහිදී කුරුණෑගල තරුණ, බදුරලිය, නිගම්බු සහ ටැමිල් යුනියන් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරන ලද කණ්ඩායම් බවට පත්වූහ.

මේ අතර ඒස් කැපිටලන් කණ්ඩායමේ රවීන් ද සිල්වා මීගමුව කණ්ඩායමට එරෙහිව ලකුණු 58 ක් ඇතුළත කඩුලු 8 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනිණ. තවමත් 21 වැනි වියේ පසුවන දකුණත් පා දඟ පන්දු යවන රවීන් අවුරුදු 19 න් පහළ කණ්ඩායමද නියෝජනය කළේ කොළඹ නාලන්දා විදුහල නියෝජනය කරමිනි.

2024 තරගාවලියේදී පළමු ශතකයට හිමිකම් කීමට ටැමිල් යුනියන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන සමත්වූවේය. ඔහු එන්.සී.සී. පිලට එරෙහිව පන්දු 70 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 105 ක් ලබා ගැනීමට සමත්වූවේය.

ඔහුට අමතරව කුරුණෑගල තරුණ පිලේ රශ්මිත මදුශංසක, එස්. එස්. සී. හි රිවිති ජයසූරිය, රනුද සෝමරත්න, බදුරලිය ක්‍රීඩා සමාජයේ ෂේන් විජේසිංහ සහ යුතික ද සිල්වා,  කෝල්ට්ස් පිලේ ශලින් ද මෙල්, ගිත්මින් කොළඹගේ සහ ශෙරන් ෆොන්සේකා, නිගම්බු කණ්ඩායමේ මිහිල් කවීන්, ඒස් කැපිටල් කණ්ඩායමේ හිරාන් ජයසුන්දර, පානදුර ක්‍රීඩා සමාජයේ සවිඳු කාවින්ද සහ කවිඳු වික්‍රමසිංහ, කැන්ඩි කස්ටම්ස් පිලේ සහන් කෝසල, ටැමිල් යුනියන් පිලේ තරිඳු හර්ෂණ සහ පොලිස් කණ්ඩායමේ සංගීත් ශෙහාර සහ ඉරුෂ ආකාශ් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වූහ.

පන්දු යැවීමේදී පොලිස් කණ්ඩායමේ තනුග පළිහවඩන, එස්. එස්. සී. කණ්ඩායමේ සදීෂ් රාජපක්ෂ ලකුණ 68 කට කඩුලු 6 ක්ද, ටැමිල් යුනියන් පිලේ විහස් තෙව්මික, තීසන් විතූෂාන් ලකුණ 46/5 ක් සහ එන්. සී. සී, පිලේ සම්පත් නිශ්ශංක ලකුණු 79/5 ක් දවා පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

කුරුණෑගල තරුණට පළමු ඉනිමේ ජයක්

කුරුණෑගල තරුණ පළමු ඉනිම සියලුම දෙනා දැවී 306 (82.1) 

දිමන්ත මහවිතාන 36, සත්සර ගමගේ 33, අමේෂ් තෙන්නකෝන් 45, රශ්මික මධුශංක 62, දිමන්ත අරූශ 44, වතිල උදාර 23, දේශාන් සෙනෙවිරත්න 43, දමිත් කප්පාගොඩ 38/2, තනුග පලිහවඩන 100/5 

පොලිසිය පළමු ඉනිම සියලුම දෙනා දැවී 266 (71.1) 

බිහඟ මෙන්ඩිස් 26, සංගීත් ශෙහාර 92, ඉරුශ ආකාශ් 68, දමිත් කප්පාගොඩ 31, දේශාන් සෙනෙවිරත්න 27/2, දිමන්ත අරුශ 50/3 

කුරුණෑගල දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 08 (3.0) 


පළමු ඉනිමේ ජය බදුරලියට

එස්.එස්.සී. පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (31.0)

විශාල් රුක්ෂාන් 23, රනුද සෝමරත්න 34, කෙනුල් ද සොයිසා 25, ගිහාන් බාලසූරිය නොදැවී 24, රුචිර කෝශිත 26/2, සදීප් ප්‍රනාන්දු 46/3, නිර්මල රත්නායක 28/4 

බදුරලිය පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (60.0)

දිනාල් ඉඳුවර 19, යුතික ද සිල්වා 58, ශේන් විජේසිංහ නොදැවී 58, ශානික්‍ය දේශප්‍රිය 20, බී. එස්. එන්. කසුන් 22, සදීශ රාජපක්ෂ 68/6, ජිතාර සන්සික 35/2 

එස්.එස්.සී. දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 191 (40.0)

සදීශ රාජපක්ෂ 22, රිවිත් ජයසූරිය 55, රනුද සෝමරත්න නොදැවී 82, සසිඳු මල්ශාන් නොදැවී 23, රුචිර කෝෂිත 71/2, ශේන් විජේසිංහ 25/2 

මීගමුවට පළමු ඉනිමේ ජයක්

ඒස් කැපිටල් පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (53.0)

තරිඳු අමරසිංහ 44, හිරාන් ජයසුන්දර 39, සකුන ලියනගේ 36, කවීෂ සත්සර 62/4, යොහාන් ඒශාන් 56/2 

නිගම්බු පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (75.2) 

මිහිල් කවීන් 66, සදෙව් සමරසිංහ 22, කවිඳු රණසිංහ 32, යොහාන් ඒශාන් 23, කවිඳු අමන්ත 63/2, රවීන් ද සිල්වා 58/8 

ඒස් කැපිටල් දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 144 (40.0) 

හිරාන් ජයසුන්දර නොදැවී 53, සකුන ලියනගේ 45, කවීෂ සත්සර 2/38


කැන්ඩි කස්ටම්ස් – කෝල්ට්ස් විසඳුමක් නෑ

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම කඩුලු 8ක් දැවී 319 (81.0)

සදීශ ජයවර්ධන 23, තෙවිඳු දික්වැල්ල 79, සදිශාන් චමෝද්‍ය 89, සලිඳු පතිරණ 28, සහන් කෝසල 53, ඉසුරු සඳමාල් 19, ශ්‍යාම් සුන්දර් 80/3, ප්‍රවීන් මනීශ 100/2 

කෝල්ට්ස් කඩුලු 3ක් දැවී 218 (54.0)

ශලින් ද මෙල් 51, ගිත්මින් කොළඹගේ 59, සුකිත මනෝජ් 24, ශෙරන් ෆොන්සේකා නොදැවී52, හිරුන් කපුරුබණ්ඩාර නොදැවී 23, ශක්ති උදාර 67/2


පානදුර – නුගේගොඩ විසඳුමක් නෑ

පානදුර පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (72.0)

කාංචන ද ලිවේරා 40, සවිඳු කාවින්ද 66, කවිඳු වික්‍රමසිංහ 89, රුවිශාන් පෙරේරා 57/2, රාහුල් ගුණසේකර 20/2, මනුජ චන්තුක 82/2 

නුගේගොඩ පළමු ඉනිම කඩුල්ලක් දැවී 60 (16.0)

අවිශ්ක පෙරේරා නොදැවී 36 

ටැමිල් යුනියන්ට පළමු ඉනිමේ ජයක්

එන්.සී.සී. පළමු ඉනිම සියලුම දෙනා දැවී 117 (38.4)

ශරිත් සුදීන 44, කුසල් විජේතුංග 19, විහස් තෙව්මික 27/5, තීසාන් විතුසාන් 17/2 

ටැමිල් යුනියන් පළමු ඉනිම කඩුලු 7ක් දැවී 276 (43.0)

සිනෙත් ජයවර්ධන 105, තරිඳු හර්ෂණ 62, විජයකාන්ත් වියස්කාන්ත් 35, සම්පත් නිශ්ශංක 79/5 

එන්.සී.සී. දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 169 (38.0) 

ශරිත් සුදීන 66, කුසල් විජේතුංග 31, විනුක රූබසිංහ 27, රමිරු පෙරේරා 25, තීසාන් විතුසාන් 46/5, කවිඳු දිල්හාර 35/2


සී.සී.සී. සහ බ්ලූම්ෆීල්ඩ් විසඳුමක් නෑ

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුලු 3ක් දැවී 89 (29.0)

ජයමිණි මුතුකුමාරණ 37, සඳුන් මෙන්ඩිස් 22/2 

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee