slc
logo
Home   |    News
සැප්තැම්බර් 20, 2024
ගාලු කණ්ඩායම ‘ටියර් බී‘ ශූරයෝ වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ටියර් බී‘ හෙවත් ආරාධිත කණ්ඩායම් අතර පැවැති තෙදින ලීග් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත්වී තිබේ. කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාලියේදී පූර්ණ තරග ජයග්‍රහණ 7 ක් වාර්තා කරමින් ගාලු ක්‍රීඩා සමාජය මෙවර ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 15 ක ජයමල්ලකටද හිමිකම් කීවේය.

ඒ අනුව ගාලු ක්‍රීඩා සමාජය මෙවර තරග වාරයේ තරග 11 කට සහභාගිවෙමින් පූර්ණ ජයග්‍රහණය 7 ට අමතරව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ද සමගින් ප්‍රසාද ලකුණු 134.56 ක් ලබා ගැනීමට සමත්විය. මෙම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 129.69 ක් ලබා ගත් ලියෝ ක්‍රිකට් සමාජයද තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 117.71 ක් ලබා ගත් මැලේ ක්‍රිකට් සමාජයද රැඳී සිටියහ. අනුශූරතාවයට පත් ලියෝ ක්‍රිකට් සමාජයට රුපියල් මිලියක ත්‍යාගයක් හිමිවිය.

මීට අමතරව තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් තරග 11 කදී කඩුලු 77 ක් දවා ගැනීමට සමත් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ලක්ෂිත මදුශංකද දක්ෂතම පිතිකරුවා ලෙස තරග 11 කදී ලකුණු 649 ක් රැස් කළ ලන්කන් ක්‍රීඩා සමාජයේ අමිල සඳරුවන්ද කුසලාන සමඟ රු. ලක්ෂ 5 බැගින් හිමිකම් කියද්දී තරගාවලියේ වීරයා ලෙසින් තරග 11 කදී ලකුණු 659 ක් ලබා වැඩිම ලකුණු ලාභියා ලෙසින් සහ කඩුලු 25 ක් දවා ගැනිමට සමත් යුනයිටඩ් සඳර්න් ක්‍රීඩා සමාජයේ කවිඳු එදිරිවීර කුලාන සහ ඒ සදහා පිදෙන රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදලට හිමිකම් කීවේය.

ජයග්‍රාහී ගාලු ක්‍රිකට් සමාජ කණ්ඩායම –

බුද්ධික හසරංග (නායක), සදෙව් ඉඳුවර, අමිත් එරන්ද, ලිසුල ලක්ෂාන් (කඩුලු රකින්නා), දුලාජ් රණතුංග, හසිත සුරංග, හංසමාන ද සිල්වා, නිමන්ත ගුණසිරි, රජීව වීරසිංහ, චානක දේවින්ද, උශාන් මනෝහර, අමිත කෞශල්‍ය, චතූපම ගුණසිංහ, හිරුෂ පියුමාල්, සාලින්ද උශාන්, සමිත් ඉසුරු, සම්පත් පෙරේරා, සුභානු රාජපක්ෂ, තරිඳු රුක්ශාන්, තිලංක ද සිල්වා, විදුර ලක්ශාන් සහ විශ්ව රාජපක්ෂ.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee