slc
logo
Home   |    News
සැප්තැම්බර් 19, 2024
බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ තරගාවලිය 4-1 කින් දිනති

sinhala editor

ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත බංග්ලාදේශ ඒ කාන්තා කණඩායම ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ සහභාගිවුණු පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (19 දා) පස්වරුවේදී සමත්විය. ඒ අනුව දෙරට අතර තරගාවලිය 4-1 ක ලෙස ජය ගැනීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ.

බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායමේ නායිකාවගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු 54 කට දවාලීමට බංග්ලාදේශ පන්දු යවන්නියෝ සමත්වූහ. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 16.2 කදී හමාර විය. ප්දු යැවීමේදී රබීයා ඛාන් කඩුලු 4 ක් දවා ගනිද්දී ෆාහිමා ඛාන්, නහිඩා අක්ටර් සහ මරුෆා අක්ටර් කඩුලු 2 බැගින් දවාගත් පන්දු යවන්නියන්ගේ සමාජිකාවෝ වූහ.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී බංග්ලාදේශ ඒ පිතිකාරිණියෝ ඒ සඳහා පන්දුවාර 11.4 ක් වැය කළේ කඩුලු 2ක් පමණක් ප්‍රතිවාදී න් හමුවේ ලබා දෙමිනි. මෙහිදී වේගවත් පිතිහරඹයක නියැළිණු ඩිලාරා අක්ටර් පන්දු 34 කින් ලකුණු 33 ක් රැස් කර ගත්තාය.

ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම වෙනුවෙන් ලකුනු 10 සීමාව ඉක්මවාලීමට සමත්වූ එකම පිතිකාරිණිය බවට පත්වූයේ චේතනා විමුක්ති වන අතර ඇය පන්දු 20 කදී ලකුණු 11 ක් ලබා ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පන්දුවාර 16.2 කදී සියලු දෙනා දැවී ලකුණු 54 යි

චේතනා විමුක්ති 11, රබීයා ඛාන් 07/3, ෆාහිමා ඛාන් 09/2, නහිඩා අක්ටර් 10/2, මරූෆා අක්ටර් 14/2

බංග්ලාදේශ කාන්තා ඒ කන්ඩායම පන්දුවාර 11.4 කදී කඩුලු 2 ක් දැවී ලකුනු 56 යි

ඩිලාරා අක්ටර් 33*, නිගර් සුල්තානා 14*,චේතනා විමුක්ති 05/1, නිමේෂා මදුශානි 09/1

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee