slc
logo
Home   |    News
සැප්තැම්බර් 11, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දකුණු අප්‍රිකාවේදී ඓතිහාසික ජයක්

sinhala editor

වේග පන්දු යවන අසිත විජේසුන්දරගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කිම්බර්ලිහි පැවැති පළමු නිල නොවන සිව්දින කිකට් තරගයෙන් කඩුලු @ ක ජයක් වාර්තා කිරීමට පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අද (11 දා) සමත්වූ. දකුණු අප්‍රිකාවට එරෙහිව ඔනුගේ නිජ බිමේදී ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමක් සිව්දින තරගයක් ජය ගත් පළමු අවස්ථාව ලෙසින්ද මෙම තරගය ඉතිහාසයට එක් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ සිව්වැනි දින දිවා විවේකයටද පෙරාතුවය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඔෂද ප්‍රනාන්දු පන්දු 122 කදී ලකුණු 80 ක් වාර්තා කරමින් යළිත් පිත්තෙන් සාර්ථක වූයේය. ජය්‍රහණයට ලකුණු 34 ක් තිබියදී ඔෂද දැවී ගියේ තම ඉනිම හතරේ පහර 12 කින් සරසා ගෙන සිටින අතරතුරදීය. මෙම තරගයේ පළමු ඉනිමේදීීද ඔෂද පන්දු 146 කදී වටිනා ලකුණු 122 ක් රැස් කර ගනිමින් සමස්ථ තරගයේදීම පිත්තෙන් කැපී පෙනිණ.

තරගයේ තෙවැනි දිනට ක්‍රීඩාව නිමා කරන විට කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ පිලට අද දිනයේදී තවත් ලකුණු 140 ක් ලබා ගත යුතුව තිබුණු අතර එහිදී කඩුලු 9 ක් අත ඉතිරිව තිබිණ.

දකුණු අප්‍රිකානු පිල මුල් ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 372 කට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා ඒ පිල ලකුණු 323 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඒ පිලේ පළමු ඉනිමේදී කඩුලු 2 කට ලකුණු 214ක් ලෙස ප්‍රබල ස්ථානයක පසු වුවද ඔසධගේ දැවී යෑමෙන් ලකුණු 109 ක් ලකුණු පුවරුවට එකතු වන අතරතුරදී ඉතිරි කඩුලු 8 ම දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වූහ. ඒ හි ප්‍රතිඵලයක් ලෙස දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිලට ලකුනු 49 ක මුල් ඉනිමේ වාසියක් හිමිවිය.

කෙසේ වෙතත් නැවතත් පන්දුවට අතට ගත් ඉසිත විජේසුන්දර දකුණු අප්‍රිකානු ‘ඒ‘ දෙවැනි ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 34 ක් ඇතුළතදී දවා ගැනීමට සමත්වූ නිසා සත්කාරකයින් අසීරුතාවයට පත්වූහ. පළමු පන්දුවාරයේදීම නීල් බ්‍රෑන්ඩ් දවා ගත් ඉසිත අනතුරුව මැතිව් බ්‍රිට්ස්කිගේ කඩුල්ලද දවා ගත්තේය. මෙය ඉසිතගේ පළමු පෙළ තරග වල හෙදම පන්දු යැවීම ලෙසින් සටහන් විය. පළමු පෙළ තරග 28 කදී කඩුලු 61 ක් දවා ගැනීමට සමත්ව සිටින මේ දකුණත් වේග පන්දු යවන්නාාගේ මීට පෙර හොදම පළමු පෙළ පන්දු 23 කට කඩුලු 6 ක් ලෙස සටහන්ව තිබිණ.

දකුණු අප්‍රිකානු ‘ඒ පළමු ඉනිම 372 යි

ෂේපෑන්ග් ඩිතෝල් 52, නීල් බ්‍රෑන්ඩ් 39, මැත්ව් බ්‍රිට්ස්කි 129, මාක් ඇකර්මන් 69, පැට්‍රික් කෘෘගර් 20, රිවැල්ඩෝ මුන්සාමි 34*, චාමික ගුණසේකර 71/2, ඉසිත විජේසුන්දර 59/2, එෂාන් මාලිංග 65.4, නිශාන් පීරිස් 96/2

ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම 323 යි

ඕෂධ ප්‍රනාන්දු 122, ළහිරු උදාර 12, පසිඳු සූරියබණ්ඩාර 61, ජනිත් ලියනගේ 13, සොනාල් දිනූෂ 35, විශාද් රන්දික 35, ඉසිත විජේසුන්දර 13, බේයර්ස් ස්වෙන්පෝල් 52/4, පෙනීලන් සුබ්‍රයන් 63/2

දකුණු අප්‍රිකානු ‘ඒ‘ දෙවැනි ඉනිම 124 යි ි

ෂෙපෑන්ග් ඩිතෝල් 15, මාක් ඇකර්මන් 27, පැට්‍රික් කෘෘගර් 10, බේයර්ස් ස්වෙන්පෝල් 38, ඉසිත විජේසුන්දර 34/7, එෂාන් මාලිංග 28/2

ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ඉනිම කඩුලු 4 ට ලකුණු 174 යි

ඕෂධ ප්‍රනාන්දු 80, ළහිරු උදාර 26, නුවනිඳු ප්‍රනාන්දු 00, පසිදූ සූරියබණ්ඩාර 22, ජනිත් ලියනගේ 2*, සොනාල් දිනූෂ 14*, කොඩි යුසුෆ් 29/2, මිගෙල් ප්‍රෙෙටා්රියස් 38/1, පෙනෙලන් සුබ්‍රයන් 34/1

Active filters

Recent Posts

  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]
  • ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පරාජය වෙති
    කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee