slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2024
ශ්‍රී ලංකා බාළිකාවන්ට ලකුණු 59 ක ජයක්

sinhala editor

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් බාළිකා ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි එක්දින තරගයෙන් නවසීලන්ත බාළිකා පිල හමුවේ ලකුණු 59 ක ජයක් වාර්තා කිරීමට අද (01 දා) පෙරවරුවේදී සමත්විය.

බ්‍රිස්බේන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 කදී සියලු දෙනා දැවී ලකුණු 159 ක් රැස් කර ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 35.2 කදී ලකුණු 104 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

පන්දු යැවීමේදී චමිදු ප්‍රෙබා්ධා පන්දුවාර 10 ක් යවමින් නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 24 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූවේය. ඇයට අමතරව ලිමන්සා තිලකරත්න ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තාය. ඒ හැරුනු විට අසේනි තලගුණේ, ෂෙහාරා ඉඳුවරී සහ රශ්මිකා සෙව්වන්දි එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් දක්ෂතා දක්වන අතරතුරදී පන්දුවට පහර දීමේදී සිව්වැනි සහ 8 වැනි කඩුලු අතර ලකුණු 40 ට ඉහළ සම්බන්ධතා දෙකක් පැවැත්වීමට ප්‍රතිවාදී පිතිකාරිණියෝ සමත්වූහ.

පන්දුවට පහර දීමේදී පළමු කඩුල්ල ලෙස සංජනා කාවින්දි පස්වැනි පන්දුවාරයේදී දැවී ගියද දෙවැනි කඩුල්ලට එක් වුණු ලිමන්සා සහ විමෝක්ෂා බාලසූරිය ලකුණු 26 ක සම්බන්ධතාවක් පවත්වමින් කඩා වැටුණු ආරම්භය ශක්තිමත් කළහ. එහෙත් එතැන් පටන් එම ලකුණු සංඛ්‍යාව ඉක්මවා යෑමට තරම් පිතිකාරිණියන් යුගලයක් අසමත්වීම මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවට ශ්‍රී ලංකා ඉනිම සීමාවීමට හේතු විය. අනතුරුව කඩුලු අතර සම්බන්ධතාවන් අතර වැඩිම ලකුණු ලෙසින් සටහන් වූයේ සුමුදු නින්සංසලා සහ රශ්මිකා සෙව්වන්දි අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී වාර්තා වුණු ලුකණු 25 ක සම්බන්ධතාව විය.

පන්දුවට පහර දීමේදී සුමුදු නිසංසලා පන්දු 49 කදී ලකුණු 34 ක් වාර්තා කරමින් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය. ඒ හැරුණු කොට රශ්මිකා සෙව්වන්දි සහ විමෝක්ෂා බාලසූරිය ලකුණු 29 බැගින් ලබා ගත්හ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගිවූ පන්දුවාර 50 තරග දෙකෙන් එක් තරගයක් ජය ගෙන අනික් තරගය පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 42 කදී සියලු දෙනා දැවී ලකුණු 192 යි

සංජනා කාවින්දි 02, ලිමන්සා තිලකරත්න 14, විමෝක්ෂා බාලසූරිය 29, සුමුදු නිසංසලා 34, මනුදි නානායක්කාර 08, දහමි සෙනෙත්මා 09, රශ්මිකා සෙව්වන්දි 29, අසේන් තලගුණේ 04, චමුදි ප්‍රෙබා්ධා 12*, ප්‍රමුදි මෙත්සරා 02, ශෙහාරා ඉඳුවරී 00, රිශිකා ජාස්වාල් 43/3, කේට් එර්වින් 21/2, ලුයිසා කොට්කැම්ප් 22/2

නවසීලන්ත අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 35.2 කදී සියලු දෙනා දැවී ලකුණු 104 යි

කේට් අර්වින් 26, ටෂ් වැක්ලින් 18, ඩාර්සි රෝස් 14, ඇබී ට්‍රෙඩර් 29, චමුදි ප්‍රෙබා්ධා 24/4, ලිමන්සා තිලකරත්න 31/3, අසේන් තලගුණේ 22/1, ෂෙහාරා ඉඳුවරී 15/1, රශ්මිකා සෙව්වන්දි 02/1

Active filters

Recent Posts

  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]
  • දඹුල්ලට එරෙහි ගාල්ල පළමු ඉනිමේ ලකුණු 6ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ගාල්ල […]
  • කැන්ඩි ලකුණු 460ට එරෙහි කොළඹ 106ට දැවීයයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේදී කැන්ඩි පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු […]
  • මිශාර පිට පිට දෙවැනි ශතකය ලබද්දී ඕෂද වැඩිම ලකුණු ලාභියා වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වූ අද (20 වැනිදා) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee