slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2025
ස්ට්‍රයිකර්ස් සහ කිංග්ස් එල්.පී.එල්. වලින් ඉවතට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර පැවැති හවුල්කාරීත්වය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන බව නිල වශයෙන් නිවේදනය කර සිටියි.

තරගාවලියට සහභාගිවීමට පෙර ආරම්භයේදී ඇතිකරගන්නා ලද ගිවිසුම් ප්‍රාකාරව කටයුතු කිරීමේදී ඔවුන් එම ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අපොහොසත්වී තිබෙන බව තරගාවලියේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන අයි.පී.ජී. සමූහය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

ඉහත සඳහන් කරුණු හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ සහ යාපනය නියෝජනය කරනු ලබන කණ්ඩායම් වෙුවෙන් නව හිමිකරුවන් සෙයා ගනිමින් තරගාවලිය වඩාත් ගුණාත්මක භාවයකින් යුක්තව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම අයි.පී.ජී. සමූහය සැලසුම් සකස් කර තිබේ.

තරගාවලියේ පැවැත්වීමේ හිමිකරු ලෙස අයි.පී.ජී. සමූහයට කණ්ඩායම් වල හිමිකාරීත්වය පිළිබඳව උනන්දුවක් දක්වනු ලබන පාර්ශ්වයන්ට පැවරීම හෝ පැවරීමේ බලය ඔවුන් සතුව ඇත.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee