slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2025
ස්ට්‍රයිකර්ස් සහ කිංග්ස් එල්.පී.එල්. වලින් ඉවතට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර පැවැති හවුල්කාරීත්වය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන බව නිල වශයෙන් නිවේදනය කර සිටියි.

තරගාවලියට සහභාගිවීමට පෙර ආරම්භයේදී ඇතිකරගන්නා ලද ගිවිසුම් ප්‍රාකාරව කටයුතු කිරීමේදී ඔවුන් එම ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීමට අපොහොසත්වී තිබෙන බව තරගාවලියේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන අයි.පී.ජී. සමූහය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

ඉහත සඳහන් කරුණු හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ සහ යාපනය නියෝජනය කරනු ලබන කණ්ඩායම් වෙුවෙන් නව හිමිකරුවන් සෙයා ගනිමින් තරගාවලිය වඩාත් ගුණාත්මක භාවයකින් යුක්තව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම අයි.පී.ජී. සමූහය සැලසුම් සකස් කර තිබේ.

තරගාවලියේ පැවැත්වීමේ හිමිකරු ලෙස අයි.පී.ජී. සමූහයට කණ්ඩායම් වල හිමිකාරීත්වය පිළිබඳව උනන්දුවක් දක්වනු ලබන පාර්ශ්වයන්ට පැවරීම හෝ පැවරීමේ බලය ඔවුන් සතුව ඇත.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee