slc
logo
Home   |    News
අගෝස්තු 4, 2025
නැගීඑන කණ්ඩායම් අතර දෙදින තරගාවලිය ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ නැගීඑන කණ්ඩායම් අතර දෙදින තරගාවලිය හෙට (05 වැනිදා) ආරම්භ වනු ඇත.

ක්‍රීඩා සමාජ 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේදී ‘ඒ‘, ‘බී‘, ‘සී‘ සහ ‘ඩී‘ කාණ්ඩ යටතේ මූලික වටයේ තරග පැවැත්වෙනු ඇත. ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන එම තරග වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 2 පිළිමළුන්ගේ තරග වටය හෙවත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

තරගාවලියේ අවසන් මහ තරගය සැප්තැම්බර් මස 23 සහ 24 යන දෙදින පැවැත්වෙනු ඇත. ඉකුත් වර පැවැති මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඒස් කැපිටල් කණ්ඩායම සමත් වද්දී අනුශූරතාව මුවර්ස් කණ්ඩායමට හිමිවිය.

‘ඒ‘ කාණ්ඩය – ඒස් කැපිටල්, බී.ආර්.සී., බදුරලිය, නුගේගොඩ, මැලේ, යුනයිටඩ් සදර්න්, යුද හමුදාව

‘බී‘ කාණ්ඩය – මුවර්ස්, චිලව් මේරියන්ස්, එන්.සී.සී., සෙබස්තියනයිට්ස්, නාවික හමුදාව, මොරටුව.

‘සී‘ කාණ්ඩය – කෝල්ට්ස්, සී.සී.සී., පානදුර, රාගම, නිගම්බු, ලියෝ.

‘ඩී‘ කාණ්ඩය – ටැමිල් යුනියන්, කුරුණෑගල යූත්, බ්ලූම්ෆීල්ඩ්, පොලිස්, එස්. එස්. සී., කැන්ඩි කස්ටම්ස්, ගෝල්.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

USD United States (US) dollar