ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට අද (19) සී.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් කණ්ඩායම් සුදුසුකම් ලැබීය.
මේ කණ්ඩායම් දෙක අතර අවසාන මහා තරගය මේ මස 23 සහ 24 දිනවල එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.
අද නිමාවට පත් වූ අවසාන පූර්ව තරග දෙකේ දී සී.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් දෙකම අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තේ පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවෙමිනි.
බ්‍රහස්පතින්දා සහ සිකුරාදා (18,19) දිනවල පැවැති අවසාන පූර්ව තරග දෙකටම වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් තරග පැවතියේ වරින් වරය.
සී.සී.සී සහ නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක කණ්ඩායම අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම අවසාන පූර්ව තරගයේ දී සී.සී.සී පළමු ඉනිමේ සියල්ලන් දැවී රැස්කළ ලකුණු 179 ට පිළිතුරු ලෙස නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය පළමු ඉනිමේ රැස් කළේ ලකුණු 143 කි. සී.සී.සී වෙනුවෙන් සහන් කෝසල (ලකුණු 41යි පන්දු 37 යි හතරේ හතයි හයේ පහරයි.) සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය වෙනුවෙන් නායක අක්රම් මුතාලිබ් (ලකුණු 69 යි පන්දු 97 යි හතරේ පහර හයයි) වැඩිම ලකුණු රැස් කළහ.
බ්ලූම්ෆීල්ඩ් – නිගම්බු දෙවන අවසාන පූර්ව තරගයේ දී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ අංක හතර පිතිකරු අසිත වන්නිනායක නොදැවී ලකුණු 69 ක් ලබා (පන්දු 132 යි හතරේ 8යි හයේ පහරයි) තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ නිසල අබේරත්න ලකුණු 24 කට නිගම්බු පිතිකරුවන් පස් දෙනෙකුම දවාලමින් අවසාන පූර්ව තරග දෙකෙහි වැඩිම කඩුලු ලාභියා බවට පත්විය.
සී.සී.සී – නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය
සී.සී.සී පළමු ඉනිම සියල්ල දැවී 179 (පන්දු වාර 40.3)
(සහන් කෝසල 41, දුල්නිත් සිගේරා 38, පවන් රත්නායක 26, ඉනුක කරන්නාගොඩ 22, හිරුෂ දෙව්මික 14, අබ්දුල් හකාම් ශිරාඩ් 59/3, පසිඳු පැතුම් 75/2, අභිෂේක් ආනන්ද කුමාර 25/2, නිර්මල රත්නායක 37/2
නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය
පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 143 යි. (පන්දු වාර 48.2)
(අක්රම් මුතාලිබ් 69, සදෙව් සමරසිංහ 20, නිර්මල රත්නායක 14, දුවිඳු රණතුංග 37/3 ඉනුක කරන්නාගොඩ 31/3 යි)
සී.සී.සී දෙවන ඉනිම කඩුලු 2 ට 61 (පන්දු වාර 12.1)
(අරෝෂ සිතුමිණ 30, දුල්නිත් සිගේරා 13, අබ්දුල් හකාම් ශිරාඩ් 9/2 යි)
නිගම්බු ක්‍රීඩා සමාජය – බ්ලූම්ෆීල්ඩ්
නිගම්බු පළමු ඉනිම සියල්ල දැවී 116 (පන්දු වාර 39.3)
(කවීන් ප්‍රනාන්දු 39, තත්සර එෂාන් 21, හංසජ හිරුක 15, මොහොමඩ් මුර්ෂාඩ් 15, නිර්මල අබේරත්න 24/5, දුලාජ් සමුදිත 35/2, මිහිරංග නිම්සර සිල්වා 32/2)
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුලු 5 ට 147 යි )පන්දු වාර 49 යි)
(අසිත වන්නිනායක නොදැවී 6, පැතුම් රත්නායක නොදැවී 22, තරිඳු හර්ෂණ 22, හංසජ හිරුක 66/3)






