slc
logo
Home   |    News
පෙබරවාරි 8, 2026
කණ්ඩායම් තුනකට ජයග්‍රහණ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ  තරග අතුරින් මීගමුව ක්‍රිකට් සමාජය, එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ.

 මේ කණ්ඩායම් තුන ජයග්‍රහණ අත්කර ගත්තේ මීගමුව ක්‍රිකට් සමාජය ඉනිමකින් සහ ලකුණු 96කින් කොළඹ මැලේ ක්‍රිකට් සමාජයත් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 208කින් නාවික හමුදා ක්‍රීඩා සමාජයත් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය කඩුලු දෙකකින් ගාල්ල ක්‍රිකට් සමාජයත් පරාජයට පත් කරමිනි.

 මීගමුව ක්‍රිකට් සමාජයට ඉනිමක ජයග්‍රහණයක් අත්කර ගැනීමට ප්‍රධාන වශයෙන් දායකත්වය දැක් වුයේ ක්‍රීඩකයන් තිදෙනෙකි. අමිත සංදීප පෙරේරා පළමු ඉනිමේ දී ලකුණු 39කට කඩුලු පහක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 53කට කඩුලු පහක් දවා සම්පූර්ණ තරගයේ දී කඩුලු දහයක් දවාලීය. පසිඳු තිරිමැදුර ලකුණු 115ක් සහ ශෙෂාන් ප්‍රනාන්දු ලකුණු 75ක් රැස් කර ලකුණු රැස් කිරීමේ දී ද මේ දක්ෂතා දැක්විය.

 එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී එස්.එස්.සී. කණ්ඩායමේ ගිෂාන් බාලසූරිය පළමු ඉනිමේ දී ලකුණු 69කට කඩුලු හයක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 44කට කඩුලු පහක් දවා තරගයේ දී කඩුලු 11ක් බිඳ දැමීමට සමත් විණි. නාවික හමුදා ක්‍රීඩා සමාජය මේ තරගයෙන් ලකුණු 208ක පරාජයකට ලක් වුවත් එම කණ්ඩායමේ දිලංක අවුවාඩ් එස්.එස්.සී. දෙවන ඉනිමේ දී ලකුණු සියයකට කඩුලු අටක් දවා විශිෂ්ට පන්දු යැවීමක නිරත විණි.

  කැන්ඩි කස්ටම්ස් සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර තරගයෙන් ජය ලැබීමට කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට දෙවන ඉනිමේ දී ලකුණු 189ක ඉලක්කයක් ලැබිණි. ඔවුන් පන්දුවාර 49.3ක දී කඩුලු අටක් දැවී ලකුණු 192ක් රැස් කරමින් ජය කණුව පසු කළේ තරගකාරී විලාශයකිනි. මෙහිදී ලක්ෂාන් ගමගේ පන්දු 62කට මුහුණ දී හතරේ පහර පහක් හයේ පහර දෙකක් සමග ලකුණු 62ක් රැස් කළේය.

 ලියෝ ක්‍රිකට් සමාජයේ නෙත්ම කරුණාරත්න අද දිනයේ දී පිතිකරුවන් අතුරින් කැපී පෙනුණි. නෙත්ම රාගම ක්‍රිකට් සමාජය සමග පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 101ක් රැස් කළේ පන්දු 157කට මුහුණ දී හතරේ පහර 15ක් ද සමගිනි.

  ලකුණු සාරංශය

  • එස්.එස්.සී. ලකුණු 208කින් ජය ගනී

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 61.1ක දී සියල්ල දැවී ලකුණු 251 නිපුන් ධනංජය 128, ලක්ෂිත මනසිංහ 52, රනුද සෝමරත්න 26, ක්‍රිෂාන් සංජුල 20, දිලංක අවුවාඩ් 96/6, පූර්ණ චාරුක 14/2, රවීන් තරිඳු 83/2

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 44.1ක දී සියල්ල දැවී ලකුණු 183 රවීන් තරිඳු 40, වරුණ මයන්ත 35, තෙවිඳු දික්වැල්ල 28, රජිත රත්නායක 23, දිලංක අවුවාඩ් නොදැවී 19, ගිෂාන් බාලසූරිය 69/6, නුවනිඳු ප්‍රනාන්දු 22/2, අක්මල් ෆස්ලි 31/2

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 65.2ක දී සියල්ල දැවී ලකුණු 278 රනුද සෝමරත්න 77, නිපුන් ධනංජය 50, ලක්ෂිත මනසිංහ 34, නුවනිඳු ප්‍රනාන්දු 32, ගිෂාන් බාලසූරිය 26,  රනුක් ජයසූරිය 22, දිනුර කළුපහන 22, දිලංක අවුවාඩ් 100/8, ඉෂාන් අබේසේකර 56/2

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 22.4ක දී සියල්ල දැවී ලකුණු 138 ලක්ෂාන් රුද්‍රිගෝ75, වරුණ මයන්ත 16, රජිත රත්නායක 13, ගිෂාන් බාලසූරිය 44/5, නිපුන ධනංජය 15/2,චමිඳු වික්‍රමසිංහ28/2

  • කැන්ඩි කස්ටම්ස් කඩුලු 2කින් ගාල්ල ක්‍රිකට් සමාජය පරාජය කරයි  

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 29ක දී සියල්ල දැවී ලකුණු 76 ලිසුල ලක්ෂාන් 21, සුභානු රාජපක්ෂ 19, සුපුන් කවිඳ 10,  මිතුන් ජයවික්‍රම 18/4, නිර්මල රත්නායක 22/4

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 40ක දී සියල්ල දැවී ලකුණු 132 ඩිලාන් ජයලත් 27, ළහිරු අත්තනායක 26, අෂාන් රන්දික 23, රජීව වීරසිංහ 33/4, චතුර රන්දුනු 46/3, රුවිෂාන් පෙරේරා 37/2

ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 67.4ක දී සියල්ල දැවී ලකුණු 244 ලිසුල ලක්ෂාන් 78, හසිත සුරංග 33, චතුර රන්දුනු 33, රජිත් ප්‍රියාන් 32, අමිත් එරන්ද 23, යශෝධ මෙන්ඩිස් 36/3, මිතුන් ජයවික්‍රම 93/3, අෂාන් රන්දික 13/2,ඩිලාන් ජයලත් 50/2

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 49.3ක දී කඩුලු 8ක් දැවී ලකුණු 192 ලක්ෂාන් ගමගේ 62, ළහිරු අත්තනායක 30, යශෝධ මෙන්ඩිස් 21, ඩිලාන් ජයලත් 20, සුධීර වීරරත්න 18, රුවිෂාන් පෙරේරා 45/3, රජීව වීරසිංහ 63/2

  • මීගමුව ක්‍රිකට් සමාජය ඉනිමකින් සහ ලකුණු 96කින් කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පරාජය කරයි

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 77.3ක දී සියල්ල දැවී ලකුණු 397පසිඳු තිරිමාදුර 115, ශෙෂාන් ප්‍රනාන්දු 75, දිමුත් සඳරුවන් 54, කවීන් ප්‍රනාන්දු 41, අමිත සංදීප පෙරේරා 35, වරුණ ඉමේෂාන් 19, චානක දේවින්ද 152/6, සචින් ගොඩමාන්න 7/1

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 42.1ක දී සියල්ල දැවී ලකුණු 166 බුද්ධික හසරංග 68, සුධාර දක්ෂිණ 37, චානක දේවින්ද 16, පුලස්ති අතපත්තු 12, අමිත සංදීප පෙරේරා 39/5, ශෙහාන් ප්‍රමෝද් 64/3, ධනුෂ්ක සඳරුවන් 47/2

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 26ක දී සියල්ල දැවී ලකුණු 135 බුද්ධික හසරංග 29, හරිඳු ජයසේකර 22, යේසිත් රූපසිංහ 21, සුධාර දක්ෂිණ 18, අමිත සංදීප පෙරේරා 53/5, ශෙහාන් ප්‍රමෝද් 41/3, ධනුෂ්ක සඳරුවන් 37/2

  • මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ  දී ඉදිරියෙන්

මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 86ක දී කඩුලු 7ක් දැවී ලකුණු 365පුබුදු බණ්ඩාර නොදැවී 111, ගැවින් බොතේජු 50, චානක රුවන්සිරි 50, රශ්මික මෙවන් 38, සහන් කෞශල්‍ය 38, ඉසුල නිඳුවර 28, විදුර ලක්ෂාන් 21, බිෂාන් හෙට්ටිආරච්චි 103/4, මනෙල්ක ද සිල්වා 28/1

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 28ක දී සියල්ල  දැවී ලකුණු 92 රුසිරු විලෝචන 16, තරුෂ ප්‍රනාන්දු 15, ගයාන් සිරිසෝම 25/4, රශ්මික මෙවන් 30/3, උෂාන් සත්සර 36/3

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 80ක දී කඩුලු 7ක්  දැවී ලකුණු 308 උමයංග සුවාරිස් 95, මනෙල්ක ද සිල්වා 76, රුසිරු විලෝචන 53, ළහිරු ප්‍රනාන්දු නොදැවී 29, මෙදුනක විජයතිලක 26, තරුෂ ප්‍රනාන්දු නොදැවී 20, ගයාන් සිරිසෝම 42/4, දුමිඳු සෙව්මිණ 69/2

  • යුද හමුදා ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ඉදිරියෙන්

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 67.1ක දී සියල්ල දැවී ලකුණු 237 – පැතුම් දිල්ෂාන් 61, දේවින්ද ඒකනායක 34, සෙහද සොයිසා 28,  ක්‍රිෂේන් අපෝන්සු 26, ජනිත් ද සිල්වා 21, හර්ෂජිත් රුෂාන් 19, දනෝෂ් ද සිල්වා 36/3, හිමාල් රවිහංස 112/3, සසංක නිර්මාල් 6/2

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 67.2ක දී සියල්ල දැවී ලකුණු 206පෙසඳු සංජාන් 81, කවිඳු එදිරිවීර 59, දිල්ෂාන් කාංචන 27, ගයාන් චන්ද්‍රබොෂ් 72/6, සීක්කුගේ ප්‍රසන්න 35/3

යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 3ක දී කිසිවෙකු නොදැවී ලකුණු 06

  • රාගම ක්‍රිකට් සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය තරගයේ විසඳුමක් නෑ

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 70.2ක දී සියල්ල දැවී ලකුණු 251චානක විජේසිංහ 63, මලීෂ සිල්වා 62, මනීෂ රූපසිංහ 47, සහිල් ඩයස් 26, කොසාන් ජයවික්‍රම 19, මල්ෂාන් ගුණසිංහ 86/5, ශෙනාෂ් ප්‍රනාන්දු 42/3, ගිත්මින් කොළඹගේ 53/2

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 50ක දී කඩුලු 4ක් දැවී ලකුණු 214 නෙත්ම කරුණාරත්න නොදැවී 101, හිරුන් සිගේරා 53, සලිඳු පතිරණ 22, උපුල් ඉන්ද්‍රසිරි 86/2

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

USD United States (US) dollar