slc
logo
Home   |    News
පෙබරවාරි 16, 2026
ලියෝ ක්‍රිකට් සමාජය සතියේ ප්‍රථම ජය අත්කර ගනී

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට ලියෝ ක්‍රිකට් සමාජය සමත් විය.

 කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවැති ලියෝ ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ජය ලැබීමට ලියෝ ක්‍රිකට් සමාජයට දෙවන ඉනිමේ දී ලකුණු 91ක් අවශ්‍ය වු අතර ඔවුන් කඩුලු හතරක් දැවී ලකුණු 95ක් රැස් කර ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු හයකින් පහසු ආකාරයකිනි.

 ප්‍රථම ඉනිමේ දී ලකුණු 172කට දැවී ගිය කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට දෙවන ඉනිමේ දී ද රැස් කර ගත හැකි වුයේ ලකුණු 161ක් පමණකි. ඒ අනුව ඔවුන් ලියෝ ක්‍රිකට් සමාජයේ ප්‍රථම ඉනිමට වඩා ඉනිම දෙකේ දී ම රැස් කර සිටියේ ලකුණු 90කි. කැන්ඩි කස්ටම්ස් දෙවන ඉනිමේ දී හොඳම පන්දු යැවීම සිදු කළ ලියෝ ක්‍රිකට් සමාජයේ මල්ෂාන් ගුණසිංහ ලකුණු 72කට කඩුලු තුනක් දවාලුවේය.

 මේ අතර අද දිනයේ දී එක් ශතකයක් ද කඩුලු පහ සහ එය ඉක්මවීමේ අවස්ථා තුනක් ද වාර්තා විණි. මෙයින් කඩුලු පහක් සහ එය ඉක්ම වු අවස්ථා දෙකක්ම වාර්තා වුයේ මීගමුව ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ය. නාවික හමුදා ප්‍රථම ඉනිම අද ලකුණු 101කට සීමා වු අතර එහිදී මීගමුව ක්‍රීඩා සමාජයේ ශෙහාන් ප්‍රමෝද් ලකුණු 40කට කඩුලු හයක් බිඳ දැමීය. මේ තරගයේ ප්‍රථම ඉනිමේ දී මීගමුව ක්‍රීඩා සමාජයේ කඩුලු අටක් ලකුණු 113කට බිඳ දැමු නාවික හමුදාවේ දිලංක අවුවාඩ් දෙවන ඉනිමේ දී ද අද ලකුණු 117කට කඩුලු පහක් දවා සම්පූර්ණ තරගයේ දී කඩුලු 13ක් දවාලීමට සමත් වීම විශේෂ සිදුවීමකි.

 මේ තරගයේ ඉනිම තුනක්ම මේ වන විට නිමව ඇති අතර නාවික හමුදා ක්‍රීඩා සමාජයට තරගයෙන් ජය ලැබීමට දෙවන ඉනිමේ දී ලකුණු 407ක අසීරුම ඉලක්කයක් ලැබී ඇත. දැනට ලකුණු 44කට ඔවුනගේ ප්‍රබලම කඩුලු දෙකක් ද දැවී තිබේ.

 කඩුලු පහක් දවාලු අනෙක් පන්දු යවන්නා වුයේ රාගම ක්‍රිකට් සමාජයේ කොසාන් ජයවික්‍රමයි. කොසාන් කොළඹ මැලේ ක්‍රිකට් සමාජයේ දෙවන ඉනිමේ දී දැනට ලකුණු 59කට කඩුලු පහක් දවා සිටී. කොසාන් මේ වන විට මේ තරගයේ ඉනිම දෙකේ දී කඩුලු නවයක් දවා තිබේ.

 රාගම ක්‍රිකට් සමාජය අද තරගය නිම වන විට ජය අභියස පසු විය. මැලේ ක්‍රිකට් සමාජය තම මුල් ඉනිම සහ දෙවන ඉනිම එකතුව මීගමුව ක්‍රීඩා සමාජයේ  මුල් ඉනිමට වඩා ලකුණු 30ක් පමණක් ඉදිරියෙන් සිටින්නේ පිතිකරුවන් තිදෙනෙකු පමණක් ඉතිරිව සිටිය දී ය.

 අද දිනයේ ශතකයක් රැස් කළ පිතිකරුවා වුයේ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය් ආරම්භක පිතිකරු ආදිත්‍ය සිරිවර්ධනය. ගාල්ල ක්‍රිකට් සමාජය සමග පැවැති තරගයේ දී ආදිත්‍ය සිරිවර්ධන නොදැවී ලකුණු 122ක් රැස් කර සිටින්නේ පන්දු 143කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහරක් ද සමගිනි. ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ රැස් කළ ලකුණු 242ට පිළිතුරු ලෙස පන්දුවට පහරදෙද්දී යුනයිටඩ් සදර්න් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ආදිත්‍ය සිරිවර්ධන සහ අදීෂ නානායක්කාර (ලකුණු 68) ප්‍රථම කඩුල්ලට වේගවත් ලකුණු 152ක් රැස් කළේ පන්දුවාර තිහක දී ය.

 පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවැත්වෙන යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී සෙබස්ටියනයිට්ස් කණ්ඩායම යුද හමුදා ක්‍රීඩා සමාජයේ පළමු ඉනිමේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවට ක්‍රමයෙන් සමීප වන ලකුණු ද දක්නට ලැබිණි.

  ලකුණු සාරංශය

  • ලියෝ ක්‍රිකට් සමාජය කඩුලු හයකින් ජය ගනී

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 36.4ක දී සියල්ල දැවී ලකුණු 172මලිඳු මධුරංග 60, නඳුන් අසේල සිල්වා නොදැවී 39, අශාන් රන්දික 17, ගිත්මින් කොළඹගේ 57/6, ෂෙනාෂ් ප්‍රනාන්දු 31/3

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 48.1ක දී සියල්ල දැවී ලකුණු 243 හිරුන් සිගේරා 74, ෂෙනාෂ් ප්‍රනාන්දු 30, නෙත්ම කරුණාරත්න 30, පූර්ණ කල්හාර 27, රොමේෂ් සුරංග 18, මල්ෂාන් ගුණසිංහ 16, මිතුන් ජයවික්‍රම 86/4, නිර්මල රත්නායක 39/2, ක්‍රිෂේන් වික්‍රමසිංහ 47/2

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 42.2ක දී සියල්ල දැවී ලකුණු 161ලක්ෂාන් ගමගේ 43, අෂාන් රන්දික 27, නාලක තේනුවර 26, මලිඳු මධුරංග 24, මිතුන් ජයවික්‍රම 20, මල්ෂාන් ගුණසිංහ 72/3, ෂෙනාෂ් ප්‍රනාන්දු 20/2, විශ්ව රාජපක්ෂ 21/2, ගිත්මින් කොළඹගේ 37/2

ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 21.3ක දී කඩුලු 4ක් දැවී ලකුණු 95 විශ්ව රාජපක්ෂ නොදැවී 25, සලිඳු පතිරණ නොදැවී 24, හිරුන් සිගේරා 16, මිතුන් ජයවික්‍රම 44/2

  • තරගය විසඳුමකින් තොරව නිම වන ලකුණු

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 88.1ක දී සියල්ල දැවී ලකුණු 354 – රනුද සෝමරත්න 137, නුවනිඳු ප්‍රනාන්දු 84, ෂෙවෝන් ඩැනියල් 45, නිපුන් ධනංජය 29, නදීෂ ආකාෂ් 16, චානක රුවන්සිරි 97/4, දුමිඳු සෙව්මිණ 70/3, ගයාන් සිරිසෝම 93/2

මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 42ක දී කඩුලු 4ක් දැවී ලකුණු 178පුබුදු බණ්ඩාර නොදැවී 56, රශ්මික මෙවන් 46, අභිෂේක් ලියනආරච්චි 22, චානක රුවන්සිරි නොදැවී 21, ගැවින් බොතේජු 16, අක්මාල් ෆස්ලි 55/2

  • යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් දක්ෂතා

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 84.4ක දී සියල්ල දැවී ලකුණු 336 හර්ෂජිත් රුෂාන් 135, සීක්කුගේ ප්‍රසන්න 31, රවිඳු විජේවර්ධන නොදැවී 27, තරිඳු දිලංක 25, අසේල ගුණරත්න 24, ජනිත් ද සිල්වා 24, රත්නරාජා තෙනුරතන් 22, හෂාන් සංදීප 89/5, නිපුන් මෙන්ඩිස් 86/3

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 65ක දී කඩුලු 7ක් දැවී ලකුණු 235 උමයංග සුවාරිස් 52, නවිඳු නිර්මාල් 40, රුසිරු විලෝචන 30, මනෙල්ක ද සිල්වා 28, තරූෂ ප්‍රනාන්දු 26, ළහිරු ප්‍රනාන්දු නොදැවී 26, මාලිංග මලිගස්පේ 22, සීක්කුගේ ප්‍රසන්න 43/3, ගයාන් චන්ද්‍රබොෂ් 67/3,

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී ඉදිරියෙන්

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 67.1ක දී සියල්ල දැවී ලකුණු 242අමිත් එරන්ද 51, ලිසුල ලක්ෂාන් 44, කෙවින් කොත්තිගොඩ 41, රමේෂ් නිමන්ත 36, සුභානු රාජපක්ෂ 26, කවිඳු එදිරිවීර 73/4, තරූෂ් දමිඳු 84/4, දනෝෂ් ද සිල්වා 67/2

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 51ක දී කඩුල්ලක් දැවී ලකුණු 242ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 122, අදීෂ නානායක්කාර 68, තමිඳු ප්‍රදීප්ත නොදැවී 43, රුවිෂාන් පෙරේරා 59/1

  • රාගම ක්‍රිකට් සමාජය ජය අභියස

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 62ක දී සියල්ල දැවී ලකුණු 291මනීෂ රූපසිංහ 113, කෙමිර විජේනායක නොදැවී 52, රවිඳු සෙම්බුකුට්ටි 40, උපුල් ඉන්ද්‍රසිරි 35, සහිල් ඩයස් 28, නිමන් උමේෂ් 27/2, යේසිත් රූපසිංහ 33/2, වෝෂිත අමරසිංහ 58/2, උෂාන් මනෝහර 59/2

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 34.4ක දී සියල්ල දැවී ලකුණු 109 පුලස්ති අතපත්තු 39, තිමිර මල්ෂාන් 33, ටෙරන් බාස්කරන් 14, කොසාන් ජයවික්‍රම 30/4, උපුල් ඉන්ද්‍රසිරි 22/3, දසිත් ගුණතිලක 18/2

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 51ක දී කඩුලු 7ක් දැවී ලකුණු 212 බුද්ධික හසරංග නොදැවී 90, සචින් ගොඩමාන්න 35, නිමන් උමේෂ් 29, ටෙරන් බාස්කරන් 18, පුලස්ති අතපත්තු 16, කොසාන් ජයවික්‍රම 59/5

  • මීගමුව ක්‍රිකට් සමාජය ප්‍රබල තත්ත්වයක

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 77.1ක දී සියල්ල දැවී ලකුණු 262 කෙෂාන් වන්නිආරච්චි 94, ඇන්ජලෝ ජයසිංහ 90, දිමුත් සඳරුවන් 17, දිලංක අවුවාඩ් 113/8

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 29.1ක දී සියල්ල දැවී ලකුණු 101 සුමල්ක ප්‍රනාන්දු 39,රජිත රත්නායක 23,ශෙහාන් ප්‍රමෝද් 40/6, ධනුෂ්ක සඳරුවන් 42/4

මීගමුව ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 50.1ක දී සියල්ල දැවී ලකුණු 246 දිමුත් සඳරුවන් 66, ශෙහාන් ප්‍රමෝද් 47, උමේෂ් ලක්ෂාන් 26, කෙෂාන් වන්නිආරච්චි 26, හංසජ හිරුණ 25, පසිඳු තිරිමාදුර 19, දිලංක අවුවාඩ් 117/5, රවීන් තරිඳු 79/3

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 15ක දී කඩුලු 2ක්  දැවී ලකුණු 44 වරුණ මයන්ත නොදැවී 38, ශෙහාන් ප්‍රමෝද් 7/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee