slc
logo
Home   |    News
අප්‍රේල් 22, 2026
කෘෂේඩර්ස් හා සැරසන්ස් ජයග්‍රහණ වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන) අන්තර් සමාජ එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය සහ සරසන්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ ලබා ගත්හ.

කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී අද (21) පැවැති කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය හා කළුතර නගර කණ්ඩායම අතර තරගයේ දී, ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කළුතර නගර කණ්ඩායම පන්දුවාර 34 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 136ක් ලබා ගත්තේය. එයට පිළිතුරු ලෙස කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 29.4ක දී කඩුලු 3ක් පමණක් අහිමි කරමින් ලකුණු 137ක් රැස් කර කඩුලු 7කින් ජයග්‍රහණය වාර්තා කළේය. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සෙත්රු ප්‍රනාන්දු තේරුණි.

පාණදුර මහජන ක්‍රීඩාංගණයේ දී සඳුදා (20) පැවැති සරසන්ස් ක්‍රීඩා සමාජය හා කළුතර නගර කණ්ඩායම අතර තරගයේ දී, කළුතර කණ්ඩායම පන්දුවාර 44ක දී සියලුදෙනා දැවී ලකුණු 174ක් රැස් කළේය. එයට පිළිතුරු ලෙස සරසන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 45 අවසානයේ කඩුලු 7ක් අහිමි කරමින් ලකුණු 175ක් ලබා ගනිමින් කඩුලු 3ක ජයක් හිමි කර ගත්තේය. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඩෙලන් පීරිස් තේරුණි.

කෘෂේඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 137ක් හඹා යාමේදී, සිව්වන කඩුල්ල සඳහා ස්ටීවන් පීරිස් (නොදැවී 41) සහ අසීම් මොහමඩ් (නොදැවී 29) එක්ව ලකුණු 67ක නොබිඳි සබඳතාවක් ගොඩනඟා ජයග්‍රහණය තහවුරු කළහ.

තරග විස්තර:

කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 7කින් කළුතර නගර කණ්ඩායම පරාජය කරයි
කළුතර නගර කණ්ඩායම – පන්දුවාර 34ක දී සියල්ල දැවී ලකුණු 136
(ශ්‍රීතාර සරත්චන්ද්‍ර 34, නෙත්මල් ද සොයිසා 32, දෙනෙත් පීරිස් 21; සඳරු ඩයස් 3/10, මෝදිත වීරසිංහ 3/35, සෙත්රු ප්‍රනාන්දු 2/31)

කෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය – පන්දුවාර 29.4ක දී කඩුලු 3ක් දැවී ලකුණු 137
(ස්ටීවන් පීරිස් නොදැවී 41, තාමර කාරියවසම් 35, අසීම් මොහමඩ් නොදැවී 29; ෂනාල් බිනුෂ්ක 1/26)
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – සෙත්රු ප්‍රනාන්දු

සරසන්ස් ක්‍රීඩා සමාජය කඩුලු 3කින් කළුතර නගර කණ්ඩායම පරාජය කරයි
කළුතර නගර කණ්ඩායම – පන්දුවාර 44ක දී සියල්ල දැවී ලකුණු 174
(තරුෂ රණසිංහ 46, ෂෙවාන් වෙල්ගම 43, දෙනෙත් පීරිස් 20; කමලරාසන් අයියර් 2/13, ධනුෂ්ක මධුශංක 2/7, අමිත දාබරේ 2/46)

සරසන්ස් ක්‍රීඩා සමාජය – පන්දුවාර 45ක දී කඩුලු 7ක් දැවී ලකුණු 175
(ශිහාන් ප්‍රනාන්දු 34, ඩෙලන් පීරිස් 31, චමත් ගෝමස් නොදැවී 29; ෂනාල් බිනුෂ්ක 2/18)
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – ඩෙලන් පීරිස්

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee