slc
logo
Home   |    News
මැයි 5, 2026
LPL හයවැන්නේ විදේශීය ක්‍රීඩක ලියාපදිංචිය මැයි 08 වැනිදා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානයකරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරඟාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන අන්තර්ජාල ඇයැදුම්පත් 2026 මැයි මස 08 වන දින සිට විවෘත කරනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි. මෙම අන්තර්ජාල ඇයැදුම්පත් 2026 මැයි 18 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර, www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා ඊට ප්‍රවේශ විය හැකිය.

මෙවර තරගාවලිය LPL ඉතිහාසයේ හයවන අදියර ලෙස ක්‍රියාත්මක වන අතර සියලුම තරග කොළඹ එස්. එස්. සී., ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණ යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණ හතරේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහය එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය මෙවරද ක්‍රීඩකයින් අතර ඉහළ තරගකාරීත්වයකින් යුක්තව, රසිකයින්ට උණුසුම්, තරඟකාරී සහ විනෝදාත්මක ක්‍රිකට් අත්දැකීමක් ලබා දෙන ආකාරයෙන් සංවිධානය කෙරේ.

2020 වසරේ ආරම්භ වූ LPL තරගාවලිය කෙටි කාලයකින්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් ලෙස ස්ථාපිත වී ඇත. එය දේශීය ක්‍රිකට් දක්ෂතා ලෝකයට හඳුන්වා දෙන වේදිකාවක් ලෙස පමණක් නොව, ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය හරහා ගෝලීය ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය දිනා ගැනීමටද සමත්ව ඇති තරගාවලියකි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee