slc
logo

අපේ  අපේක්ෂාව    විස්සයි-20   තරගාවලිය   ජය ගැනීමයි  –    දසුන්   ශානක  

  නවසීලන්තයේ දී  ශ්‍රී ලංකාව මෙතෙක්  විස්සයි 20   තරගාවලියක්   ජයගෙන    නොමැති      හෙයින් ඊළඟ තරග වලදීද හොඳින් ක්‍රීඩා කොට  මෙම තරගාවලිය ජය    ගැනීමට අපේක්ෂා  කරන    බව   ශ්‍රී ලංකා නායක  දසුන් ශානක  සඳහන් කර සිටියේය. සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු පළමු...

ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයේදී ජය ගනියි

සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු ඔක්ලන්ඩ්හි පැවැති පළමු විස්සයි-20 තරගයෙන් නවසීලන්තයට එරෙහිව ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 196 ක් හඹා ගිය නවසීලන්ත පිලේ ඉෂ් සෝධි අවසන් පන්දුවට එල්ල කරන ලද හයේ පහරත් සමඟ තරගය සමවූ නමුත් අවසන් සුපිරි පන්දුවාරයේදී...

පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල පරදියි

වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඇරැඹි ඇෆ්ගනිස්තානයට එරෙහි තරග 2 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 50 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (අප්‍රේල් 01) සිදුවිය. අබුඩාබිහි ටොලරන්ස් පිටියේ දිවා/රාත්‍රී තරගයක්...

ජැෆ්නා තරගයක් ඉතිරිව තිබියදී අවසන් සටනට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී කළම්බු පිල පරාජය කළ ජැෆ්නා ක්‍රීඩකයෝ මුල් වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම දඹුල්ල සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (1) නිමාවූ ජැෆ්නා -...

චන්දිමාල්ගේ ශතකයත් සමග ගෝල් පිල කැන්ඩි පරාජය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී කැන්ඩි පිලට එරෙහිව දිනේෂ් චන්දිමාල් නොදැවී වාර්තා කළ ශතකයත්  පසිඳු සූරියබණ්ඩාරගේ පිත්තෙන් ශතකයට ඔන්න මෙන්න තිබියදී වාර්තා වූ ලකුණු 98 හේතුවෙන් ගෝල් පිලට ලකුණු 79ක ජයක් හිමි වූවේය....

ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහෙයි

දිගින් දිගටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක පිතිහරඹය හේතුවෙන් නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හි පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6 ක වේදනා බර පරාජයකට මුහුණ දීමට අද (31 දා) සිදුවිය. පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

USD United States (US) dollar