මෙවර එල්.පී.එල් තරගාවලියේදී පිට පිටම තරග පහකින් පරාජයට පත්ව සිටි දඹුල්ල අවුරා පිල විසින් ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු 48 කින් පරදා තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය අත්කර ගැනීමට අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අවස්ථාව උදාවීම පිළිබඳව කණ්ඩායමම සතුටට පත්ව සිටින බවත් මේ ජයග්‍රහණය සදහා කොළඹ තණතිල්ල බෙහෙවින් දායක වූ බවත් තරගයේ දක්ෂම ක්‍රීඩකයා ලෙස තේරුණු දඹුඩුල්ල අවුරා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජෝර්ඩන් කොක්ස් ප්‍රකාශ කරයි.
තරගයෙන් පසු අදහස් දැක්වු ජෝර්ඩන් කොක්ස් හම්බන්තොට සහ පල්ලේකැලේ තරග කිහිපයේදී තමන් ක්‍රී ඩාකළ තණතිලි සසදනවිට මෙහි තණතිල්ල උසස මට්ටමක පැවැතුනේ යැයිද ඉදිරි තරග දෙකෙදීත් දසකම් දක්වා අවසාන පුර්ව තරගයට සුදුසුකම් අත්කර ගැනීම තම කණ්ඩායමේ අපේක්ෂාව යැයිද කිවේය .
තම කණ්ඩායමය මුලින් පන්දුවට පහරදී කඩුලු පහකට ලකුණු 178 ක් වැනි විශාල සංඛ්‍යාවක් කරායාමට ප්‍රථම කඩුල්ලට තමාටත් 18 හැවිරිදි ලාබාල ක්‍රීඩක ෂෙවෝන් ඩැනියල්ටත් ඕවර 17.4 කදී ලකුණු 163ක් වැනි වාර්තාගත ලකුණු සංඛ්‍යාවකින් දායක වීමට අවස්ථාව උදාවූ බව පැවැසු ජෝර්ඩන් කොක්ස් ඉතාමත් දක්ෂ පිතිකරුවකු වන ෂෙවොන් ඩැනියල් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සදහා ඉතා හොද ආයෝජනයක් වනු ඇතැයි සදහන් කළේය .
කලින් තරග පහම අප පරාජයට පත්වුයේ ඉතාමත් අවාසනාවන්ත අයුරිනුයි මේ තරගයේදී අපට මුලින්ම න් පන්දුවට පහරදීමට අවස්ථාව උදාවීම අභියෝගයක් වුවා ආරම්භක කඩුල්ලට මටත් ෂෙවොන්ටත් හොද සබදතාවයක් පැවැත්වීමට ලැබීම ගැන සතුටුවනවා ඒ වගේම සුළු වැරදි කිහිපයක් සදාගතහොත් ෂෙවොන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කරනු ඇතැයි තමාට විශ්වාස යැයිද ජෝර්ඩන් කොක්ස් පවසයි.
21 හැවිරිදි ජෝර්ඩන් කොක්ස් එංගලන්තයේ අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කර මේවන විට කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ද ක්‍රියා කරයි.