slc
Home   |    News
මාර්තු 14, 2023
“තුන්කොන් තරගාවලිය ලෝක කුසලානෙට හොඳ පෙරහුරුවක්” – ජෙහාන් මුබාරක්

sinhala editor

BY CHAMILA KARAWITA

2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශක්තිමත් කණ්ඩායමක් සූදානම් කර ගැනීම සඳහා වන වැඩපිළි‌වළ මේ වන විටත් ආරම්භ කර තිබෙන බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ‌අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක්, එහි මූලාරම්භයක් ලෙසින් එක්සත් අරාබි එමීර්හි පැවැත්වෙන තුනකොන් සහ එක්දින තරගාවලිය යොදා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කර සිටියේය.

මුබාරක් සදහන් කරන ආකාරයට මෙම තරගාවලිය සඳහා කණ්ඩායම නම් කරන ලද්දේද 2024 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් වැඩි පිරිසක් එක් කර ගැනීමේ අභිලාෂයෙන් යුතුව බවයි.

“අපි වැඩිපුර බැලුවේ 2024 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වෙන්න. තේරීම් කමිටුව තීරණය කළෙත් ක්‍රීඩකයින්ට අවස්ථාවක් දීලා ලෝක කුසලාන තරගාවලිය සඳහා හොඳින් සූදානම් වෙන්න. ඊළඟ යොවුන් ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඉතිං ඒකෙ උපරිම දස්කම් පෙන්වන්න දැන් ඉඳන්ම ඒකට අපි ලෑස්ති වෙන්න ඕනෑ” යැයි මුබාරක් අවධාරණය කරයි.

“අපේ සංචිතයේ ඉන්නවා 2024 ලෝක කුසලානයට සුදුසුකම් ලබන ළමයි. ඒ වගේම 2023 අවුරුද්දේ අවසන් අවුරුද්ද විදියට ක්‍රීඩා කරන ළමයින් කීප දෙනෙකුත් ඉන්නවා” යැයි සඳහන් කරන යොවුන් ප්‍රධාන පුහුණුකරුවා “කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කරන ෂෙවෝන් ඩැනියෙල් පළපුරුදු ක්‍රීඩකයෙක්. ඔහු මීට කළින් අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියක් නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම එල්.පී.එල්. තරගාවලිය, වගේම එස්. එස්. සී. ක්‍රීඩා සමාජයත් නියෝජනය කරමින් හොද අත්දැකීම් තිබෙන ක්‍රීඩකයෙකි. මේ තරුණ එහෙමත් නැත්නම් ළාබාල කණ්ඩායම හසුරුවද්දී ඔහුගේ පළපුරුද්ද අපිට සෑහෙන්න වැදගත් වෙනවා” යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ෂෙවෝන් ඩැනියල්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුක්තව නම් කරන ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හෙට (15 වැනිදා) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර බලා පිටත්ව යනු ඇත. මාර්තු මස 20 වැනිදා ආරම්භ වන එම තුන්කොන් තරගාවලියේදී ඇෆ්ගනිස්තානයට අමතරව බංග්ලාදේශ යොවුන් කණ්ඩායමද තරග වදිනු ඇත.

මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඩැනියෙල් හැරුණු කොට අවසන් වරට ශ්‍රී ලංකා යොවුන් පිල එංගලන්තයේ කරන ලද තරග සංචාරයට ඇතුළත් ව සිටි මල්ෂ තරුපති, ට්‍රෙවීන් මැතිව් සහ දුවිඳු රණතුරංග ද ඇතුළත්ව සිටිති. මේ අතරින් දුවිඳු රණතුංග හැරුණු කොට සෙසු ක්‍රීඩකයින් තිදෙනාම බටහිර ඉන්දීය කොදෙව් දූපත්විහ පැවැති අවු. 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරමින් අත්දැකීම් අතින් බහුල ක්‍රීඩකයෝ වෙති.

මෙම තරගාවලියේ තම කණ්ඩායමට මුහුණ දීමට තිබෙන වැදගත්ම කරුණක් බවට පත්ව ඇත්තේ ‌දිවා/රාත්‍රී තරග කීපයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවී තිබීම බවද මුබාරක් සඳහන් කර සිටියි. ඇතැම් විට ලෝක කුසලාන තරගාවලියේදී පවා දිවා රාත්‍රී තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් තිබෙන බැවින් මෙය ඊට හොඳම පෙර සූදානමක් බවද මුබාරක් සඳහන් කර සිටියේය.

“ඇත්තටම මේ තරගාවලියේදී අපි දිවා/රාත්‍රී තරග කීපයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ නිසා රාත්‍රී කාලයේදීත් පුහුණුවීම් කරලා ඒ අභියෝගයට මුහුණ දෙන්න අපිට සිදුවුණා. ඇතැම් විට අපිට ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදීත් දිවා/රාත්‍රී තරගවලට ක්‍රීඩා කරන්න සිදුවේවි. ඒ සියල්ලටම අපි කණ්ඩායමක් විදියට මේ වන විට ‌ඉතා හොඳින් සූදානම් ව සිටිනවා” යැයිද මුබාරක් පවසයි.

“මෙවැනි සංචාරයන් පාසල් වයසේ සිටින 19 න් පහළ ක්‍රීඩකයින්ට හොද අවස්ථාවක්. විශේෂයෙන්ම ලංකාවෙන් පිට දිවා/රාත්‍රී තරග ක්‍රීඩා කිරීමට හැකියාව ලැබීම මං හිතන්නේ 19 න් පහළ ළමයෙනක්ට ලොකු අවස්ථාවක්. මොකද අපි දන්නවා ඉදිරියේදී විස්සයි-20 සහ එක්දින තරග වලට ගොඩක් ක්‍රීඩා කරන්න සිද්ධ වෙනවා. සමහර විට 19 න් පහළ ලෝක කුසලානයත් දිවා රාත්‍රී තරග පෑවත්වෙන පුලුවන්. ලෝක කුසලාන තරගාවලියේදී මේ අත්දැකීම් ඔවුන්ට සෑහෙන්න වැදගත් වේවි” යැයි මුබාරක් කියයි.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව සහභාගිවන පළමු තරගය හැර මූලික වටය යටතේ සහභාගිවන අනෙක් තරග 3 ම දිවා/රාත්‍රී තරග ලෙසින් ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවට පසුව ටෙස්ට් වරම් දිනාගත් රටවල් බවට ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය පත් වුවත්, ඔවුන්ව අවතක්සේරුවට ගෙන සැලකිය නොහැකි බවද මුබාරක් අවධාරණය කර සිටියි. “ඇෆ්ගනිස්තාන් සහ බංග්ලාදේශ කණ්ඩායම් අවතක්සේරුවට ගන්න බැහැ. විශේෂයෙන් ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතීරුවල හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා ඒ තණතීරු ඔවුන්ට හුරු සහ උචිත තණතීරු. ඉතිං අපිට තරගාවලිය දිනන්න නම් දක්ෂතම තරගයක් ලබා දෙන්න ඕන” යැයිද ප්‍රධාන පුහුණුකරු සඳහන් කර සිටියේය.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest