slc
logo
Home   |    News
ජූලි 31, 2023
ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැන්න ගාම්භීර පූර්වකව ඇරැඹේ

sinhala editor

දේශීය සංස්කෘතියට මුල්තැනක් දෙමින් දෙස් විදෙස් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක සහභාගිත්වයෙන් යුත් සිව්වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (30) මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූයේ ගාම්භීරවූ සාමාරම්භක උලෙළකිනි.

ලංකා ප්‍රිමියර් ලීග් තේමා ගීතය “ක්‍රිකට් ලොව කළඹා එක්ව ජයගමු“, සිංහ ලෝකයේ සිංහයා බලා ඉන්නේ ඔබ දිහා“, “මැණිකේ මගේ හිතේ“ යනාදී ක්‍රිකට් ක්‍රීඩා ලෝලීනගේ හදවතට සමීප ගීත සහ ගැයුම් ද ජැෆ්නා, කළම්බු, කැන්ඩි, ගෝල් සහ දඹුල්ල ප්‍රදේශයන් නියෝජනය කරන කණ්ඩායම් ආශ්‍රිත පළාත්හි සංස්කෘතිය ඔප් නංවන නැටුම් අංගයන්ගෙන් ද සමාරම්භක උලෙළ විචිත්‍රවත් විණි.

සමාරම්භක උලෙළ තවත් විචිත්‍රවත් වූයේ උඩරට, පහතරට නැටුම්, දේශීය සහ විදේශීය සම්මිශ්‍රණ වාදනයන් සහ ගිණිකෙළි සංදර්ශනයන්ගෙනි. කණ්ඩායම් පහේ නායකයන් පිටියට පිවිසියේ තම පෙදෙස්හි සංස්කෘතියට සහ ආගමට මුල්තැනක් දෙන විවිධ වූ වතාවන් සිහිපත් කරවමිනි.

ලොව පුරා රටවල් රැසක සංවිධානය වන ප්‍රිමියර් ලීග් තරගාවලියන්ට නොදෙවැනි ලෙස සංවිධානය කර අද (30) කොළඹ නගරයේදී ආරම්භ වූ සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා විවිධ විකාශන මාර්ගයෙන් නරඹන සහ සවන්දෙන පිරිස කෝටි සංඛ්‍යාවකි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සිව්වන වතාවටත් සාර්ථකව සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රථම එල්.පී.එල්. තරගාවලියේ සම සභාපති අනිල් මොහාන් 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩංවල යන මහත්වරු සමාරම්භක උලෙළට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූ අතර අලංකෘත වූ කුසලානය නිරාවරණය කරන ලද්දේ ද ඔවුනගේ ප්‍රධානත්වයෙනි.

තරගාවලිය නැරැඹීමට ද 15,000 කට ප්‍රේක්ෂකයන් රැසක් පැමිණ සිටි අතර තරගයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහාත්, රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහාත් පිරිනැමීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබිම මෙම තරගාවලියේ ඇති සුවිශේෂීත්වයක් වේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සමාරම්භයේ සිටම වසරින් වසරම වැඩි ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර 2023 වසර ඒ සියල්ල අභිබවා යනු ඇතැයි තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩංවල මහතා සමාරම්භක උත්සවයේදී සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • පියුමි වත්සලාගෙන් ශතකයක්: සුගන්ධිකා පතිරණගෙන් ලකුණු 5ට කඩුලු 6ක්
    කාන්තා ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පානදුර – බදුරලිය – යුද හමුදා – කෝල්ට්ස් – ගුවන් හමුදා ජය ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා […]
  • සීසීසී කාන්තා පිලට ලකුණු 148ක දැවැන්ත ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ පන්දු 55කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 62ක් ලැබූ කොළඹ ක්‍රිකට් සමාජයේ (සීසීසී) කෞෂනී නුත්‍යාංගා […]
  • මහනුවර පරාජය කළ ගාල්ල දෙවැනි තැනට
    කොළඹ උතුරෙන් දඹුල්ලට ප්‍රහාරයක් මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ […]
  • බී.ආර්.සී. – නුගේගොඩ ජය ගනිති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) දිනයේදී ජයග්‍රහණ දෙකක් අත්කර ගැනීමට බී.ආර්.සී. සහ නුගේගොඩ කණ්ඩායම් සමත් විණි. මොවුන් මෙම […]
USD United States (US) dollar

Pin It on Pinterest