slc
logo
Home   |    News
අගෝස්තු 27, 2023
ගරුක සංකෙත්ගෙන් සුපිරි පන්දු යැවීමක්

sinhala editor

Chamila Karawita reporting from Dambulla

ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒක්ව සිටින වේග පන්දු යවන ගරුක සංකෙත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීමත් සමඟ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (27 දා) ආරම්භ වුණු පළමු පන්දුවාර 50 තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලකුණු 223 කට සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබිණ.

ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කරන ලද දකුණත් වේග පන්දු යවන ගරුක සංකෙත් පළමු පන්දු යැවීමේ වාරයේදී පන්දුවාර 3 ක් ක්‍රියාත්මක කළද කඩුලු දවා ගැනීමට හැකියාවක් නොලැබිණ. ඒහෙත් 18 වැනි පන්දුවාරයේදී නැවත පන්දු යැවීමට පැමිණි සංකෙත් සාර්ථක වෙමින් යවන ලද පන්දුවාර 5 දී ලකුණු 17 කට කඩූ 4 ක් දවා ගැනීමට සමත්විය.

ගරුකගේ මෙම පන්දු යැවීම නිසා කඩුලු 2 කට ලකුණු 82 ක් වශයෙනි තිබූ කොදෙව් ලකුණු ුවරුව ලකුණු 96 දී කඩුලු 6 ක් ලෙසින් සටහන් විය. ඒතැන් පටන් පිටියට ඒක් වූ නේතන් සීලි (75) සහ ටරික් ඒඩ්වර්ඩ් (27) 7 වැනි කඩුල්ල වෙනුවෙන් වටිනා ලකුණු 74 ක සම්බන්ධතාවත් පවත්වමින් කොදෙව් ලකුණු පුවරුව 200 ඔබ්බට රැගෙන යෑමයට අවශ්‍ය අඩිතාලම ඒක් කළහ. පන්දු 104 ක් ඒම සම්බන්ධතාව සඳහා වැය වුණිද කොදෙව් කණ්ඩායම සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඒය කදිමට ඉවහල් විය.

ගරුකට අමතරව පන්දුවෙන් දස්කම් දැක්වූ අනෙක් වේග පන්දු යවන්නා වන දිනුර කලුපහන ලකුණු 45 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ඒ් හැරුණු විට විශ්ව ළහිරු සහ මල්ෂ තරුපති ඒක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ඉනිමේ වැඩි ලකුණු ලාභියා‌ වූයේ නේතන් සීලිය. ඔහු පන්දු 82 කදී ලකුණු 75 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් තම ඉනිමට ඇතුළත් කරමිනි.

ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ 4 6
ඒ්ඩ්‍රියන් වෙයර් ඇ.විශ්ව රාජපක්ෂ ප.විශ්ව ළහිරු 32 45 4 2
ස්ටෙෆාන් පැස්කල් ඇ.සර්ජුන් ශම්මුගනාතන් ප.ගරුක සංකෙත් 29 36 4 0
ජොශුවා ඩොර්න් ප.මල්ෂ තරුපති 0 3 0 0
ජෝර්ඩන් ජොන්සන් ඇ.දිනුර කලුපහන ප.ගරුක සංකෙත් 18 28 2 0
ස්ටීව් වෙඩර්බර්න් ප.ගරුක සංකෙත් 0 2 0 0
‌ජුවෙල් ඇන්ඩෘ ඇ.විශ්ව රාජපක්ෂ ප.ගරුක සංකෙත් 11 25 0 1
නේතන් සීලි ප.ගරුක සංකෙත් 75 82 5 3
ටරික් ඒඩ්වර්ඩ් ඇ.සහ ප.දිනුර කලුපහන 27 53 1 0
නේතන් ඒඩවර්ඩ් ඇ.සරුජන් ශම්මුගනාතන් ප.දිනුර කලුපහන 9 9 1 0
රියෝන් ඒඩ්වර්ඩ්ස් නොදැවී 9 10 1 0
ඉසායි තෝර්න් ඇ.සිනෙත් ජයවර්ධන ප.දිනුර කලුපහන 1 2 0 0
අතිරේක 12
ඒකතුව පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 223
කඩුලු වැටීම / 1-58 (ඒ්ඩ්‍රියන් වෙයර් 11.4), 2-59 (ජොෂුවා 12.4), 3-82 (පැස්කල් 17.3), 4-82 (වෙදර්බර්න් 17.5), 5-87 9ජොන්සන් 21.6), 6-96 (ඇන්ඩෘ 23.6), 7-170 (41.2ටරික් 41.2), 8-182 (නේතන් 43.3), 9222 (නේතන් 48.5)
පන්දු යැවීම
ගරුක සංකෙත් 10-0-48-5 දිනුර කලුපහන 8.1-0-45-3
විශ්ව ළහිරු 10-3-28-1 මල්ෂ තරුපති 10-0-27-0
විහස් තෙව්මික 10-0-27-0 විශ්ව රාජපක්ෂ 2-0-20-0

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

USD United States (US) dollar