slc
logo
Home   |    News
සැප්තැම්බර් 25, 2023
ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා රිදී පදක්කම දිනති

sinhala editor

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද සමත් වූහ. ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාව සතු කරගත් පළමු අවස්ථාව මෙය වන අතර, මෙතෙක් ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් හොදම දක්ෂතාව වූයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමය. 2014දී කොරියාවේ ඉන්චියෝන් ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා කාන්තා පිල ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව මෙවර රිදී පදක්කම දිනා ගැනීම වටිනා පියවරක් ඉදිරියට තැබීමකි.

චීනයේ හැන්ග්ෂූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සමග පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිල ලකුණු 19කින් පරාජය වූ හෙයින් මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාව සතුවිය. ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම දිනාගත් පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

රන් පදක්කම වෙනුවෙන් පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා අවසන් මහා සටනේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා පිල ඕවර් 20කදී ලකුණු 116ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 97ක් ලබා ගත්හ.

ඉන්දීය පිලේ ශ්‍රීමතී මන්දනා පනුදු 45කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමග ලකුණු 46ක් ලබාගත් අතර, ජෙම්මා රොඩ්‍රිගස් පන්දු 40කදී හතරේ පහර 5ක් සමග ලකුණු 42ක් වාර්තා කළාය. පිළිතුරු ඉනිම හඹා යෑමේදී ශ්‍රි ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පන්දු 12කදී හයේ පහරක් හා හතරේ පහරක් සමග ලකුණු 12ක් ලබාගත් අතර, අනුෂ්කා සංජීවනී හා විශ්මි ගුණරත්න අසාර්ථක වූහ. හෂිනි පෙරේරා (ලකුණු 25) හා නිලක්ෂී ද සිල්වා (ලකුණු 23) සිවුවැනි කඩුල්ලට පන්දු 33කදී ලකුණු 36ක් ලබාගත් අතර, ඕෂධී රණසිංහ හා නිලක්ෂී ද සිල්වා එක්ව පසුවැනි කඩුල්ලට පන්දු 38කදී ලකුණු 28ක් එක් කළහ. අනෙක් පිතිකාරියන් අසාර්ථකත්වයට පත්වීමෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට පරාජය වැළදගන්නට වූවේය.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ලෝකඩ පදක්කම පසුගිය ශූර පාකිස්තානය කඩුලු 5කින් පරාජය කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ හිමිකර ගත්හ. බංග්ලාදේශය අවසන් වරට පැවැති ආසියානු ක්‍රීඩා උලෙළ දෙකේදීම රිදී පදක්කම දිනාගත් අතර පාකිස්තානය එහි රන් පදක්කම දිනා තිබිණි. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ පිල මුලින් පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළ බැවින් කඩුලු 9කට ලකුණු 64ක් ලබා ගත්තේය. අනතුරුව බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ලකුණු 65ක ඉලක්කය සපුරා ගත්හ.

ඉන්දීය කාන්තා පිල කඩුලු 7කට ලකුණු 116 (ඕවර් 20) – ශ්‍රීමතී මන්දනා 46, ජෙම්මා රොඩ්‍රිගස් 42 ( උදේශිකා ප්‍රබෝධනී 216/2, සුගන්ධිකා කුමාරි 30/2, ඉනෝකා රණවීර 21/2)

ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 8කට ලකුණු 97(ඕවර් 20) – චමරි අතපත්තු 12, හෂිනි පෙරේරා 25, නිලක්ෂී ද සිල්වා 23, ඔෂධී රණසිංහ 19 (ටිටාස් සාඩූ 6/3, රාජේස්වරී ගයික්වාඩ් 20/2)


Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar